වසරේ ‘යුනිසෙෆ් ඡායාරූපය’ ලෙස සම්මාන දිනා දිනා ගැනීමට ස්වීඩනයේ නිදහස් ඡායාරූප ශිල්පි නික්ලස් හැමස්ට්රෝම් සමත් විය.
සිරියාවේ ඩර් අල් ශිෆා රෝහලේ වෛද්‍යවරුන් තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට කරන අරගලය දැක්වෙන මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 2012 ඔක්තෝම්බර මාසයේදීය.
ඇය ඩැනියා කිල්සි නැමැති 11 හැවිරිදි දැරියකි. තම හය හැවිරිදි නැගණිය ෆාතිමා සහ දෙහැවිරිදි මලණුවන් වන ශයිඞ් සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී පිපිරුණු බෝම්බයකින් විසි වුණු කැබලි ඇගේ මුහුණට වැඳී තුවාල සිදු වී රෝහලට රැගෙන ආ අවස්ථාවේ ඇගේ වැඩිමහල් සහෝදරයා ඇගේ හිස තම දෑත් වලින් අල්ලාගෙන යද්දී ඔහු ගත් ඡායාරූපයට ජගත් සම්මානය හිමි විය.
සිරියාවේ කෲර යුද්ධයේ භයංකර කම සහ අහිංසක ජීවිත බිලි වීම පෙන්වන මෙම පින්තූරය සිරියාවට පමණක් නොව මුළු ලොවටම පණිවිඩයක් ගෙන එන බව ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව සිරියාවට සාමය උදාකර ඇත. අපටත් ඇමරිකාවට කියා මෙම සාමය ළඟාකරගත හැක.(නදී)
මුන්ම බෝම්බ ගසා, මුන්ම ෆොටෝ ගසා, මුන්ම සම්මාන ගනී.(නදී)
මෝඩ යුරෝපී රටවල් ඔය වගේ රටවල අන්තර් ප්‍රශ්න සහගත යුද්ද වලට මැදිහත් වෙලා. ඒ රටවල් වල මිනිස්සු සරණාගතයෝ වශයෙන් තම රටවල් වලට ගන්නවා. පස්සේ සරණාගතයෝ වෙනම රටක් ඉල්ලලා එම රටවල් තුල යුද්ද කරනවා.(නදී)
මේ යුරෝපියෝ යුද්ධ කරන්න අඩුම කුඩුම දීලා යුද්ධ කරවලා තව ෆොටෝ අරගෙන ඒ වලිනුත් සල්ලි හොයනවා. (නදී)
හරිම අසාදාරණ දෙබිඩි ලෝකයක්. බටහිර බලවතුන් සිරියාවේ ආණ්ඩු විරෝධි ත්‍රස්තවාදී කැරලි කරුවන්ට යුද අධාර දෙනවා (දිල්)