ඔස්ට්‍රියාවේ පිහිටි නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් උපන් නිවස කඩා දැමීමට ඔස්ට්‍රියා රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට පෞද්ගලික අයිතිකාරියක භාරයේ පවතින තෙමහල් ගොඩනැගිල්ල නව නාසිවාදීන්ගේ කේන්ද්‍රස්ථානයක් වීම වැලැක්වීම සඳහා මෙම තීරණය ගැනීමට සිදුවූ බව ඔස්ට්‍රියා අභ්‍යන්තර ඇමැති පවසයි.
මෙම නිවස පවත්වාගෙන යනවාද නැද්ද යන්න දීර්ඝ සම්බන්ධව කාලයක් තිස්සේ විවිධ මතභේද පැන නැගී ඇති අතර හිමිකාරිය රජයට නිවස විකිණීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ. නමුත් අවසානයේ රජයේ තීරණය වී ඇත්තේ නිවස කඩාබිඳ දමා ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකළ යුතු බවයි. ඉදිකරන නව ගොඩනැගිල්ල පුණ්‍ය කටයුත්තක් සඳහා යොදා ගැනීමටද යෝජනා වී ඇත.
රජයේ මෙම තීරණය සම්බන්ධව බොහෝ විරෝධතාවයන් ඇතිවිය හැකි බව විචාරකයෝ පවසති. නාසි පාලනයෙන් ඔස්ට්‍රියාව නිදහස්වීම සම්බන්ධව කෞතුකාගාරයක් ගොඩනැගීම හෝ සරණාගත මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සම්බන්ධවද යෝජනා ඉදිරිපත් වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ අදහසක් ශ්‍රී ලංකාවේ තිස් වසරක් පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසානයේදී රජයේ හමුදා අල්ලා ගත් කොටි මර්මස්ථානත්, ගොඩනැගිලිත්, කෞතුකාගාර විදියට පරිවර්තනය නොකර විනාශ කල යුතුවෙනවා!(අ)
හිට්ලර් පගා ගැහුවේ නැත. ටෙන්ඩර් මගඩිවල යෙදුනේ නැත. කොමිස් ගැහුවේ නැත ස්විස් බැංකුවල මුදල් තැන්පත් කළේ නැත. කාඩයන් වගේ ජන සමාජයේ හැසිරෙන පුත්තු ඔහුට සිටියේ නැත. `රෙස්ට් හවුස් ඉන්ටවිව්` මගින් කෙල්ලන්ට ජොබ් දුන්නේ නැත. ඥාති හැතිකරේට රට උලා කන්නට දුන්නේ නැත. රටේ සම්පත් විදේශිකයන්ට වික්කේ නැත. ඔහු තම රටට සහ ජාතියට දැඩිලෙස ප්‍රේම කළේය. අපේ රටේ දේශපාලුවන් සමග සංසන්දනය කර බැලුවාම ඔහු දෙවියෙකි. (අ)
සමහරු නාෙදන්නා දේ කියවනවා, හිට්ලර් වටා ගෙතුනු කථා, පාෙතපත, චිත්‍රපට වැනි ද්‍ෙ පරිශීලනය නාෙකර. (නි)
රොකී හරි. ඒ කාලයේ හැටියට ඔහු රට සහ ජාතිය ගැන සොයා බලා ඒ අනුව කටයුතු කළේය. තම ජාතියට බෙහෙවින් ඇලුම් කළේය. එහෙත් වර්තමානයේ ගෝලීයකරණය වී ඇති ලෝකය දෙස බැලූ කල ඔහු ජාතිවාදියෙකි. මිනීමරුවෙකි. ඔහු වැනි දේශප්‍රේමී නායකයින් හට ආයුෂ නැත. (නි)
රොකි, ඔය දුපතේ ජීවත්වුණාට කමක් නැහැ. තව පොතපත කියවන්න. ලෝකයේ මිලියන ගණනක් මිනිසුන්ගේ මිනීවළවල් තැනු හිට්ලර් දෙවියෙකු නම්, ළඟදීම ප්රභාකරන්ද ඔබට දෙවියකු වනු නොඅනුමානය. (නි)
මේක ලොකු අපරාධයක්.(හේ)
මෙපමණ ලස්සන ගෙදරක් කඩා දමන එක නම් හරිම අපරාදයක්. (හේ)
රොකි කියපු දේ යම් තරමක් සත්තයි. (අ)
දිලිප් වික්‍රමරත්නට, `අපේ දේශපාලුවන් සමඟ සංසන්දනය කර බැලුවාම` යන කොටසකුත් තියනබව නොපෙනීම පුදුමයක්. මේ රොකී හොඳට පොතපත කියවන එමෙන්ම කියවපු පරණ මිනිසෙක්. (නි)
රොකි දකුණු ආසියානු දේශපලනය තුල හොරකම් නොකරන , මගඩි වැඩ නොකරන දේශපාලකයන් සිටිනා රටවල් කොහෙද .? ඒ කිසිවක් හිට්ලර් වැනි මනුෂ්‍ය සංහතියටම නින්දාවක් වූ තිරිසන් අයකුට සමාන කිරීමෙන්ම ඔබගේ බුද්ධිය ගැන වැටහීමක් ලැබිය හැක .(ම)
මහා අපරාධයක් මේක.(හේ)