ඇමරිකාවේ වොෂින්ටන්හි රජයේ පාසැලක ආපන ශාලාවේ දී වෙඩි තබා තම සහෝදර ශිෂ්‍යාවක ඝාතනය කර තවත් සිසුන් පිරිසකට තුවාල සිදුකළ සිසුවකු සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමේ සිද්ධිය වී ඇත්තේ සීට්ල් සමීපයේ වු මේරිස්විලි පිල්චුක් උසස් විද්‍යාලයේය.
වෙඩි වැදීමෙන් එක් සිසුවියක මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතර ද ශිෂ්‍යාවන් දෙදෙනෙක් සිටිති. තුවාල ලැබූ අනෙක් දෙදෙනා වෙඩි තැබූ සිසුවාගේ ඥාතී සහෝදරයන් දෙදෙනකු යැයි පොලිසිය ප්රකාශකැර තිබේ. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්වය ඉතාමත් බරපතල බවද පැවසේ. වෙඩි තැබූ පුද්ගලයා ජෙලින් ෆ්‍රයිබර්ග් ලෙස හඳුනාගෙන ඇත. ඔහු සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් තිබේ.
පොලිසිය පවසන්නේ ඔහු තම ඥාති සහෝදරයන් දෙදෙනාට වෙඩි තැබීමට පැමිණ ඇති බවයි.
ෆෙඩරල් බලධාරින් පවසන්නේ මෙම සිද්ධියට අදාල තුවක්කුව නීත්‍යානුකූලව මිලට ගත් එකක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ නිත්‍යානුකුල ගිනි අවි භාවිතය, නීතියානුකුලව තිබෙන තෙක් මෙවැනි සිදුවීම් සාමන්‍යය දේවල්. ඒ වාගේම නීතියෙන් මතු අනාගතයේදී අවි භාවිතය තහනම් වුවත්, [ එවැනි තහනමක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය] මෙවැනි සිදුවීම් වල අඩුවක් දැකීමට නොහැකි වනු ඇත. (නදී)
දැන් සිදුවෙන දේවල් බැලුවාම එහෙයි මෙහෙයි වෙනසකට තියෙන්නේ පිස්තෝලේ නීත්‍යානුකුල බව විතරයි. (නදී)
නිත්‍යානුකුලව ගත්ත එකක් නම් කමක් නැද්ද (නදී)
පාසල් ළමයින්ට මොකටද තුවක්කු? (නි)
ඇමෙරිකාව බණ කිව්වට එහි තිබෙන අසමානතා නිසා මිනිස්සු ඉන්නේ කළකිරීමෙන්. එම නිසා තමයි මේ වගේ දරුණු වැඩ කරන්නේ. (නි)
ලංකාවේ මිනිසුන්ට නීත්‍යානුකූලව තුවක්කුවක් පරිහරණය කරන්න දුන්නා නම් ලංකාවක් හොයාගන්න බැරිවෙයි මේ ගහමරාගන්න විදිහට. (නි)
කවුරු මොන බණ කිවුවත් ලංකාවේ මීටත් වඩා වැඩි දේවල් වෙනවා (නි)
ඉසුරන්ධි ඔය හරි ශෝක් අනේ..(අ)
ඇමරිකාව අහිංසක මිනිස්සුන්ට කරන අපරාද වලට නිසි පිළිතුරු මේ ළමයින්ගෙන් ලැබෙනවා. (අ)
පාසලට කවුද තුවක්කු ගෙනෙන්න දුන්නේ? (නි)