අයි.එස්.අයි.එස්. කැරළි කරුවන් විසින් සිරියාවෙන් අඩකටත් වඩා අල්ලාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරළි කරුවන් සටන් කරමින් බටහිර දෙසට ගමන්කර මධ්‍යම නගරයක් වූ පැල්මයිරා අල්ලාගැනීමත් සමග ඔවුන් සතුවූ භූමිය රටේ සමස්ථ භූමියෙන් අඩකට වඩා වැඩිවිය.
සිරියාවේ උතුරු සහ නැගෙනහිර දැනටමත් පාලන කරණ සටන්කාමින් සිරියා රජයේ හමුදාවන් පාලනය කරණ ලද ජනාකිර්ණ නගරයක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි
මීට පෙර කැරළිකරුන් විසින් අත්පත් කර ගෙන සිටි ප්‍රදේශ බොහොමයක් ජනශූන්‍ය පෙදෙස්ය. සිරියාවේ අගනගරය වන ඩැමස්කස් වැනි ප්‍රධාන නගර පිහිටියේ බටහිර දෙසට වන්නටය. මෙකී ප්‍රදේශය ලෙබනන් දේශසීමාවට ආසන්න වන අතර වෙරළබඩ තීරයකී. මෙම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සිරියානු රජයේ හමුදා ප්‍රමුඛත්වය දී තිබෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන් අතපෙවීම් මත සිරියාවේ ජනාධිපතිවරයා එලවා දැමීමට ගෙනගිය ක්රියාදාමයේ එක් පියවරක් මේක. ඉරාකයේ සදාම් හුසේන් ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පෝෂනය කළ නායකයෙක්. පසුව ඔහු ඇමරිකාව විසින්ම ඝාතනය කළා. සිරියාවේ අයිඑස් සටන්කාමීන්ට ඇමරිකාව රහසේ උදව් කළත් ඔවුනුත් අනාගතයේදී ඝාතනය කරනවා. ඇමරිකන් නව යටත්විජිත වාදයේ නව ජාත්‍යන්තර ස්වරූපය එයයි. ලංකාවේ වත්මන් ඇමරිකන් ගැති පාලකයින් මේ පිළිබඳ අවබෝධ කර ගත්තොත් හොඳයි. (නදී)
ඇමරිකන් අතපෙවීම් මත සිරියාවේ ජනාධිපතිවරයා එලවා දැමීමට ගෙනගිය ක්රියාදාමයේ එක් පියවරක් මේක. ඉරාකයේ සදාම් හුසේන් ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පෝෂනය කළ නායකයෙක්. පසුව ඔහු ඇමරිකාව විසින්ම ඝාතනය කළා. සිරියාවේ අයිඑස් සටන්කාමීන්ට ඇමරිකාව රහසේ උදව් කළත් ඔවුනුත් අනාගතයේදී ඝාතනය කරනවා. ඇමරිකන් නව යටත්විජිත වාදයේ නව ජාත්‍යන්තර ස්වරූපය එයයි. ලංකාවේ වත්මන් ඇමරිකන් ගැති පාලකයින් මේ පිළිබඳ අවබෝධ කර ගත්තොත් හොඳයි. (ස)
අයි එස් අයි එස් ත්රස්තයන් බිහිකළේ බටහිර යුරෝපය සහ ඇමරිකාව. ඔවුන්ව පෝෂණය කළෙත්, අවි ආයුධ සැපයුවෙත් යුරෝපය සහ ඇමරිකාව. (නි)
අයි.එස් සටන්කාමීන්ට ඇමරිකාවට උදවු කරනවා කීම මෝඩ කථාවක්.. ඔවුන්ගේ පලමු හතුරා ඇමරිකාවයි.. සිරියාවේ ජනාධිපති එලවන්න බටහිර රටවල් උත්සහා ගන්නේ ඔහු දරුනු ඒකාධිපතියෙක් වී තමන්ගේ රටේම මිනිස්සු ඝාතනය කල නිසා. ගඩාෆි හා සදාම් හුසේනුත් එවැනි මිනීමරු ඒකාධිපතියන්. (නදී)
සම්පත් ,ඔබ හරි. එය ඉදිරි වර්ෂ වලදී එලෙසම සිදුවෙනවා ඇත. අපේ රටේ කළු සුද්දන්ට මෙය නොතේරෙයි. (නි)
ඇමෙරිකාව කියන්නේ, කන්න ඕනෑ වුණාම තලගොයා, කබරගොයා කරගන්න රටක්, සෞදියේදී ෂියාලට විරුද්ධ ඇමෙරිකාව ඉරානයේදී ෂියාලට පක්ෂයි. හරිම අමාරුයි පැත්ත හොයාගන්න.(ම)