හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධාරියෙකු ගැන බි්රතාන්යයේ වෙස්මිනිස්ටර් ප්‍රදේශයේ සිටී.
හිටපු රාජ්‍ය ලේකම්වරිය බි්රතාන්යයට පැමිණ තිබෙන්නේ තමන්ට ප්රදානය කෙරෙන සම්මානයක් ලබා ගැනීමටය.එම උත්සවයට සහභාගී වී සිටිනාතුර තමන් පැමිණි මෝටර් රථය අසල රථ ගාලක නතර කළාය.
මෝටර් රථය නියමිත වේලාවද ඉක්මවා රථ ගාලේ නතර කර තිබෙනු දුටු පොලිස් නිළධාරියෙක් ඒ බැව් සටහන් කර මෝටර් රථයේ වීදුරුවේ දඩ කොළයක් රැදවීය.
එක්වනම අසල පිහිටි වෑන් රථයකින් පිටතට පැනගත් ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු මේ හිලරි ක්ලින්ටන්ගේ රථය යැයිද එවැනි ප්‍රභූවරියකට දඩ කොළ නිකුත් නොකළ යුතු යැයිද පවසමින් පොලිස් නිළධාරියා ඉදිරියේ ගෝරනාඩු කර ඇත.
නමුත් ඔවුන් තඹයකටවත් මායිම් නොකළ ඇති පොලිස් නිළධාරියා පවසා ඇත්තේ නීතිය සැමට එක සමාන බවයි.
පොලිස් නිළධාරියා කැදවා ප්‍රශ්න කිරීමට බි්රතාන්යය බුද්ධි අංශ කටයුතු කර ඇතත් වෙස්මිනිස්ටර්හි නගරාධිපති පවසන්නේ පොලිස් නිළධාරියා කිසිදු වරදක් කර නොමැති බවයි.
සමාජයේ කුමන තලයක සිටියද කුමන තනතුරු දැරුවද නීතිය නම් සැමට එක සේ කි‍්‍රයාත්මක විය යුතුම බව නගරාධිපතිගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා දන්නේ නෑ දැන් ලංකාවෙත් ඔහෝම වෙනවා (අ)
සුදු වැන් වලින් ද කට්ටිය බැස්සේ..... (ස)
බමුණු, බුද්ධි අංශ මේ ගැන බලන්න ඇත්තේ ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන් බොහෝවිට. නැතුව ඒ පොලිස් නිලධාරියට විරුද්ධව ක්‍රියා කිරීමේ අරමුණෙන් නොවේ. (ස)
දඩ කොළ නෙවෙයි දණ්ඩකින් දෙන්නයි වටින්නේ(දිල්)
කොහොම වුණත් හරි දේ සිදුවෙලා තිබෙනවා. මෙය පළමු වතාව නොවෙයි. අගමැති බිරිඳක් ටිකට් නොමැතිව දුම්රියේ ගොස් දඩ ගෙවුවා මතකද? (නි)
කොහොම වුණත් අපි අතරේ පොඩි සංවාද ඇතිවීමට ඉඩදීම ගැන ලංකාදීපයට ස්තූති කරනවා. නැත්නම් ලිවීම නීරස වෙනවා. (නි)
" බුද්ධි අංශ මේ ගැන බලන්න ඇත්තේ ආරක්ෂාව පැත්තෙන් වෙන්න පුළුවන් බොහෝවිට. නැතුව ඒ පොලිස් නිලධාරියට විරුද්ධව ක්‍රියා කිරීමේ අරමුණෙන් නොවේ". ඇයි මේ වගේ දේවල් මීට ප්‍රථම වෙලා නැතුවාද? (නි)
උපාලි, මොකක්ද නියම සුද්දා සහ ගොඩ සුද්දා කියලා කියන්නේ? මොකද ඔයා එංගලන්තයේ ඉන්න නිසාද? (නි)
මෙතන නිර්බිත කමක් නැ.රථය පාක් කරලා තිබුන තැන වැරදි නිසා දඩ කොලේ ලිවුවා.වැරදි තැන රථය නවතා තිබෙනවා දැක දැක අහක බලාගෙන යන්න බැනේ.මේ දඩ කොලය ලිවේ හිලරි නෝනට එරෙහිව නොවේ,රියදුරාට විරුද්දවයි.අපේ රටේ මෙවැනි නිත්‍ය ක්‍රයාත්මක නොවන්නේ,දෙසපලකයන් ගේ රියදුරෝ සහ ආරක්ෂකයෝ චන්ඩි නිසා.(අ)
අද හෙටම ..සුද්දන්ට එන්ඩ කියමු, අපෙ රට බලන්ඩ කියමු, බලා ලා ඉගෙන ගන්න කියමු අපි. (ස)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපෙ කට්ටිය බිමින් යන්නේ නෑ. ඒක හින්දා දඩ ගහන්නේ නෑ (නි)
ජයරංග, ඒ එක කට්ටියකට පමණයිනේ. (නි)
ලංකාවේ එහෙම වුණත් එන්ගලන්තෙ එහෙම වෙලා නැහැ (නි)
ඕක කවදාවත් එංගලන්තයේ සුදු මිනිහෙක් නම් කරන්නේ නැහැ. එංගලන්තය හා ඇමෙරිකාව ගජ මිතුරන් නේ... (නි)
