මහත්මා ගතිගුණ වලින් පිරුණු අවසාන කළණ මිතුරාත් මට අහිමි විය. විවිධ වර්ණ වලින් පිරි අලංකාර මල් යායක් මැද නිසලව අවසන් ගමනට සැතපුණු දේහයේ අත පිරි මදිමින් ලෝ සුපතල ශ්‍රී ලංකාවට ආදරය කරමින් එහි ජීවත්වූ කීර්තිමත් විදුදර ආතර් සී කලාක් මහතා 2004 සැප්තැම්බර් 30 වැනිදා ලොව ජයගත් ශ්‍රී ලංකාවේ සිනමා සක්විති ලෙස විරුදාවලියෙන් පිදුම් ලැබූ ගාමිණී ෆොන්සේකාගේ අවසන් ගමනේදි කිව් බවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගාමිණීගේ හිස අත ගාමින් කඳුළු වලින් තාත්තගේ හිස් මුදුන තෙත් කළ බවත් ඔහුගේ එකම පුත් දමිත් ෆොන්සේකා කීවේය.
ආචාර්ය ලෙස්ටර් හා ආතර් සී ක්ලාක් මහත්වරුන් ප්‍රධාන අනුසාශකවරුන් ලෙස පත්කර ජීවතුන් අතර නොමැති තාත්තාගේ නාමය ආරක්ෂා කිරීමට ගාමිණී ෆොන්සේකා පදනම පිහිටුවා ගෙන ඔහු වෙළෙන්ඳන්ගෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව සීගිරි පර්වතයට නුදුරින් කිඹිස්ස මංසන්දියේ ටී.බී. තෙන්නකෝන් මාවතේ පිහිටි රතුළුණු වගාවෙන් පිරුණු පලතුරු වත්තක ප්‍රසිද්ධ වේදිකා හා සිනමා නිළියක්වූ ශ්‍රියා කළුබෝවිල පවත්වා ගෙන යන බනානා රෙස්ට් ගිමන් හලේදී නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ගාමිණී ෆොන්සේකාගේ එකම පුත් දමිත් ෆොන්සේකා අහම්බෙන් මෙන් හමුවූ පසුගිය දිනක මා සමග පැවසුවේය.
පෙරදින රාත්‍රියේත් පසු දිනත් ශ්‍රියා අක්කාගේ අතින් පිළියෙළ කළ මිරිස් මාළු හා සම්බෝල සමග බිත්තර ආප්ප රස විඳිමින් උදේ වරුවත් සක්විති රජු සමග ජීවත් වීමට වාසනාව ලැබුණෙමි. චන්ඩි ශ්‍යාමා චිත්‍රපටියේ ගාමිණී ෆොන්සේකා සමග හා සුභ සහ යස නාට්‍යයේ සයිමන් නවගත්තේගම සමග නර්තනය ඇතුළත් සුදු කළු රූප රාමු බනානා ගිමන් හලේ පසෙකින් පේළියට සිටුවා ඇත්තේය.
එම රූප රාමු පෙන්වමින් උගුරැස්ස, දෙළුම්, දිවුල්, අඹ, ලාවුළු, කජු වලින් පිරි බනානා වත්තේ දැවැන්ත කජු ගසක් උඩ පොල් අතු සෙවිලි කළ පැලට වල් අලින්ගෙන් බේරීමට නගින බව කියමින් ශ්‍රියා අක්කා විසින් ගාමිණීගේ අතීතය අලුත් කරයි.
ජාත්‍යන්තර යුනේස්කෝ සංවිධානය විසින් අනුමත ලෝකයේ වටිනාම සංරක්ෂණ චිත්‍රපට අතරට නිධානය චිත්‍රපටයද අයත් බව දමිත් කීවේය.
මෙම ප්‍රතිභාපූර්ණ දැවැන්ත නළුවාගේ නිධානයේ රගපෑම් ගැන ලෝක ප්‍රකට සිනමා විනිසුරුවරුන් පුදුමවූ බව ලෙස්ටර් පැවැසූ අපූරු කථාවක්ද ඒ අතරට එකතු වුයේය. එවැනි වටිනා සිහිවටන කාලයක් ලබා දුන් දමිත් ෆොන්සේකාට හා ශ්‍රියා කළුබෝවිලට ප්‍රථමයෙන් මගේ ප්‍රණාමය පුද කර සිටිමි.
