මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස මාසය බ්‍රහස්පතින්දා18 ඇරඹෙන බව සෞදි පුවත්පත් අනාවරණය කරයි. නව රාමසාන් සඳ බැලීමත් සමග උදාවන උපවාස මාසය මසක් පුරා පැවැත්වෙන අතර සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ සියලුම රටවල් මේ වනවිට ලහි ලහියේ සුදානම් වන බවක් දැකගන්නට හැකිය.
උපවාස කාලය සැමරීමට සෞදි අරාබිය ආවරණය වන පරිදි සියලුම ප්‍රදේශවල විශාල කුඩාරම් ඉදිකර ඇත්තේ උපවාසය අත හැරීමේ හෝරාවේදී ආහාර පාන ලබා ගැනීම සහ ධර්ම දේශනාවන් සඳහාය.
විශේෂයෙන්ම සෞදි බලධාරීන් පුවත් පත් වලට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ දෙස් විදෙස් සියලු ජනයා රාමසාන් කාලය තුළ එයට ගරු කරමින් ප්‍රසිද්ධ ස්ථාන වල ආහාරපාන සහ දුම් වැටි දැල්වීමෙන් වැලකී සිටින ලෙසයි. කෙසේ වුවද සන්ධ්‍යා සලා හෝරාවෙන් පසුව ආහාරපාන ගැනීමට බාධාවක් නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්‍ය අාගමිකයන්න්ට අාහාර ගන්න පුළුවන්. මෙතන සඳහන් වෙන්නේ ප්රසිද්ධතැන් වල අාහාර ගන්න එපා කියලා. එය වැරැද්දක් නොවේ. ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් නැහැ මොකද මුස්ලිම් ආපන ශාලාවල් ඇරලා තියෙනවා එයාලා කෑම දැක දැකත් උපවාසය කරගෙන යනවා මම දැකල තියෙනවා. එය මොනතරම් අපහසුද සෑම ආගමකටම ගරු කරන්න පුරුදු වෙමු (නදී)
ෆාහිම් කියලා තියෙන්නේ අර ඩෙනිම් ඇන්ඳහම භූමිකම්පා වෙනවා කියනවා වගේ කතාවක්! (නි)
කාටවත් බඩගින්නේ ඉන්න කියන්නේ නැහැ. ඒත් උපවාසයේ ඉන්න අයට පෙනෙන්න ප්‍රසිද්ධියේ කන්න බොන්න එපා (නි)
නුවන් කියන කෙනාට යම්කිසි අසහනයක් තියනවා. මේ මිනිස්සු අනෙක් ආගම් වල අයට හාමතේ ඉන්න කියලා නැහැනේ. ප්‍රසිද්ධ තැන් වල කෑමෙන් වළකින්න කියලා විතරයි ඉල්ලන්නේ. මම ලංකාවේ මුස්ලිම් කාර්යාල සඟයන් නෝම්බි අල්ලනකොට ඒගොල්ලන්ට පේන්න ගෙදරින් ගේන දවල් කෑම එකවත් මේසේ උඩ තියාගෙන කන්නේ නැහැ . කැන්ටිමට ගිහින් තමයි කන්නේ. අපි ඒ ආගම අදහන්නේ නැති වුණාට කොහොමද අල්ලපු පුටුවේ ඉන්න මිනිහා දවසක් නොකා ඉන්දැද්දී අපි කෙළ හල හලා කන්නේ. (නි)
අනෙක් ආගම් වලට පොඩි ගරු සැළකිල්ලක් දැක්වීම අපේ තත්ත්වයට මදිපුංචිකමක් නෙමෙයි. අපේ වෙසක් තොරණ් වල ගැයෙන ප්‍රධාන ගීතය ගයන්නේ කවුද කියලා මතක් වුණොත් මම මේ කියන දෙය බුද්ධිමත් පාඨකයන්ට වැටහේවි. (නි)
රුවන් හරි, මම ඉන්නෙත් ඩුබායි වල එත් අපි ප්‍රසිද්ධියේ කන්නේ බොන්නේ නැහැ එත් ගෙදරදී හරි ඔෆිස් එකේ හරි කන්න බොන්න තහනමක් නැහැ. බෞද්ධයෙක් විදිහට අපි අනිත් ආගම්වලට ගරු කළ යුතුයි. ආගමේ නාමයෙන් මිනිස්සු මරණ ත්රස්තයන්ට විරුද්ධ වෙමු. (ම)
