ඇමෙරිකාවේ නාසා ආයනය පවසන්නේ විශ්වය මෙතෙක් සිතා සිටියාට වඩා මනරම් බවයි.
හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ග්‍රහණය කැරගත් ප්‍රතිබිම්භ පරීක්ෂා කිරීමෙන් පසු එම ආයතනය මේ බව ප්රකාශකැර ඇත. නාසා ආයනය පවසන්නේ මිනිස් ඇසට සාමාන්‍යයෙන් දැකිය නොහැකි පාරජම්බූල කිරණ මේ ඡායාරූප ගැනිමේ දී සැළකිල්ලට ගත් බවයි. ඇතම් රූපවලින් ලා නිල් පැහැයෙන් බ්‍රමණය මන්දාකිණි පෙන්වන අතර ඒවායේ රූපය සකසන අවස්ථාව වන විට තවත් වසර බිලියන 10ක් පමණ වයසට ගොස් ඇති බවත් නාසා ආයතනය පෙන්වාදෙයි.
හර්බල් දුරේක්ෂයේ සේවයේ නිරත විද්‍යාඥ සොල්ට් ලිවේ පවසන්නේ පාරජම්බූල කිරණ භාවිතා කරමින් ඡායාරූප ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මිනිසුන්ට දැන් විශ්ව පුළුල් වර්ණාවලියක වර්ණයෙන් දැකිය හැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි ප්‍රශ්න අවශ්‍ය නැහැනේ. නාසා ආයතනයෙන් අහන්න විශ්වය මැවුවේ දෙවියන්ද කියලා (නි)
ප්‍රියන්කා, එක ඇත්ත. අනිත් එක එ්ක හොයල ඉවර කරන්න බැරි නිසා. දැන් එ්ක ඔප්පුවෙනවා. (ස)
මේ ලෝකය ඇතිවෙලා තියෙන්නේ විශ්වයේ නොයෙකුත් විපර්යාස මත.ඔය පින්තුරය ගැන විශ්මයට පත්විය යුතු මහා දෙයක් මට නම් නෑ. කවුරු හරි ඒක අගය කෙරුවට හෝ වැඳුම් පිදුම් කෙරුවාට මගේ කිසි අමනාපයක් නෑ. නමුත් ඇමරිකාව වගේ රටවල් අපි වගේ කුඩා රටවල් වලට කරන අකටයුතුකම් බොහෝමයි. ඇමරිකාව අපිව ගේ පුංචි රටවල් නොමග යවනවා කියන එකත් අවබෝධයෙන් සිටීම වැදගත්. (ස)
ලෝකය මැවූ දෙවියන් වහන්සේට දැන් මොනවා හිතෙනවාද දන්නෙ නැහැ නේද, අද කාලේ මිනිසුන් කියන කරන දේවල් දුටු විට? (නි)
අපි කොහොමත් පුරුදුවෙලා ඉන්නේ අපිට පෙනෙන මානයේ තියෙන දේවල් වල සුන්දත්වය දකින්න නෙමෙයි. නොපෙනෙන බොහෝ ඈතක තිබෙන අනුන් ලස්සනයි කියන දේවල් පිළිගන්න. ඊට පෙර ඔබ අවට පරිසරයේ සුන්දරත්වය නරඹන්න. එය කෙතරම් අපුරු නිර්මාණයක්ද? (නි)
ඉන්දික, මීට වැඩිය ලස්සන දේවල් තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ආලෝකය කියන්නේ ශක්තියක්. එය කාටවත් විනාශ කරන්න බැහැ, තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා මිසක් (නි)
තව පින්තුර තියෙනවානම් දාන්න (දී)