දමිත් මා සමග බොහෝ දේ පැවසුවේය. විවේචනය කළේය. විස්තර කළේය. පැහැදිලි කළේය. චිත්‍රපට දල සේයා පට ගැන රසායන හා භෞතික විෂයන් ඇසුරෙන් දල සේයා පට සංරක්ෂණය ගැන කරුණු පැහැදිලි කළේය. චිත්‍රපට සංස්ථාව ගැන කලකිරුනු කතා කීවේය. තාත්තා ගැන හා පවුලේ විස්තර කථා කළේය. සිහිවටන සිහිපත් කළේය. සමහරක් දෙසවනට මිහිරකි. සමහරක් දෙසවනට අමිහිරිය. එසේ නමුදු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගැන බෙහෝ දේ ලියැවී ඇත්තේය.
විචාරකයෝ, රසිකයෝ, ලේඛකයෝ, කතුවරුන්, උගතුන් ආදි ලෙස බොහෝ දෙනා ඔහු ගැන සටහන් තබා ඇත්තේය. එබැවින් ගාමිණී ෆොන්සේකා ගැන අමුතුවෙන් ලිවීම මෙම ලිපිය විශාල වීමකි.
එනමුදු ඔහුගේ නාමය රැකගැනීම උදෙසා ප්‍රංශ සටනක් එකතුවී තිබීමත්, දමිත්ගේ හමුවීමත් දෛවයේ ඉරණමක්ද යන්න නොදනී. කෙසේ නමුදු ගාමිණී සම්බන්ධ ප්‍රංශ සටන ඇරඹෙන්නේ මෙසේය.
ගාමිණි ෆොන්සේකාගේ ජීවිතය ඇරඹෙන්නේ දෙහිවල ග්රාමයෙන්ය . එම ප්‍රදේශයේ හිල් වීදිය නමින් ප්‍රසිද්ධ වීදියක් ඇත්තේය. ඔහුට කරන ගෞරවයක් ලෙස එම වීදිය ඔහුගේ නමින් නම් කරන ලෙස ප්‍රථම වතාවට පැරීසියෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. 2007 මැයි මස සිට 2015 දක්වා අමාත්‍යාංශ, පලාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, ජනාධිපති දක්වා හුවමාරුවූ ලිපි ගනන 23කි. එහි ප්‍රතිඵලයක් ලෙස තීන්දු තීරණ වලින් පසු හිල් වීදිය ගාමිණි ෆොන්සේකා නමින් ප්‍රසිද්ධ කිරීමට ප්‍රභූවරුන් එක් රැස්වෙන උත්සවයක්ද සංවිධානය විය. චන්ද්‍රරත්න මාපිටිගමගේ අත් අකුරින් ලියු ගීතයකට නවරත්න ගමගේ සංගීතය සැපයූ ජනප්‍රිය ගායක අමරසිරි පීරිස් ගයන ගාමිණි ෆොන්සේකා උපහාර ගීතයක්ද නිර්මාණය කෙරිණි. දහසක් කලාකරුවන් අතරින් මහේන්ද්‍ර පෙරේරා, මියුරී සමරසිංහ, පාලිත සිල්වා, සුදත් රෝහණ ආදීන් මේ සදහා බොහෝ වෙහෙස මහන්සි වුහ. පුවත් පත්වල තීරු ලිපි පළවිය. මේ සියලූදේ වලින් පසු බලධාරීන්ගේ තීන්දු හේතුවෙන් එවැනි උත්සවයක් නොපැවැත්විණි.
ශත වර්ෂ ගනනාවකට පෙර ඩී. බී. ජයතිලක මාවත ලෙස හිල් වීදිය හැඳින්වූ බව ප්‍රකාශ කරමින් හිල් වීදියට ජයතිලක කථාවක් එකතු කොට ගාමිණීගේ හිල් මාවතේ ඉල්ලීම ඉවත දමා ඇත්තේය.
