වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාට උපහාරයක් ලෙස ඔහු ඇඳ සිටි ඇඳුම්වලට සමාන වර්ණ සහිත ඇඳුමින් සැරසී එම දරුවාගේ සිරුර වෙරළේ වැතිර තිබූ ආකාරය අනුකරණය කරමින් පලස්තීනයේ පිරිසක් වෙරළේ වැතිර සිටියහ. ඔවුන් පවසන්නේ මේ දරුවා සිය ජීවිතය අහිමිකරගත්ත ද මුළු සිරියාවටම සේවය කළ බවයි. එමෙන් ම ලෝක යුද ගැටුම් පිළිබඳ අමිහිරි යතාර්ථය ඔහු පසක් කළ බැවින් ඔහුට ලෝකවාසී සියළු දෙනා හැකි පමණින් උපහාර පිදිය යුතු බව ද මේ පිරිස කියති.
වෙරළේ මියගොස් සිටි සිරියානු සරණාගත දරුවාගේ ඡායාරූපය ලෝකයේ අවධානය සිරියාවේ යුද ගැටුම් කෙරෙහි යොමු කිරීමට සමත්විය. ඉතා සංවේදී එම ඡායාරූපය හේතුවෙන් සිරියාවේ සරණාගතයන් දහස් ගණනකට යුරෝයට ඇතුළුවීමට අවස්ථාව උදාවූයේ අනපේක්ෂිත අයුරිනි. යුරෝපීය රටවල් රැසක් දැන් සිරියාවේ ප්රශ්නය විසඳීමට සෘජුව මැදහත්ව සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටු හිතන සිද්ධියක් (අ)
නිවන් සුව පතමි. මේ දරුවා සිරියාවේ ජාතික වීරයෙක් ලෙස නම් කරමු.(නදී)
ඔය යුද්ධ කෙරෙන්නේ ආයුධ විකණන රටවල්වල උවමනාවලටයි. කවදාහරි ඔවුන්ටත් ඔය අමිහිරි අත්දැකීම විඳින්න වෙනවා ඒකාන්තයි. තමන් හැර ලෝකයේ සෙසු රටවල්වල ඉන්නේ තමන් වගේම "මිනිස්සු " කොට්ටාසයක් කියන එක ඔවුන්ට තේරෙනකොට, සමහරවිට ඔවුන් පරක්කු වැඩිවෙන්න පුළුවන්. "අයිලන්" පුතේ ! නුඹ නිසා ලෝකයේ බොහෝ යකඩ දෑත් ටිකක් හෝ මෘදු වෙන ලකුණු පේනවා. නුඹට මෝක්ෂය ලැබෙනවා ඒකාන්තයි. (අ)
සිර්යවට , අයිඑස් අයිඑස් සංවිධානයට උදව් කරන හොඳක් වෙන්නේ නැත. ! අහිංසක ජීවිත කීයක් මේ විදියට බිලිගත්තාද. (අ)
ඔවුන්ට උදවු කිරීමට මමත් කැමතියි. ඇයි මිනිසුන් මේ සරල ජීවිතය මෙතරම් සංකීර්ණ කරගන්නේ? (නි)
හරිම දුකකි නිවන් සුව පතනවා (බ)
මිනිසුන් අධ්‍යාත්මිකව දියුණු විය යුතුය. එවිට මෙවන් දේවල් අඩුකරගත හැකිය. (නදී)
ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු දිනට මේ දරුවාටත් මෙලෙසින්ම මියගිය සැම දරුවෙකුටමත් සාධාරණයක් ඉටුවනු ඇත (නි)
බලකාමය නිසා බිලිවන ජීවිත! (නි)
පුතේ, ඔබට නිවන් සුව! (නි)
පවු අහිංසක දරුවා! (නි)
යුරෝපය මැදිහත් වෙලා සාමය ළඟාකරන්න යනවා. මෙයාලා හරිම දක්ෂයි. තිරය පිටිපස්සේ ඉඳලා යුද්ධයක් ඇති කරලා තිරය ඉස්සරහ සාමයට මැදිහත් වෙනවා. මෙයාල පයතියපු හුඟක් මැදපෙරදිග රටවල් දැන් සාමකාමීයි. හරියට සොහොන් පිට්ටනි වගේ. (නි)
ඔබව මේ මුළු ලෝකයක් දැක්කා. අහිංසක පුංචි පුතුට නිවන් සුව! යුද්ධය නිසා ඔබ මෙන්ම නමුත් කිසිවෙකු නොදැක නොපෙනී අවසන් ගමන්ගිය හැම පුංචි දරුවෙකුටම නිවන් සුව පතනවා! (නි)