ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීමේ කටයුතු ලොවට හෙළි කළ ඇමෙරිකන් ජාතික එව්ඩව් ස්නෝව්ඩන්ගේ පියාට වීසා දීමට රුසියානු රජය ඊයේ (12) කැමැත්ත පළ කළේය.
|
ලොන් ස්නෝව්ඩන් |
ඒ ගැන සතුට පළ කරමින් ඇමෙරිකාවේ ජීවත්වන ස්නෝව්ඩන්ගේ පියා, ලොන් ස්නෝව්ඩන් මාධ්‍ය හමුවේ කියා සිටියේ රුසියාවේ රැකවරණය ලබමින් වාසය කරන තම පුතු බැලීමට තමා හැකි ඉක්මනින් මොස්කව් නුවර බලා යන බවය.
රුසියානු රජය ස්නෝව්ඩන්ට රැකවරණ ලබා දීමට පියවර ගත් අවස්ථාවේදී, ලොන් ස්නෝව්ඩන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට ඒ ගැන ස්තුති කළේය. ඒ, රුසියානු පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වුණු අවස්ථාවකදීය.
එම අවස්ථාවේදී ස්නෝව්ඩන් කියා සිටියේ, ඇමෙරිකාව විසින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගසනු ලැබූ තම පුතුට පිහිට වීමට රුසියාව කැමැත්ත පළ කිරීම ගැන තමන් සතුටු වෙන බවය.
එන්.එස්.ඒ. ඒජන්තවරයකු ද වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් මාධ්‍යවලට ප්‍රසිද්ධ කළේ ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයට පැමිණීමෙන් පසුවය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔහු රුසියාවට පලා ගියේය. ඒ, රුසියානු රජයේ අනු දැනුම මතය.
මොස්කව් නුවරට පැමිණි පසු ස්නෝව්ඩන්ට මොස්කව් ගුවන් තොටුපොළක කොටු වීමට සිදුවිය. ඒ, ඇමෙරිකා රජය ඔහුගේ බලත්රය අහෝසි කිරීම නිසාය. ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලූව ද ඔහුට එම ආරක්ෂාව නොලැබුණි. අවසානයේ දී රුසියාව ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව රුසියාවට නිතරම නිතරම වැදී බන කියන නිසා රුසියාවෙන් ඇමෙරිකාවට ඇනපු ටොක්ක තමයි මේක. මේ නිර්භීත කොල්ල නිසා යුරෝපෙයේ සමහර මිත්‍ර පාක්ෂික රටවල් දැන් ඇමෙරිකාව දිහා බලන්නේ සැකයෙන්.(නදී)
විසි එක් වන සියවසේ පළමු වැනි අන්තර් ජාතික වීරයා මොහුය. (නි)
කරපු වැඩේ හොඳ උනත් නරක උනත් තමන්ගේ උපන් රටට ද්‍රෝහී උන අයෙක් ගෙන් වැඩක් නෑ.(අ)