විද්‍යාව තුල සුන්දරත්වයත්, සුන්දරත්වය තුල විද්‍යාවත් කැටි වුනු මේ විශ්වයේ අපුර්වත්වය, සුන්දරත්වය, විශ්මය දැකිය හැකි වනුයේ විමසිලිමත් දැසකට සහ සුන්දර හදවතකට පමණි. (දී)
සිරියලතා ,,,දන්නේ නැතිනිසා අහන්නේ .දෙවියෝ ලෝකය මවල තියෙන්නේ කොහේ ඉදන්ද? (දී)
දෙවියන් ඇතිද නැතිද බුදුන් හිටියද නැතිද කියල අපි දන්නේ නැහැ අපි ඇහැට දැකලත් නැහැ අපි දන්නේ පොත් පත්වල ලියල තියෙන දේ අනුවිදෙවියන් බුදුන් ගැන දන්නේ නමුත් යම් කිසි විස්වාසයක් හිතේ තියාගෙන ජීවත් වුනාම යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන් (දී)
චන්ඩි--- සත්යවාදියකු දකින්නෙ මුලාවක් නමුත් සත්‍ය අවබෝධකරගත් කෙනෙක් දකින්නෙ නියම යතාර්ථය ඒක තමා විසින්ම දැකියයුතු දහමක් (දී)
ඒක වෙන්නැති අනුන්ට පෙන්නන්න ගියේ නේද මල්ලි...!!(දී)
තවත් චායාරූප ඇත්නම් පල කරන්න (දී)
සැබවින්ම විශ්වය විස්මයක්මය. මිනිස් සිරුරද එසේම අසිරිමත්ය. විස්මය දනවයි. මෙම බඹයක් පමණ වූ සිරුර තුලින් විශ්වයම දකින්නට හැකි බවද බුදු හිමියන් දෙසුවේ දැනට වසර 2600 ටත් පෙරය. එබැවින් විශ්වය ගැන සෙවීම අති දුෂ්කර කටයුත්තක් බවද එතුමාණෝ පෙන්වා දුන්හ. (නි)
සමන්ත ---පිලිකා මත් කුඩු ඩෙංගු මත්වතුර මෙකීනොකී සියලුම ජරාවල් මැව්වෙත් දෙවියන්වහන්සේ ද (දී)
මිනිසාට තේරුම් ගන්න බැරි හැමදෙයක්ම දෙවියන්ට බාර දුන්නානේ. කොහොම වුණත් මම නම් කියන්නේ දෙවියන්ව මැවුවේත් මිනිසායි. (නි)
ඔව්. බුදු රජාණන් වහන්සේ විශ්වය ගැන එ්කේ ආරම්භය ගැන හොයන්න එපා කීවා. හේතුව නිවන් අවබෝධය ඊට වඩා වටිනා නිසා. විශ්වය ගැන හොය හොයා කාලේ නාස්ති කරන්න එපා කියල දේශනා කලා. (ස)
ඇමෙරිකාව දැන් අඟහරු ලෝකෙටත් යන්න හදනවා. තාම අපේ සමහර කට්ටියට හඳට යන්න තියා හඳට ගියා කියල විශ්වාස කරන්නවත් දැනුමක් හෝ බුද්ධියක් නැති එක ගැන දුකයි. (නදී)
නදීක මහතාණනි ; දෙවියන් වහන්සේලා කොහොමද විශ්වය මවන්නේ දෙවියන් වහන්සේලා උදව් උපකාර සහ පින් බලා පොරොත්තු වෙන්නේ මනුෂ්ස්වයන්ගෙන් බව ඔබ නොදන්නේද ? (දී)
අසංග , දෙවියන් වහන්සේලා කොහොමද මෙව්වා මවන්නේ (දී)
ශම්මි මුබාරක් වෙතය :බුදු රදුන්ට නිගා නොකොට තමන්ගේ අල්ලා ගැන හිතන්න :පුරුදු වෙන්න (දී)
ඇත්තටම විශිෂ්ඨයි (දී)
දෙවියන් වහන්සේට ඔව්ව කරන්න පුළුවන් නම් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේරුවෝ මොකටද ?
