රසායනික අවි භාවිතා කර පහර දී අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන බවට සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට චෝදනා කරමින්, සිරියාවට එරෙහිව හමුදා ප්රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සැරැසෙයි.
ඇමෙරිකාව සිරියාවට හමුදා ප්රහාරයක් එල්ල කරන්නේ නම්, තමන් ඇමෙරිකාවටත් ඇමෙරිකා හමුදාවටත් සහාය දෙන බව ඊශ්රායලය කියා සිටී. එරට නියෝජිත කණ්ඩායමක් ඊයේ (27) ධවල මන්දිරයේදී ජනපති ඔබාමා හමුවී සාකච්ඡා පැවැත්වීය.
සිරියානු රජය රසායනික අවි භාවිතා කරමින් අහිංසක සිවිල් වැසියන් මරා දමන බවට ඇමෙරිකා රජය චෝදනා කරන්නේ ඉකුත් 21 වැනිදා, සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරු නගර කිහිපයකට එල්ල වූ සෙරීන් විස වායු ප්රහාරය හේතුවෙනි.
එම විස වායු ප්රහාරයෙන් සිවිල් වැසියෝ 1,700 ක් ජීවිතක්ෂයට පත්වූහ. 4,000 ක් රෝගී වූහ. ඒ අතර සිටින බොහෝ දෙනා කුඩා දරුවෝය. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් කියා සිටියේ එය මහා මානව සංහාරයක් කියාය.
විස වායු ප්රහාරයට සිරියානු රජය වගකිව යුතු යැයි කියමින්, එරටට එරෙහිව හමුදා කි්රයා මාර්ගයක් ගැනීමෙන් වළකින්නැයි සිරියානු රජයේ හිතවතුන් වන ඉරානයත් රුසියාවත් ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත.
ඇමෙරිකාව සිරියාවට එරෙහිව පහරදීමක් කළොත් ඉරානය ඊට මැදිහත් වුවහොත් එය නිමිත්තක් කර ගනිමින් ඊශ්රායලය ඇමෙරිකාව සමඟ එක් වී ඉරානයට පහර දෙනු ඇතැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට ගැසිය යුතුයු. නැතිනම් ලෝකයටම විනාසයක්. ඇමරිකාව ලෝක සිතියමෙන් අයින් කල යුතුයි. (ස)
පුළුවන් ඉක්මනින් ලෝක යුද්ධයක් එන්න ඕන. ලෝකේ දියුණු කියන මිනිස්සු අනිත් ජවනිකාව බලන්න ? (ස)
පළමු හා දෙවන ලෝක යුධ දෙකේදී ඇමෙරිකාව ලක්ෂ ගණන් ජීවිත පූජා කරලා බිලියන 5000 ට වඩා වියදම් කරලා මිනිස් සමාජය හා ලෝකය බේරගන්න සටන් කළා මතක නැද්ද? ඇමෙරිකාව තිබුනේ නැතිනම් අද ලෝකය පැසිස්ට්වාදය යට. (නි)
උතුරු කොරියාවට ගහන්න ගිහිල්ලා ලැජ්ජා වෙලා ශේප් වුනා. ඒ පාර ආයේ සිරියාවෙන් කන්න වගේ හදන්නේ රුසියාව. ඉරාන සපෝට් එක සිරියාවට තියෙන නිසා සිරියාව බය නැහැ (නි)
මට නම් පේන්නෙ ඇමරිකාව මැදපෙරදිග රටවල් වල ප්රශ්න ඇතිකරමින් මෙච්චර දවසක් වටේ ගියේ ඉරානයට ගහන්න පාර කපාගන්න කියලයි.දැන් ඇමරිකාව බලාපොරොත්තු වුන අවස්ථාවට ආසන්න වෙලා. ඒ ගැටේට අහුනොවී හිටියොත් ඉරානය දිනුම්. (නි)
ඇමරිකාවට ජයවේවා! (නි)
චමිල, හීනෙන් බය වෙලා වගේ. මට පේන විදිහට කතාවෙන් ඔයාගේ නම චමිල වෙන්න බැහැ. (ස)
සෞදි අරාබියේ කොන්ත්රාත්තුව ඉටුකරන්න.බටහිරයන් ලෑස්තිවෙලා.සිරියාව ෂියා මුසල්මානුවන් නිසා. (ස)
කුමාර්, දෙවන ලෝක යුද්ධය කියන්නේ ආසියාවට සහ අෆ්රිකාවට ආශීර්වාදයක්. හිට්ලර් ආසියාවට වත් අෆ්රිකාවටවත් ගැහුවේ නැහැ. එය ගැහුවේ යුරෝපයේ හිටිය අනෙක් ජාතීන්ව මිලේච්ච ලෙස ගාතනය කරමින් හිටිය එංගලන්තයට, ප්රංශයට, ඉතාලියට ස්පාඤ්ඤයට වගේ අමානුෂිකව එකල ලොව පාලනය කළ අයට. හිට්ලර් නරක මිනිහෙක් වුනේ මේ රටවල් වලට. හිට්ලර් පහරදුන්නේ ඝාතනය කළේ එහෙම කට්ටියව. (නි)
චමිල, ඔයා වැඩිය කෑගැහුවොත් මම ඔයාගේ ගේ මැදිවෙලා තියන හරිය ටික රවුමට කෑල්ලම ලෝක සිතියමෙන් මකලා දමනවා (නි)
ඇත්තටම සිරියාව රසායනික අවි පාවිච්චි කළා කියලා ඔප්පු වුනොත් නම් ගහන්න තියෙන්නේහොද පැඩමක් ඉගෙන ගන්නම. ඕවගේ රටවල් ලෝකෙට පිළිලයක්. (නි)