ඉදිරි දින දෙක ඇතුළතදී එල්ල විය හැකි මහා පරිමාන සයිබර් ප්රහාරයක ලකුණු පෙනෙන්නට ඇති නිසා වහ වහා තම තමන්ගේ ප්‍රති වෛරස මෘදුකාංග,පරිගණක මෙහෙයුම් පද්ධති හා වෙනත් මෘදුකාංග යාවත් කාල කරගන්නැයි බ්‍රිතාන්‍යය ජාතික අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
දැනටමත් බ්‍රිතාන්‍යය ජාතිකයින් 15000 දෙනෙකුගේ පරිගණක වල ප්‍රහාරයේ ආරම්භක පියවරක් ලෙස මැල්වෙයා ගණයට අයත් පරිගණක වෛරසයක් පිහිටුවා ඇතැයිද ඒ ආධාරයෙන් සයිබර් අපරාධකරුවන්ට එම පරිගණක වල ඇති සියලූ තොරතුරු ලබා ගත හැකි යැයිද ඒජන්සිය පවසයි.
‘ගේම් ඕවර් සියුස්‘ ලෙස මෙම වෛරසය නම් කෙරී ඇත.
ප්‍රහාරයේ මහ මොළකරුවා ලෙස සැළකෙන්නේ ඉවාජෙනි මිකාලියෝවිච් බොගොචෙව් නම් රුසියන් ජාතිකයෙකි.ඔහු දැනට රුසියාවේ වාසය කරන බව සොයාගෙන ඇති අතර ඔහු බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට බලධාරීන් දරන උත්සාහය රුසියාවේ ඇතැම් නීති නිසා සාර්ථක නොවනු ඇතැයි පැවසේ.
ලෝකයේ සියලූ ආකාරයේ ජාතික ආරක්ෂක ඒකක එකතුවී මෙම සයිබර් ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටියි.
වෛරසය පරිගණක වෙත ආසාදනය වන්නේ විද්‍යුත් පණිවිඩ හා වෙබ් අඩවි ආශ්රයෙන් බව සොයාගෙන ඇති අතර නාදුනන වෙබ් අඩවි හා විද්‍යුත් පණීවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින්න යැයි විශේෂඥයෝ උපදෙස් දෙති.
වෛරසයේ ප්‍රහාරයට ලක්වූ කිහිපදෙනෙක් සම්බන්ධ තොරතුරු දැනටමත් වාර්තා වී තිඛෙන අතර ඔවුන්ගේ පරිගණක වල තිබූ ඡායාරූප , පවුලේ තොරතුරු හා අවසානයේ බැංකු ගිණුම් තොරතුරු පවා තමන් අතට ලබාගෙන පරිගණකයේ මෘදුකාංග පද්ධතිය විනාශ කර ප්‍රහාරකයින් අවසානයේ සියල්ල තිබුණු තත්ත්වයට පත් කර දීමට විශාල ප්‍රමාණයේ මුදලක්ද ඉල්ලා සිටියේයැයි ඔවුහු කියති.
බ්‍රිතාන්‍යය ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් මෙන් පෙනුනද ලෝකයටම මින් ඇති අවදානම සුලූ කොට තැකිය නොහැකි යැයි විශේෂඥයින්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇමරිකාවේ වැඩ. (නදී)
ආ.. රුසියාව නෙමේද? (දී)
බොහොම හොඳ වැඩක්. එංගලන්තෙට ඔහොම වෙන්න ඕනේ. ඇමෙරිකාවටත් එන්න ඕනේ ලෝකෙට කරන අපරාධ වලට. (ස)
කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ඕනි තරම් තියෙනවා. කාගේ කාගේ අල්මාරි වලත් ඇට සැකිලි තියෙනවා. (ස)
වසරකට කොයි තරම් දුෂණ වෙනවද (දී)
ජයා, එත් දන්නවද තාමත් අපේ රටට ඇමරිකාවෙන් ආධාර ලබා දෙන බව?? (දී)
ජයා. මෙවැනි කතා කියන්න එපා. ඔබ ලංකාවේ හෝ වෙන රටක හිටියත්, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ලෝකයට කරන සේවාව අමතක කරන්න එපා. මම ඉන්නේ බ්‍රිතාන්‍ය තුල. මේ පණිවිඩය ඔබට දුන්නේ බ්‍රිතාන්‍ය. ඔබගේ පරිගණකයට වෛරස් අවහම මේ පහත් වචන පෙලේ තිබෙන වෛරී භාවය ඔබට තේරේවි. (අ)
බ්‍රිතානයේ ඉන්න ඔබට බ්‍රිතානයේ හා ඇමෙරිකාවේ හොද විතරක් පෙනුනට අපිටනම් ඒ අය කරන හොද වගේම වැඩිපුර කරන නරක වැඩත් හොදට පේනවා. (අ)
ඇත්තෙන්ම අපි පුරුදු වෙලා ඉන්නේ ඕනෑම දෙකට ඇමෙරිකාවට බනින්න නමුත් ඇමරිකාව කරන හොඳ යහපත් දෙකට කවදාවත් හොඳයි කියල කියන්න තරම් අපේ දිව නැවෙන්නේ නැහැ. (දී)
ජගත් කියන කතාව හරි. මේකෙ බලපෑම බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බව තේරුම් ගන්න සමහරුන්ට මොලයක් නැහැ! (දී)
ජගත් කියන කතාව හරි. මේකෙ බලපෑම බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම බව තේරුම් ගන්න සමහරුන්ට මොලයක් නැහැ!(දී)
ඔය වැරදි වැඩ කරන අය මෙහෙත් ඉන්නව ඒ අයට ඇමරිකාවන් පඩිත් ගෙවනවා..හොඳයි බොරුද මම කියන්නෙ. (දී)
එහේ ගේම් ඕවර් සියුස් එනවා. මෙහේ අපේ අය ගහගන්නවා (නි)
ලංකාවේ මිනිසුන්ට කරදර මදිවාට ගමේ ප්‍රශ්න (දී)
අලි මදිවට කොටිත් එනවා . (දී)