මං මාවත්, පාසැල් විද්‍යාගාර, ගුවන් තොටුපොලවල්, වරායවල් ආදී මෙකී නොකී සියලූදේ දේශපාලනඥයන්ගේ නම් වලින් නම් කර ඇති ශී‍්‍ර ලංකාවේ එහි උපන් සිනමා සක්විති ආචාර්ය පදවියත් සතුටින් ප්‍රතික්ෂේප කළේය. ගාමිණී ෆොන්සේකාට පාරක් ලබා ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන තරමට පත්වීම රටේ අවාසනාවක්ද? කලාවේ අවාසනාවක්ද? එසේත් නොමැති නම් වෙනත් හේතුවක්ද යන්න පාඨකයන් තීරනය කළ යුතුවේ.
කිංස්ලි මොහාන් මහතා පැරීසියේදි මම මුණගැසී විමසුවෙමි. ඔහු සියල්ල පැහැදිලි කළේය. මම අසා සිටියෙමි. අවබෝධ කර ගත්තේමි. මව්බිම ගැන කළකිරුනෙමි. ලංකාවෙන් නොලැබුනොත් පැරීසියෙන් හෝ පාරක් ඉල්ලන බව කිංග්ස්ලි කීවේය. එසේ වුවොත් ලංකාවෙන් නොලැබීමට හේතුව ප්‍රංශ රජයට දැන්වීමට සිදුවන බවද ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ සිටි සිනමා සක්විතිට ආශ්චර්යයෙන් යහපාලනයට සංක්රමණයවූ ශ්‍රී ලංකාවේ අද පාරක් නොමැත. ලෝකයේ සුන්දර නගරයක් ලෙස සැලකෙන පැරීසියේ මං මාවත් ගාමිණී ෆොන්සේකා මෙන් ප්‍රංශයේ ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් වලින් වර්ණවත් වන්නේය. එම නිසා ගාමිණි සඳහා පැරීසියේ ඉල්ලීමට විශේෂ ස්ථානයක් හිමිවේ. තාත්තගේ පාරේ සටන අත් නොහරින බව පැරීසියේ ජීවත් වෙමින් එම යේජනාව ඉදිරිපත් කළ කිංස්ලි මොහාන් බලාපොරොත්තු සහිත හැඟීමෙන් කී බව දමිත් කීවේය.
‘තාත්තට ලංකාවේ පාරක් ලබා ගැනීමට ගාමිණී ෆොන්සේකා පදනමින් ඉල්ලීමක් කළේ නැද්දැයි‘ මම ප්‍රශ්න කළෙමි. ‘අපෝ නැහැ ඒක මොන තරම් ලැජ්ජා නැති වැඩක්ද‘ සැප්තැම්බර් 30 වැනිදාට යෙදී ඇති තාත්තගේ 11 වැනි අනුස්මරණ දිනයට පූජා කිරීමට අටපිරිකරකුත් දීලා නිවාඩුවට පැමිණි කිංග්ස්ලි මොහාන් ගිය සතියේ පැරීසිය බලා ගිය බව දමිත් ෆොන්සේකා කීවේය. ඔහුගෙන් සමුගත් මම අනුරාධපුරය බලා ගියේය.
