සිරියාවේ ඇලෙප්පෝ නුවර සටන් වලදී කාන්තාවන් හා ළමයින් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ජනාධීපති බසාර් අල්-අසාද්ට හිතවත් හමුදා විසින් නිවාස තුළ සිටි වැසියන් ඝාතනය කර ඇති බවත් පලායන සිවිල් වැසියන් ඝාතනය කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල්ලේ පැවසීය.
මේ සිදුවීම ‘මනුෂ්‍යත්වය දිය වී ගිය‘ අවස්ථාවක් ලෙස ඔහු හැඳීන්වීය.
බුස්ටන් අල්-කසාර් හී රජයේ හමුදා වල ප්‍රහාර වලින් ළමයින් 13ක් හා කාන්තාවන් 11 ක් ඇතුළු සිවිල් වැසියන් 82ක් මිය ගොස් ඇතැයි ද ඔහු පැවසීය.
ඇලෙප්පෝ නුවර සටන් අවසන් වූ බව එක්සත් ජාතීන්ගේ රුසියා තානාපති විටර්ලි චර්කින් කීවේය.ත්‍රස්තයින් සතුව තිබු නගරයේ අවසන් ප්‍රදේශ කිහිපයත් සිරියා රජය ප්රමුඛ හමුදා අත්පත් කරගත් බවද ඔහු පැවසීය.
“ඉතිරි වී සිටින ත්‍රස්තයින්ට නගරයෙන් පිටවීමට අවස්ථාවක් ලබා දුන්නා.සිවිල් වැසියන්ටත් පිටවීමට හැකියි.“යැයි ඔහු ද හේ සඳහන් කළේය.
(රොයිටර් / බීබීසි )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව ඉරාක යුද්දය ,ලිබියා යුද්දය, දැනට පවතින යෙමනයේ යුද්දයට සහය දක්වනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය බුදිද ? (බ)
යුද්ධයක් පවතිද්දී සතුරා කවුද ඒ අතර සිටින අසරණයා කවුද කියලා තෝරලා බේරලා වෙන්කරන්න අපහසුයි.කොටියට විරුද්ධව අපේ හමුදාවන් යුද්දෙ කළෙත් මෙහෙම තත්වයක් තියාගේනනේ. (බ)
මේ දේවල් කාටවත් පේන්නේ නැද්ද දන්නේ නෑ.(හේ)