ලස්සන සැමදෙ මොහොතක සුව දේ (දී)
බුදු රජාණන් වහන්සේ හිටිය කියල ඔප්පු කරන්න ඕනෑම තරම් සාධක තියෙනවා. ඒවා ඔප්පු කරලත් තියෙනවා. අනිත් එක බුදු දහමේ එකක්වත් බොරු කරන්න කිසිවෙකුට බෑ. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම අභියෝග කෙරෙනවා (අ)
මේ හැම දෙයක්ම මවන්න වෙනම කවුරුවත් හිටියෙ නෑ. පඨවි,ආපෝ,තේජෝ,වායෝ වලින් තමා මේව මැවුනෙ. දෙවියෝ කියන්නෙ මිනිසාගෙ මැවීමක්. සඳ මැවුනේ කොහොමද කියලා අලුත්ම මතයක් ලංකාදීපයෙම තියෙනවා...(නදී)
අයියෝ එහෙනම් මුබාරක් ගේ ආච්චි ගේ ආච්චි මුබාරක් දැකල තියෙනවද? මුබාරක් කියන විදියට මුබාරක් ට ආච්චිගේ ආච්චි ඉදල නැ.දැකපු කෙනෙක් නැනේ . (අ)
බමුණු ආරච්චි ඔබේ අදහස ඉතා නිවැරදියි දෙවියන් වහන්සේ යනු මිනිස් මනසේ නිර්මානයක් (දී)
සසර ගමන කෙටි කරන නිවන් මගට පැමිණෙන්න මීටත් වඩා ලස්සනට විශ්වය බලන්න පුළුවන් (දී)
සුන්දරයි ................ (දී)
ගොඩක් හොඳයි (නි)
ලෝකෙ මෙච්චර දැනුම අතින් දිව්ණු වෙලා තියෙද්දීත් අපේ සමහර මිනිස්සු තාමත් හිතන්ඉන්නේ දෙය්යෝ විශ්වය මැව්වා කියලා. (දී)
දෙවියන් වහන්සේ මේ වගේ ලස්සනට විශ්වය කොහොම මැවුවද කියල හිතාගන්ඩත් බැහැ. මතක් වෙනකොට ඇගේ මයිල් කෙලින් වෙනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න දෙවියන් වහන්සේට විශ්වය මවන්න කොතරම් කාලයක් ගතවුනාද කියලා. (දී)
මේක පුදුම ලෝකයක්නේ...හරි පුදුමයි (නි)
දෙවියන් වහන්සේගේ මැවීම් වල අපුර්වත්ය මෙයමයි ! ඔබට ස්තුති වේවා! (දී)
විස්මිතයි විශ්වය. (දී)
වැඩක් නෑ නේ. දකින ලස්සන මවපු ග්‍රහ වස්තු දැන් නැතුව ඇති. මොකද අහැට ඕව එනකොට ආලෝක වර්ෂ මිලියන ගානක් යනවලු. (දී)
තව චායාරූප ටිකක් දැම්මනම් ගොඩක්ම හොදයි . (දී)
අපි දන්න දේ එයාල හොයාගත්තා වගෙ අපිටම කියන්න ඔය ආයතන පුදුම කෑමත්තක් තියෙන්නෙ..........හෑබෙයි ඉතින් දිව්‍ය ලෝක සුර ලෝක ගෑන අපි මොකක් හරි කිව්වොත් ඒවා මිත්‍යා කියල කියන්නත් ඒ අය සෑදී පෑහෙදී ඉන්නවා... (දී)
ඔය ලස්සන දැන් නැතුව ඇති. මොකද අලෝක්වර්ෂ මිලියන ගණනක් ඈත තියෙන ඒවායේ ආලෝකට අපිට එනවිට ඒවා විනාශ වෙලත් ඉවර වෙන්න පුළුවන්. මේවා මායාවන් විතරයි. මිට වැඩිය ලස්සන දේවල් මේ ලෝකෙම තියෙනවා. (දී)
ඒගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝම ලස්සනයි කියනවා. අපි කට අරගෙන බලාගෙන ඉන්නවා !!! (දී)
ඒක ඇත්ත. මේ මහ පොළොව හරිම සුන්දරයි (නි)
මේ ඡායාරූපය දුටුගමන් හිතුනේ, බුදු බණ තුළ ඇතුළත් විශ්වය ගැන විස්තරය කොතරම් ඇත්තක්ද කියාය (නි)
@නදීක ප්රෘථිවිය විතරයි මැව්වෙ. (දී)