උපහාර ගීතය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නැහැ ප්රංස රජය අපේ ලංකාවේ සිනමා නළුවෙක් ගේ නමක් ප්‍රංශයේ දමාවිය කියා , එහෙම දානවා නම් ප්‍රංසයේ අති දක්ෂ නළුවන් නිලියන් කොපමණ ඉන්නවාද ? ඔවුන් ඒවා ඉල්ලනෙත් නැහැ , ලංකාවේ නළුවන් නිලියන් වාගේ , සිනමාව නළු කම මුදල් ඉපයීමේ රැකියාවක් , දක්ෂ සහ අදක්ෂයන් ඉන්නවා (අ)
අපි නොදන්න මහත්මාගති (බ)
සිංහල සිනමාව නම් ගාමිණී පොන්සේකා. ගාමිණී නම් සිංහල සිනමාව. (ර)
අපට වැදගත් වනුයේ ගාමිණී ෆොන්සේකා නමැති අසාර්ථක දේශපාලකයා නොව ගාමිණී ෆොන්සේකා නමැති අති සාර්ථක කලකරුවානන්ය. (හේ)
ලෙස්ට වරෙක කීවා. ඔක්කොම චන්ඩි මගේ චන්ඩිය ගේ සරමට යටයි ඒ ගාමිණී පොන්සේකා ගේ රංගනයයි (හේ)
ගාමිණී හෙළයේ පිනට පහළ රන්ගදරයන් .(හේ)
ගාමිණී පොන්සේකා ට සම කල හැකි නළුවකු මිහිපිට නැත .නැත .නැත (හේ)
එදා ගාමිණී ෆොන්සේකා අසහාය නළුවෙකු වුණා. ඒ වාගේම තවත් අසහාය නළුවන් සිටියා. ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග සහ බොහෝ අය. ඒවා අප මතකයේ සදා තැන්පත් වගේම, ඔවුන් වෙනුවෙන් පාරවල් නම් කිරීම ඉල්ලා සිටීම විහිළුවක් ලෙසයි මම නම් දකින්නේ. මොකද කාලයක් යනවිට අපේ පාරවල් මදි වෙයි අසහාය නළුවන් වෙනුවෙන් නම්කිරීමට (නි)
හොඳ සාර්ථක ලිපියක් (නි)
පූජාච පුජනීයානං කියන පදය මිනිසා විසින් කලින් කලට තැනින් තැනට තම තමන්ගේ රුචි අරුචිකම් අනුව හදාගත් දෙයක් බව මෙතන අදහස් පළකරන අය කළ කී දෙයින් පැහැදිලි වෙනවා. ගාමිණි සක්විතිකම කෙසේ වෙතත් දක්ෂතම නළුවාට හිමි ප්රශස්තිය හිමි කරගෙන තිබෙනවා. හැබැයි අපි දන්නා දේ වගේම නොදන්නා දේත් තිබෙනවා. (නි)
මිනිසුන්ගේ 99% ගුණ අමතකකොට නුගුණ මතුකරන නිවටයින් මේ සංවාදයෙන්ද මතුව ඇත .ජන්ම ගති මඟහැරීමට අපහසු බව පසක් කරමින් ඔවුන්ට අනුකම්පා කරමු (නි)
නියම රජතුමා (අ)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිනමා සක්විති ඔහුය. ඔහුගේ ප්‍රතිභාපුර්ණ රංගනයට සමකළ හැකි කිසිදු රංගන ශිල්පියෙක් අද නැත. (නි)
ඔහු ඇත්තෙන්ම සිනමා ලොව දැවැන්තයෙක් (නි)
සිනමා සක්විති නොමියෙන මතකයකි. (ස)
ගාමිණී ෆොන්සේකා කියන්නේ සිනමාවේ සක්විති රජු (නි)
සේරම්,ඔයා හරි. (නි)
හොඳ ලිපියක් (නි)
රන් මුතු දුව, තවම හිතා ගන්නත් බැහැ මාගේ කුඩාකාලය මතක් වෙනවා මේ ගීත අහනවිට ගාමිණී ඔබ අමරණියියයි. (ර)
පරසතු මල් සහ නිධානය බලපු කිසිවෙකුට කලාකාමී බෝනි මහත්තය සහ අර වලවූවේ ඉසුරු සොයා තම බිරිඳ මර දැමු අමනයගේ රඟපෑම් වලට ජිවය දුන් මේ උතුම්, ලස්සන, සක්තිමත් ගාමිණී ෆොන්සේකා නම් යුග පුරුෂයා අමතක කල නොහැක. මට මතක් වෙනවා ' කස්තුරි සුවඳ' චිත්‍රපටියත්. "ලස්සන ලෝකෙකේ ඉපදිලා, නුපන් හෙට ගැන නොතැවිලා" ජෝතිපාලයන්ගේ හඬ සමග සරත් දසනායකයින්ගේ කොපි නොකළ නිර්මාණ අපි කොයි තරම් අදත් රස විඳිනවද? (ස)
