සීබ්රාවන්ගේ සිරුරේ පිහිටන ඉරි රටා දෘෂ්‍ය මායාවක් සේ කි‍්‍රයාකිරීමේ සමත් බව නවතම පර්යේෂණයකින් හෙළිව ඇත.
බි්රතාන්යයේ ලන්ඩන් හා ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයන්ගේ පර්යේෂකයන් පිරිසක් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ මෙම ඉරි රටා වලින් මවන දෘෂ්‍ය මායාවන්ට රැවටීම නිසා සිංහයන් දිවියන් වැනි දඩයම්කරුවන් අන්දමන්ද වන බවයි.
විශේෂයෙන් සීබ්‍රාවන් රංචු වශයෙන් සිටින විට මෙම තත්ත්වය හොදින්ම හදුනාගත හැකි බව ඔවුන් පවසයි.
සීබ්රාවන්ගේ දෙපස හා පසුපස ඉරි පිහිටා ඇති රටාවන්ට අනුව ඒවා ඉහළට චලනය වන්නාක් මෙන් පෙනේ.නමුත් සැබැවින්ම එසේ චලනයක් සිදුනොවන අතර එය දෘෂ්‍ය මායාවක් බව පර්යේෂකයන් කියයි.
මෙම මායාවට රැවටීම නිසා මාංශ භක්ෂක දඩයම්කරුවන්ට සිීබ්රාවෙකුට එක්වරම පහර එල්ල කිරීමට අපහසු බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත.
මෙම මායාවට හසුවන්නේ දඩයම්කරුවන්ම පමණක් නොවන බවත් සොයාගැනීමට හැකිවී තිබේ.මැස්සන් හා මදුරුවන් වැනි කෘමින් හටද එයින් ගැලවී ගත නොහැකි යැයි පර්යේෂකයන් කියයි.සීබ්රාවාගේ සම කොතෙකුත් ඉහළට ගමන් කරන්නාක් මෙන් පෙනෙන බැවින් මෙම කෘමින් සම මත නොවසා කැරකෙමින් සිටින බව පෙනී ගියේයැයි ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ආරක්ෂාවට ස්වභාව ධර්මයා විසින් දුන් දායාදයක්. (නදී)
මොන පිස්සුද? සිංහයා බොහොම සීරු මාරුවට කුරුමානම අල්ලලා මෙයාලව බිම දාගන්නවා. එතකොට ඔය මායා මොනවත් නැහැ. (ස)
දෙව් සමිඳුන්ගේ විචිත්‍රවත් මැවිල්ලකි. ස්වභාව දර්මයා කියා ගොඩක් අය හඳුන්වන්නේ දෙවිදුන්වය. මොකද ලස්සන අහස යානයක් පෙන්වා මෙය ස්වභාව දර්මයා දායාද කළා කිව්වොත් කට්ටිය අපිට හිනා වේවි. (නදී)
දෙවියන් වහන්සේගේ අපුරු දායාදයක්.(නදී)
එතකොට දෙවියෝ මැවවේ කවුද ? (නදී)
ඇත්තටම දෙවියන්වහන්සේ මේ ලෝකේ මැව්වේ මොනවටද ?(දිල්)
දෙවියන් වහන්සේ සීබ්රා ට ඉරි දීල මුවන්ට තිත් දුන්න එක අසාදාරන දෙයක් නේද ? (නදී)
මැවීම් නවීන විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වී ඇත.(නදී)
ලොව ත්‍රස්ත නායකයන් කාගේ මැවිල්ලක්ද ? (නදී)
ගගන ඔබ බුද්ධිමත් නමුත් ඔබේ බුද්දියට එහා ගිය මේ ලෝකේ සියලු දැනුමට එහා ගිය මහා බලය දෙවියන්. උන්වහන්සේගේ ආරම්බය සොයන්න කලින් මේ ලෝකේ සුනාමි,ගංවතුර,ගිනිකදු,බූමිකම්පා මේ වගේ ඒවා නවත්වන්න පුලුවන්ද හිතන්න. මේ අබියෝග නොවිසද මේවා මවා පාලනය කරන දෙවියන් ගැන සෙවීම ඔබට අයිති නැත.(නදී)