ඔව් ඔව් රුවන්, ඕක ඉවර වෙලා කිරි අම්මා කෙනෙක් එහෙම මරලා අමු අමුවේ ගාතයක් ගෙනත් දුන්නම දෙන්නට කරට අත දාගෙන අයියයි මල්ලියි වගේ කන්න පුලුවන්නේ. නේද! අල්ලපු පුටුවේ මිනිහා බෞද්ධයා කියලා උගේ ආගමට සත්තු මරන එක පව් කියලා ඕකුන් සත්තු නොමරා ඉදීද මාසේ අන්තිමට? (ම)
සිසිර අපි සිංහලයන් විදියට අතේ තිබෙන කෑම එක අනෙක් කෙනා එක්ක බෙදා ගන්න බැරි නම් ඒ පුද්ගලයා ඉස්සරහ තලු මර මර කනවාද ? මම අන්න ඒ සිරිතටයි ගරු කරන්නේ. අනෙක් මම නිර්මාංශ පුද්ගලයෙක්. ඔය දෙන දෙන ගාත කන්න මට අවශ්‍ය තාවයක් නැහැ . (ම)
මොනවාද මේ කියන කතා ඈත්තටම? ගල්ෆ් රටවල නීතියක් අල්ලගෙන කෑගහන්නෙ? අපි ඩුබායි කටාර් ඉදලා තියෙනවා. මේ කාලෙට කන්න අපිට තහනමක් නැහැ. නමුත් ප්‍රසිද්ධියේ ආහර ගනීමයි නොකළ යුත්තේ... ඒ වාගෙම ගැබිනි මවුන්ට සහ කුඩා දරුවන්ට එය අදාල නොවේ (ම)
ශ්‍රී ලංකිකයකු හැටියට මම නම් කියන්නේ තම තමන්ගේ ආගමට ගරු කරනවා වගේම අනුන්ගේ ආගම්වලත් ගරු කරන්ඩ දැන ගන්න ඕනා (නදී)
සෞදි ඇතුළු ගල්ෆ් රටවල් මුස්ලිම් ආගම අදහන රටවල්. ඒ අය එයාලගේ ආගමට අනුවයි සියලු දේ කරන්නේ ඒ රටවල.අන්‍යාගමිකයන් හිටියා කියලා එයාලගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ.අපේ රට බෞද්ධ රටක් නිසා අපේ රටට උචිත පරිදි වැඩ කටයුතු සිද්ධවෙනවනේ.ඒකට කවුරුත් බලපෑම් කරන්නේ නැහැනේ.මෙතන ඇතැමෙක් ප්‍රතිචාර දක්වන්නේ හරිම බොළඳ විදිහටනේ. (නි)
ෆාහිම්,ඔයාට තියෙන්නේ ටිකිරි මොළයක්නේ. කොහෙද පාසල් ගියේ?? (නි)
මම වැඩ කරන්නේ සෞදිවල. කන්න බොන්න එපා කියා තහනමක් නැහැ. දැන් වෙලාව මෙහෙන් 1.16 යි දවල්. අපි හොඳට කාලා ඉන්නේ (නදී)
අනේ ඔව් තුවාන් ඔයගොල්ලෝ ආපු රටේ මේ වගේ සමගිය, ආගමික නිදහස නැනේ! (ම)
අනේ ඔව් ආගමික ගරු කිරීම බලන්න පුළුවන් සිකුරාදා පල්ලි ලග මේ ගොල්ලෝ හැසිරෙන විදිහෙන්! (ම)
ඉස්සරලා මේ තුවාන් ගේ රට වත් දන්නේ නැතුව අදහස් දානවා. නොදන්නා කම තමා ඉතින් ? (ර)
තුවාන්, මමත් ශ්‍රි ලාංකිකයෙකු ලෙස අහන්නේ... ඔබ කියන ආගමික නිදහස ඇයි සෞදි වගේ රටවල නැත්තේ? ඇයි අන්‍ය ආගමිකයින්ට පන්සල් කෝවිල් පල්ලි හදන්න දෙන්නේ නැත්තේ? තමන්ගේ ආගම අදහන්න දෙන්නේ නැත්තේ? (නි)
මේකේ කිසි වැරදි දෙයක් නැහැ . ඇයි අපි වලිගෙ පාගා ගන්නේ . අපි හැමෝම අපේ විවිදත්වයට ගරු කරන්න ඔනෑ. අපේ කාටවත් බඩගින්නේ ඉන්න කියන්නේ නැහැ. ඒත් උපවාසයේ ඉන්න අයට පෙනෙන්න ප්‍රසිද්ධියේ කන්න බොන්න එපා (නදී)
අබ්දුල්ලේ, ඇයි සෞදි වගේ රටවල ආගමික නිදහස නැත්තේ? (නදී)
මෙතන බබ්බු වගේ අදහස් දාන මුස්ලිම් කට්ටියට කියන්නේ ආගමික ගරුත්වය බලන්න තිබුන ඔයගොල්ලෝ ලංකාවේ බහුතරය වෙලා හිටියනම්.(ම)
