මධ්‍යධරණී මුහුදේ සරණාගතයින් මුදා ගැනීමේ යෙදී සිටි නැවකදී නයිජීරියා කාන්තාවක් පිරිමි දරුවකු බිහිකැර ඇතැයි වාර්තා වේ. නාවික නිලධාරීන් පවසන්නේ වුවමනාවටත් වඩා මිනිසුන් පටවන ලද කුඩා රබර් ඔරුවක ගමන් කරමින් සිටියදී මෙම කාන්තාව ඇතුළු පිරිස බේරා ගත් බවයි.
දරු උපත සිදුවීමට පැය 24කට පමණ පෙර බේරාගෙන ඇති මෙම පිරිස අතර කාන්තාවගේ සැමියා සහ අනෙක් දරු දෙදෙනාද සිට ඇත.
අනතුරුදායක හා අසාමාන්‍ය තත්ත්ව යටතේ සාමාන්‍ය දරු උපතක් සිදුවූ බවත් එය ජාත්‍යන්තර මුහුදේදී සිදුවූ බැවින් දරුවාගේ පුරවැසිභාවය සම්බන්ධව විවාදයක් පැනනැගී ඇති බවත් නැවේ සිටින වෛද්‍යවරු ප්‍රකාශ කරති.
වඩා සැපවත් ජීවිතයක් අපේක්ෂාවෙන් වාර්ෂිකව දහස් ගණනින් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් සිය ජීවිත අවදානම ද නොතකා මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපය කරා ගමන් කරති. එහෙත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ පසුගිය වසරේ මෙලෙස ගමන් ගත් සරණාගයින්ගෙන් 3700ක් පමණ මියගොස් ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් කරුණු කාරනා කෙසේවෙතත් වාසනාවන්ත දරුවෙක් (නි)
මේ දරුවාගේ පුරවැසිභාවය ඇත්තටම විවාදාත්මකයි. ගුවන් යානයකදී දරු උපතක් සිදුවුණා නම් ඒ දරුවාගේ පුරවැසිභාවය ගුවන් යානය අයත් රටටයි හිමිවෙන්නේ. නමුත් නැව් වලදී ප්‍රශ්නයක් ඇතිවෙනවා. සමහර රටවල් වලට අයත් නැව් මුහුදේ ගමන්ගන්නේ වෙනත් රටවල් වලට අයත් ධජ යටතේයි. (නි)
මේ ජාතියේ හැටියට බය වෙන්න දෙයක් නැහැ දරුවා ලොකුවුනම හොදින් හෝ නරකින් පුරවැසි බාවය ගනියි සමහරවිට මුළු රටම. අල්ලාගනී. මේවගේ. අය කරන්නේ ඔයවගේ දේවල් (අ)
චතුරි, මෝඩකම පෙන්නන්න එපා (නි)
චතුරි හරි, (හේ)