දෙවියෝ මැව්වේ කවුද එතකොට ! (දී)
කවුරු හරි හිතනවා නම් මෙම විශ්වය කවුරු හරි මවපු දෙයක් කියලා එම ඇදහීමට කවුරුවත් බාධා නොකළ යුතුයි. නමුත් සත්‍ය නම් සියලුම ද්‍රව්‍යයෝ ස්වබාවධර්මයට අයිති වන අතර කිසිවකු විසින් කිසිවක් මවා නැති බවයි.(දිල්)
අනේ ඇත්තද ? (නදී)
දේව කතා වැඩක් නැහැ විශ්මිතයි (දී)
දෙවියන් ව මැව්වේ කවුද, කවදද? කොහොමද? දෙවියෝ මැව්වා නම්, අද වෙන කොට මිහිතලයෙන් වඳවී ගිය ගහ කොළ සත සීපවත් නැවත දෙවියන්ට මවන්න නොහැකි ද? (දී)
විශ්වය දෙවියන් විසින් මැවූ බව සමහර අය සිතන්නේ, දෙවියන්ගේ කැමැත්ත නිසා ද! (දී)
කට්ටියම පරිණාමවාදය ගැන සොයන්න. එතකොට ලෝකයේ ලස්සන දකින්න පුළුවන් වේවි (නි)
අමරිකාවනන් ඕක හොයන් තියෙන්නේ පට්ටම බොරු. ඇමරිකාව ඔය වගේ දර්ශන හදන්නේ ගෙවල් ඇතුලේ.නාසා ආයතනයනම් කියන්නේ ඊටත් වඩා බොරු. තාම එයාල හඳට ගිහිල්ලත් නැ...(අ)
විශ්වය තමයි අපට ජලය,උෂ්ණත්වය, සුළඟ, ආහාර ආදිය ලබාදෙන්නේ.ලෝකය තමයි අපේ සැබෑ දෙවියන් වන්නේ.... (නි)
අනේ ලක්ෂපාන, මොනවද මේ කියන්නේ? (නි)
මහින්ද, ලක්ෂපාන කියන කතාවේ ඇත්තක් තියෙනවා. 1969 හඳට ගියා කිව්වට ඊට පස්සේ ගිය එකක් වත් පත්තරේක හෝ නිවුස් වලට හෝ කියනවා ඇහිලා තියෙනවද? එත් කියනවා ඊට පස්සෙත් ගිහිල්ලා තියෙනවා කියල. අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවුවත් කියන එකේ, මේ වගේ ඒවා කියන්නේ නැත්තේ ඇයි ? ඇත්තටම 1969 ගියා කියන එක ගැනත් එරටේම වෙනත් මත තියෙනවා. ඒ වගේම නසා කියන්නේ සල්ලි හම්බකරන්න හොඳ උල්පතක්. එක පොඩි ප්‍රොජෙක්ට් එකකටත් කෝටි ගණන් හම්බ කරන්නේ. ඒගොල්ලෝ කියන ඒවා අපිට පිළිගන්න වෙනවා ඇරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා එක නැහැ කියන්න කාටවත් තාක්ෂණය දියුණු නැහැ කියල. (ස)
මේ පින්තුරය දැකපු ගමන් ඔබ බෞද්ධ නම් බුදුබණ සත්‍යක්මය සිතේ ඔබ කිතුණුවෙක් නම් දෙවියන් වහන්සේගේ මැවීම ආශ්චර්යක් යැයි සිතේ ඔබේ මුස්ලිම් නම් අල්ලාහ් දෙවියන්ගේ මැවීම් විශ්මය යැයි සිතේ. (ස) ඔබ සත්‍ය වාදියෙකු නම්? ඔබට කුමක් සිතේද ?
පින්තුර නම් ලස්සනයි. එත් මිත්‍යා දෘෂ්ටික කතා කියන කට්ටිය දැක්කම එයාල මේවා විශ්වාස කරන්න කොච්චර පව් කරලා තියෙනවද කියල හිතෙනවා. පව් අහිංසකයෝ. (ස)
දෙවියන් වහන්සේ තව මොනවද අනේ මවල තියෙන්නේ (දී)
බුදුරජාණන් වහන්සේ කියල තියනවා විශ්වය ගැන හිතන්න එපා කියල එ්ක ඇත්ත නේද? (ස)
සෑම තැනම ඔප්පුවන්නේ බුදු බණ සත්‍ය බවය. (ස)
දොරමඩලාව 20014.05.12 වැඩසටහන අහන්න. මෙම රූපයේ ගැන වගේම විශ්වය ගැන හොද අවබෝධයක් ලැබේවි. (ස)