ලොව ප්‍රබලම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් දෙකක් ලෙස සැලකෙන ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍යලේකම් හිලරි ක්ලින්ටන් නිල සංචාරයක් සඳහා ඊයේ(06) ඉන්දියාවට පැමිණියාය. මෙම සංචාරයේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සහ අධ්‍යාපනික සහයෝගීතාව නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය. ආසියාවේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව මූලෝපායික වශයෙන් වැදගත් පාර්ශවකරුවකු ලෙස ඇමෙරිකාවට වැදගත් වන බව ක්ලින්ටන් වැඩිදුරටත් පැවසුවාය. ඇය ඉන්දියාවට පැමිණ සිටින්නේ ඉරාන වෙළෙඳ නියෝජිත පිරිසක් මේ සති අන්තයේදී ඉන්දියාවට පැමිණීමට සූදානම්ව සිටින මොහොතකය. ඇමෙරිකාවට මේ වනවිට අවස්ථා කිහිපයකදීම ඉරාන-ඉන්දීය තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර ඉරානය සම්බන්ධයෙන් සම්බාධක ද පනවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර නිරීක්ෂණය කරන්න වෙන්න ඇති
ලංකාවට තවත් ලෙඩක් වැටෙයි වද්ද?
අනේ මන්දා තමන්ගේ රටවල් වල වැඩ නැද්ද කියලා