ලිබියාවේ වයස අවුරුදු අටක දරුවකු රොකට් විදිනයක් මගින් බෝම්බ විදීමට පුරුදුවන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැන් ලොව පුරා විවාදයට තුඩුදෙමින් පවතී.
එම දර්ශන කිහිපයෙන් දැක්වෙන්නේ කුඩා දරුවක් රොකට් විදිනයකින් බෝම්බයක් විදින අවස්ථාවේ වැඩිහිටියන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින ආකාරයයි. ඔවුන් මේ කුඩා දරුවට මිනිසුන් මැරීමට පුරුදු කරමින් සිටියි. මිනිසුන් දෙදනෙකු කුඩා දරුවාගේ කරමත රොකට් විදිනය තබයි. ඉන් පසු ඔහු ප්‍රහාරය එල්ලකළ පසු එයට ප්‍රශාංසා කරන ආකාරයත් දක්නට ලැබෙයි.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ලිබියානු වෙරළක සිදුව ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික අසහන කාරයෝ ඉන්න අරාබි රටවල ඔහොම අමානුෂික පහත් වින්දනයන් තියෙනවා. මිනිස්සුන්ගේ බෙලි කැපිලි, ගල් ගැහිලි වගේම සත්තුන්ටත් ඔය හා සමාන වධ දෙනවා. සත්තුන්ගේ ඇගට පෙට්රෝල් වත් කරලා පණ පිටින් ගිනි තියනවා, තව කදු උඩින් පණපිටින් සත්තුන්ව තල්ලු කරනවා... ඕව කරන්නෙත් අවුරුදු 10යෙ ළමයි. මේ අරාබි රටවල ඇති හිංසනය ඉතාමත් නින්දිතයි. (නදී)
දෙවියන්ගේ කැමත්ත (නදී)
ඇයි අප්පා ලෝකයේ ලාබාලම රොකට් විදින ඉන්ගිනේරු තරුණයා ලංකාවෙන් බිහිවුණා නේද ? (නදී)
අපේ රටෙත් මේ වගේ බටු කොල්ලෝ අපිට භීතිය ගෙනාව නේද ? වාසනාවට එස් , එෆ් කියල යුද විරුවෙක් බිහිඋනා දැන් ඉතින් අපි දෙගොල්ලොම සතුටින් ඉන්නවා එ් වීරයාට පින්සිද්ද වෙන්න (නදී)
සාමය පතුරවන්න දැන්ම ඉදන් පුරුදුවෙනවා! (අ)
ඕව පුරුදු කරලා අනිත් මිනිස්සුන්ට ගහල එයාල කුපිත කරලා ඊට පස්සේ එයාල නැතිවෙන්නම ගහන කොට කෑ ගහනවා මෙන්න අපට ගහනවෝ !කියල (අ)
දැන් ඇමරිකාවයි යුරෝපයේ රටවල් එකුවෙලා අපේ හමුදාව වැරදියි කියල පරීක්ෂණ කරන්න හදන්නේ කොටි හොදයි කිය කියා නමුත් ලංකාවේ කොටි කලෙත් ඔයටික තමයි.(අ)
කරුණාකර යුක්රේනයේ ඉන්න ත්රස්තවදින්ගේත් මානව හිමිකම් ආරක්ෂා කරන්න කටයුතු කරන්න , ලෝකයේ ත්‍රස්තවාදය වඳවී ගියෝතින් එන්ජිඕ කාරයන්ට තම ව්‍යාපාර කරගෙන යාමට නොහැකිවේ . (අ).
කරුණා, කරුණාකරලා මොළය ඇති කතා කියන්න. ඒ රොකට් එකයි මේ රොකටුයි වෙනස් කියන එක තේරුම් ගන්න... (නි)
මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
ත්‍රස්තවාදය තුරන් වුනොත් ඔය ලොකු රටවල් වලට ආදායම් ප්‍රශ්න රැකියා ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ආදී දහසක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වේවි. (අ)
අමිත්,ඔබේ උගත්කම ගැන මා බොහෝ සේ ආඩම්බර වෙමි. (නි)
අමිත්ව උපහාසයට ලක් කරන්න එපා (නි)