කීර්ති ඇයි සෞදිය විතරක් අල්ලගන්නේ ? ඩුබායිවල හින්දු කෝවිල් , කුරුස පල්ලි පවා තියෙනවා..මලයාසියාවේ පන්සල් තියෙනවා. කුවෙට් රටේ කුරුස පල්ලි තියෙනවා. ඕමානයේ හින්දු කෝවිල් දෙකක් පවා තියෙනවා. විකිපීඩියාවේ ඕමාන් ටයිප් කර එහි රිලිජන් යටතේ ඇති දේ කියවන්න. කීර්ති හොයල බලන්න අන්තර්ජාලයේ - ලොවේ මුස්ලිම් බහුතරවූ රටවල් පනස් තුනක් තියෙනවා.. ඒවායින් සෞදි වගේ 3 ක් 4 හැරෙන්න්න අනිත් රටවල් සියලු ආගමික අයිතිවාසිකම් ඇති රටවල් (නදී)
ෆාහඩ්,මලයාසියාව බෞද්ධ රටක් කලින්. ඒ වගේම ඉස්සර ඇෆ්ඝනිස්තාන් ,බාමියන් මේවා ඔක්කොම බෞද්ධ රටවල් (නි)
ආගමට ගරු කරනවා කියලා අපි නොකා ඉන්න ඔනෙද, අනික ඔයාලා උපවාස කරන්නෙ ඔයලාගෙ කැමැත්තට. (ර)
සුබ රාමසාන් මංගල්‍යයක් වේවා! (නි)
එහෙමද හිනා වෙන්නකෝ එහෙනම් (බ)
ඉල්ලීමක්ද කරලා තියෙන්නේ.. නමුත් අපට දැනෙන විදිහටනම්, බලහත්කාරකමක්, තර්ජනයක් වගේ දෙයකුයි කරලා තියෙන්නේ.(ම)
නොදියුණු නොහික්මුණු කොටසකගේ මහා සත්ව ඝාතනය ඇරඹෙන වගයි. මේ මහා පාප කර්මයට දඩුවම් සොබාදමෙන් නිසැකයි! (ම)
යම් රටක ආගමික සංග්ස්කෘතික වටිනාකම් වලට ගරු කරන්න කියන එක බලපෑමක් වෙන්නේ කොහොමද? අපි එහෙනම් පෝයදාට බාර් වහන්නේ? (ර)
සේන, පෝය දවසට බාර් වහන්නේ මේක බෞද්ධ රටක් නිසා. (ර)
ආගමකට ගරු කරන්න දන්නේ නැති අය ඉන්නකන් විවිද ගැටළු ඇති වේවි. මම කැමති සේනගේ කතාවට. (ර)
මේ කාලේ අන්යාගමිකයෙක්ට කෑම ටිකක් කන්නවත් නැහැ දැක්කොත් ඉතින් ගුටි තමා. තුවාන් හිනා වෙන්න කියන්නේ ඒකට වෙන්න ඇති.? (ර)
තුවාන්,දන්නේ නැති නිසා අහන්නේ ඔය කාලේ ඩෙනිම් අදින්න තහනම්ද?? (ම)
අප සියලු දෙනා සියලු ආගම් වලට ගරු කරන්න පුරුදු වෙමු. (ර)
මරු ඉල්ලිමක්නේ කරලා තියෙන්නේ, හිනා යනවා!! (ස)
මෙතන මෝඩ ප්‍රශ්නත් අහලා. (නි)
පේමා,කවුරුවත් කවන්න එන්නෙ නැහැ.ඔයා අරගෙන කන්න ලැජ්ජා වෙන්න එපා! (තේරුමක් නැති ඔයාගේ අදහසට අපිටත් ලැජ්ජයි) (නි)
අපි සියළු ආගම් වලට ගෞරව කළයුතුයි (නි)
ඒ අය කියන දේ ඔවුන් බලා ගනීවි පිනක් හෝ පවක් හෝ ඕනෑම දෙයක් ප්‍රතිපල ඔහුන් බලා ගනීවි අපි මොකටද ඒ ගැන අපේ විදිහෙන් බලන්නේ අපිට කරන්න තියෙන්නේ සුබ පතන එක පමණි (අ)
සැමටම සුබ පැතුම්! (නි)
අපි යේමනයේ වැඩ කරන කාලයේ ඉතාමත් රසවත් ආහාර පාන මේ කාලයට අපිටත් බුක්ති විඳිට ලැබෙනවා. සැමට සුබ පැතුම්! (ර)
ලංකාවෙන් ඇතුළේ ඉන්න අය කොහේද දන්නේ පිටරට වල නීති? (නි)
සියලුම ආගම් වලට ගෞරව කරන්න ඕනි, එත් තවත් ආගමක තියෙන විස්වාසයන් පිළිපදින්න ඕනි නැ. (ර)
ලලිතා ඔයගොල්ලෝ එහෙම කළේ නැති උනට අපි හරියට කරනවා (නදී)
සෞදි වල රාමසාන් දවස් වල උපවාසය අත්හරින වෙලාවට තිබෙන දන්සල් වලින් ඕනෑම ජාතියක, ඕනෑම ආගමක අය ආහාර ගන්නවා. (නි)