අන්න මිනිස්සු (නි)
මෙන්න ත්‍රිවිධ හමුදාවට,පොලිසියට, විශේෂයෙන් ඇමතිවරුන්ට දෙන්න ඕනෑ නියෝගය හෝ පණිවුඩය. (නි)
ඇත්තටම මේ දඩ කොලය නිකුත් කල තැනැත්තා පොලිස් නිලදාරියෙකු නොවේ. ඔවුන් හදුන්වනු ලබන්නේ රථ ගාල් පරීක්ෂකවරු හැටියටයි. ඔවුන් සේවය කරනු ලබන්නේ ප්‍රදේශයේ නගර සභාවට අනුබද්දිතවයි.මොවුනේ රාජ කාරිය වනුයේ කාලය ඉක්මවා රථ ගාල් වල නවතා ඇති වාහන ,වැරදි ස්ථාන වල නවතා ඇති වාහන වලට දඩ කොළ නිකුත් කිරීමයි. මොහු අතේ ඇති කුඩා ප්‍රමාණයේ පරිගණකයට වාහනයේ සියලුම විස්තර [වේලාව,ස්ථානය] ඇතුලත් කරයි. ඉන් පසු එම සියලුම දත්ත චන්ද්‍රිකා [සැටලිට්] මාර්ගයෙන් නගර සභාවේ ඇති පරිගණකය වෙත යවනු ලබයි. ඔහුගේ පරිගණකයට එම දත්ත ඇතුලත් කිරීමෙන් පසු , රියදුරන් පැමිණ කොතරම් පින්සෙන්ඩු වුවත් ඔහුටවත්, එම දඩ කොලය නැවත වෙනස් කිරීමට බැරිය.ඒ මන්ද සියලු විස්තර නගර සභාවේ පරිගකයේ සටහන්වී අවසානය. ප්‍රදේශයේ නගරාධිපති මේ සිද්දියට සම්බන්ද වන්නේ ඒ නිසාය. (ස)
ඔන්න පාඩම් අපිට ගන්නවා නම් නියම බ්‍රිතාන්‍ය සුද්දන්ගෙන්. හිලරි එක්ක ආපු ඇමෙරිකන් ගොඩ සුද්දෝ වාද කරලා නා ගත්තා. (ස)
සමහර විට ඇමෙරිකාවෙ නිතිය බල්ලන්ට ගිහින් ඇති. උන් කොහොමත් එකක් කියලා තව එකක් කරන උන් නේ. (ස)
ඒකනේ උන්ට සුද්දෝ කියන්නේ... (ස)
සැමටම එක ලෙස නිතිය ඉෂ්ට කිරීමට ක්‍රියා කරන නිසා තමයි මෙම රටවල හොරකම් , මැරකම් , දුෂණ අඩුවී රටවල් දියුණු වෙලා තිබෙන්නේ. (ස)
එහේ එහෙමයි. මෙහේ මෙහෙමයි . (ස)
හිලරිට ආචාර්ය උපාධියක් තිබ්බොත් පොළිස් නිලධාරියාට වන දේ සිතා ගන්නවත් බෑ (ස)
ලංකාවේ ඔහොම උනා නම් ඇඩ්රසුත් නැහැ. (ස)
හරියට ලංකාව වගේමයි. නීතිය කාටත් එකයි. (ස)
හොඳ පොලිස්කාරයෙකුයි, නගරාධිපති කෙනෙකුයි නියමයි. (ස)
මේ නීතිය ලංකාවෙත් සක්‍රීය වෙනවා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. (ස)
බමුණු, "බුද්ධි අංශය" මෙයාව කැඳවිය යුතුමයි නේද? විනය පරීක්ෂණ තියන්න නෙමෙයි. මෙයා කිසියම් කෙනෙකුගේ හෝ සංවිධානයක බලපෑම හෝ උවමනාව මත කල දෙයක් ද යන්න ඔවුන් සොයා බැලිය යුතුමයි. මේක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට බල පෑ හැකි ප්‍රශ්නයක් නිසා. ඔබ කියන දේ නෙමෙයි එතන සිදු වෙන්න ඇත්තේ. (ස)
"පොලිස් නිළධාරියා කැඳවා ප්‍රශ්න කිරීමට බි්රතාන්යය බුද්ධි අංශ කටයුතු කර ඇතත් " මේකෙන් තේරෙන්නේ නීතිය නම් සැමට එක සේ කි‍්‍රයාත්මක නොවන බැව් නේද? ඇයි නිළධාරියා කැදවා ප්‍රශ්න කිරීමට බි්රතාන්යය බුද්ධි අංශ කටයුතු කලේ? (ස)
නීතිය හැමොන්ටම එක වගේ ක්‍රියාත්මක කරනවා කියන මෙයාල ලංකාව එක විදිහකටත් අනිත් රටවලට වෙන විදිහකටත් සලකනවා කියන එක අපි දන්නවා, (ස)
දියුණු රටවල් හැම එකකම මේ වගේ හොඳ නීතියක් තියෙනවා. පදනම නීතිය සැමට එකයි. බටහිර රටවලට බැන බන සංස්කෘතිය හොඳ නෑ කිය කියා අපි කොහෙද ඉන්නේ. (ස)
හිරේට දාන්න තිබුණේ මැද පෙරදිග කෑවා........... (ස)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)