ප්‍රසිද්ධ චරිත ගැන අප දන්නා අප්‍රසිද්ධ දේවලුත් නොදන්නා සහ මාධ්‍යය වාරණයටද අසුවන ප්රවෘත්ති ලෙස වැළලී යනවා. ලෝක විෂය හා අටලෝ දහම මේ සෑම දෙයක්ම සටහන් කරගන්නවා. (නි)
ලෝක පුජිත අපේ සිනමා සක්වති ගාමිණී අපි සදා සමරමු. (ර)
ගාමිණී හෙළ සිනමාව පවතින තුරු නොනිමි පහනක් වනු ඇත.. (ර)
ගාමිණී යනු අප රටටේ හිටිය වටිනා වස්තුවක්. (ර)
මේ වගේ මිනිසුන් තව තවත් අපේ රටින් බිහි වේවා !!!(ම)
නළුවන් වූ ගාමිණි ෆොන්සේකාත් ගාමිණී හෙට්ටි ආරච්චිත් දෙදෙනාම සක්විති නළුවන්ය. එකිනෙකා එකිනෙකාට වෙනස් චරිතවලට පණදුන් උසස් නළුවන්ය. එනිසා පාරවල් වලට නළුවන්ගේ නම දැමීම අනවශ්‍ය බවයි මගේ නම් හැඟීම (නි)
ගාමිණී ෆොන්සේකා යනු ආසියාවට තාත්වික රංගන ශෛලිය හඳුන්වාදුන් අසමසම රංගධරයාය.මේ මහා නළුවට මාවත් අවශ්‍ය නැත. ඔහු අපට ලබාදුන් ආස්වාදය අපරිමිතය. (නි)
ගාමිණී ෆොන්සේකා නම් වූ උත්තරීතර කලාකරුවා තුළ සිටි අසාර්ථක දේශපාලක ප්‍රතිරූපය මෙයට බලපෑවාද? මේවා කාට කාටත් හොඳ පාඩම්. (බ)
සිනමා සක්විති ගාමිණී ශ්‍රී ලංකාවට මිණි පහනක්. අසමසම මිනිසෙක් (නි)
ඔහු අපේ හදවත් තුළ අමරණීයයි. (නි)
මොහාන්, ඔබට ස්තුතියි. මාද කීප වතාවක් බනානා රෙස්ට්හි නැවතී සිටියෙමි.ශ්‍රියා කළුබෝවිල මහත්මියත් අපගේ මිතුරු රත්නෙ මල්ලිත් ගහේ කොළේ ප්‍රණීත රස කෑම බිම වලින් නිතරම අපට සංග්‍රහ කරන ලදී. කලාකරුවන්ට ප්‍රංශය සැළකුවාට ලංකාවේ සළකන්නේ නලාකරුවන්ට බව අමතක නොකරන්න.කලාකරු සිනමා සක්විති ආදරණීය ගාමිණී ෆොන්සේකා නැවතත් අප අතරම ඉපදේවා! (නි)
තම සහෝදර නළු නිළියන්ද රවටමින් තම මුට්ටි කාසි තරකර ගැනීමට කඩේ ගොස්, අල්ලපු අත්තයි පයගහපු අත්තයි දෙකම නැතිකරගත් අය අතර ගාමිණි මහා සිංහයෙකි. (නි)
නියමයි. හොඳ කතාවක් (නි)
කලාකරුවන් වෙනුවෙන් මාර්ග සහ වීදි නම් කිරීමේදී අසාධාරණයක් සිදුවී යැයි කියන්නේ කෙසේද?මොකද දැන් කියන්නේ? (නි)
හොඳ ලිපියක් (නි)
ඉපදුන රටට ණය නැති අපේ කාලයේ වීරයා, සිනමා සක්විති (නි)
බොහොම ස්තුතියි සුනිල් මේ ලිපිය පල කිරීම ගැන , මගේ ඊළඟ සංචාරකයා සමග මම යනවා ශ්‍රියා හමුවෙන්න . (ම)
සිනමා සක්විති ඔබ අමරණීයයි. ඔබ අප රසික හදවත් තුළ සදා ජිවත් වනු ඇත. (බ)
මහ රජාණෙනි සින්දුව කිවු සහේලි නමින් පාරක් තිබේ සිනමාවේ සක්විතිට නැත (බ)
ගාමිණී කලාකරුවානනි, ඔබාමා සමග නැවත ඉපදේවා (ම)
ඔහු කිසිවක් ඉල්ලා නැත ,මේ රට ඔහුට කිසිවක් නොදුන්නාට, ඔහු සතු වූ සියලු දේ තම උපන් රටට ලබාදී ඔහු නික්ම ගොස් ඇත (බ)
ශ්‍රී ලංකාවේ සිටි සිනමා සක්විතිට ආශ්චර්යයෙන් යහපාලනයට සංක්රමණයවූ ශ්‍රී ලංකාවේ අද පාරක් නොමැත.
බොහෝ දේ ඉක්මනින් අමතක වන ජාතියකට මෙම ලිපිය අගනා ලිපියක් වනු ඇත .දේශපාලනය කුමක් වුවත් මිනිසුන්ගේ හදවතින් මේ මහා කලාකරුවානන් ඉවත් කිරීම නම් පහසු නොවනු ඇත .සුනිල් ආනන්ද මහතාණෙනි ස්තුතියි මේ ලිපියට (ම)
කවුද රජා ?මෙන්න රජා .මොන රජා ද ?කලා රජා ගාමිණී ඒ ඔබයි (බ)
මොහාන්, ඔයා මිනිස්සුන්ව අන්දවන්න හරි දක්ෂයා බව අපිට නම් රහසක් නොවෙයි. (බ)
සිනමාව අවදි කල හෙළ විරුවා ඔබයි ගාමිණී .(ම)
ගාමිණී පොන්සේකා සිංහල සිනමාව පවතින තුරු නොමියන මිනිසෙකි (ම)
සිනමා පුළුල් තිරය අවදි කලා ඒ ඔබයි ගාමිණී (ම)
ඉතා හොඳ ලිපියක් මගේ අතීතය අවදිකලා.හැට ගණන්වල දෙහිවල බ්රූඔද්වය් බේකරිය ඉදිරිපිට ටැක්සි නැවතුම අසල ගාමිණීව නිතර හවසට දැකගන්න පුළුවන් ගෙදරත් ඒ අසලමයි. හිල්වීදිය අසාහය නළුවා නමින් නම් නොකලත් ඔහුගේ නාමය ශ්‍රීලංකා සිනමා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී ඇත. (ම)
ගාමිණී ෆොන්සේ'කා 1977 කාලයේ කඩේ ගියේ ජේ ආර් ජයවර්ධන මහතා වෙනුවෙන් , සිරිමාවෝ බණ්ඩාරනායක සහ එවකට තිබු රජය හෙලා දකිමින් කතා කළ අතර හෙලා දකින බොරු වපුරපු සිනමා පටයක්ද කළා (සාගරයක් මැද ) නමින් , කඩේ ගියත් ඔහුට ලැබුන දෙයක් නැති බව පෙනේ (බ)
අසහාය දක්ෂ නළුවෙකු වාගේම අධ්යක්ෂකයකු මෙන්ම , අදක්ෂ රටට වෙඩක් නොවුන දේශපාලනය කළ කෙනෙකු වශයෙන් ජිවිතයෙන් සමු ගත්හ , පාරක නමක් මොහු වෙනුවෙන් අවශ්‍ය නැති උනත් , සිනමා රසිකයන්ගේ හදවතේ මොහුගේ නම සැමදා තියෙයි (හේ)
පාරවල් නැතිවුණාට හෙළ සිනමාවේ රන් අකුරින් ලියවී ඇති ගාමිණීගේ නාමය ගලේ කෙටුවා හා සමානයි. (බ)
සර් ධි බි ජයතිලක මාවත ලෙස හඳුන්වා ඇති දෙහිවල හිල් විදිය වෙනස් නොකර ගාමිණි පොන්සේකා මුල් යුගයේ ජීවත්වූ දෙහිවල දුම්රියපොළ පාර ට නමක් දමාගත හැකි නේද ?(හේ)