පසුගිය සතියේ සෞදි අරාබියේ මක්කම නුවර ප්රධාන දේවස්ථානයේ දොඹකරයක් පෙරළීමෙන් ඇති වූ අනතුරෙන් ජිවිත අහිමි වූවන් වෙනුවෙන් සෞදි රජයෙන් වන්දි මුදලක් ගෙවීමට තීරණය කර ඇති බව සෞදි පුවත් පත් සදහන් කරයි. මියගිය පුද්ගලයකු වෙනුවෙන් සෞදි රියාල් මිලියනය (රුපියල් තුන් කොටි හැට ලක්ෂය) බැගින්ද සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ අයකු සඳහා රියාල් මිලියනය බැගින්ද ආබාධිත තත්වයට පත්වූ අයෙකු සදහා රියාල් පන් ලක්ෂය බැගින්ද ලබාදීමට සලමාන් රජතුමා නියෝග කර ඇති බවද සඳහන් වේ. මෙම අනතුරෙන් ආබාධිත තත්වයට පත්වීමෙන් මක්කම වන්දනා කිරීමට සහ ආගමික වතාවත් සම්පුර්ණ කිරීමට නොහැකිවූ සියලුම බැතිමතුන්ට එළබෙන වසරේදී සෞදි රජතුමා වන සලමාන් රජු සමඟ මක්කම වන්දනාමාන කිරීමටද අවස්ථාව සලසා දීමට ද සෞදි රජය තීරණය කර ඇති බවද පුවත්පත් සඳහන් කරයි.
දැනට සෞදි රෝහල් වල ප්රතිකාර ලබන අයගේ පවුල් වල සාමාජිකයින් හට සෞදියට පැමිණීමට සංචාරක විසා ලබාදීමටද කටයුතු කරන බවත් සදහන් කරයි. මක්කම දේවස්ථානයේ අනතුරෙන් 111 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 238 දෙනෙක් තුවාල ලදහ.
මෙම අනතුර පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිකරන සෞදි පුවත්පත් සඳහන් කරනුයේ මක්කම ප්රධාන දේවස්ථානයේ ඉදිකිරීම් කටයුතු දීර්ග කාලයක් තිස්සේ සිදුකරනු ලබන මෙම දොඹකරය හිමි සෞදි බින් ලාඩින් ගෘප් සමාගමේ අධ්යක්ෂක මණ්ඩලයට සෞදි අරාබියෙන් පිටවීම තහනම් කර ඇත්තේ අනතුර පිළිබඳව පරීක්ෂණ කටයුතු ඉදිරියටත් කරගෙන යාම සදහා බවයි . කෙසේ වුවද මෙන අනතුර පසුගිය දිනවල මක්කම ප්රදේශයට හමා ආ දැඩි සුළඟ නිසා සිදුවූවක් බවට අනුමාන කරයි. අනතුරට බඳුන්වූ විශාල දොඹකරය නිෂ්පාදනය කරන ලද ජර්මාන් සමාගම පවසා ඇත්තේ මෙවැනි විශාල දොඹකර තිහක් පමණ ලෝකය පුරා විසිරී ඇති අතර මෙතෙක් කිසිදු අනතුරක් වාර්තා වී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි රජුගේ මේ උතුම් ක්රියාව අගයකරන්න කැමතියි (නි)
අපේ රජතුමා ලංකාව බේරගත්ත එක අමතක කරන්න එපා. හොඳ දේ අගයන්න මොන වැරදි කළත්. (බ)
ඔව්..මෙතුමා අනෙක් රාජ්ය නායකයන්ට හොඳ ආදර්ශයක්.(ම)
මෙතුමා අනෙක් නායකයන්ටත් ආදර්ශයක් (නි)
ඇයි අපේ රජතුමාත් සුනාමිය වෙලාවේ උදවු කර ගත්තේ හෙල්පින් හම්බන්තොයින්.(ම)
මේකේ කට්ටිය සෞදි රජුව අගයකරලා තිබෙන හැටි හොඳයි.අපේ හිටපු රජතුමාත් අපිට උදවු කළ ජපානෙට සුනාමිය ආ වෙලාවේ උදවු කළා කියලා මතක්වුණා මට (නි)
අපේ රටේ සමහර බෞද්ධයෝ නම් නමින් පමණයි, ක්රියාවෙන් උතුම් නැහැ. අනෙක් අයට පළමුව මෛත්රී කරන්න ඉගෙනගන්න. (නි)
මනුස්සකම පිරුණු රජ කෙනෙක් (නි)
කොච්චර හොඳද? (නි)
අනතුරක් වුණ වෙලාවකදී මෙහෙම පිහිටවෙන එක මොනතරම් ලොකු දෙයක්ද? (නි)
මොකෝ මිලියන් ගණන් දෙන්න බැරි? රජුගේ සාක්කුවෙන් අරගෙන නොවෙයිනේ ඕවා බෙදන්නේ (නි)
බොහොම සන්තෝෂයි (නි)
අනුන්ගේ ආගම් විවේචනය කරන්නා තමන්ගේ ආගම නිසි පරිදි අදහන්නේ නැත.......... (ම)
උතුම් ක්රියාව අගයකරන්න කැමතියි...එකට අපේ මහා රජ දීපු දේවල් අපිට මතකයි .. (ම)
කවුරු කළත් හොඳ දේ අගයන්න ඕනෑ (නි)
ස්වර්ගයට තමන්ගේ නෑදෑයන් යැව්වට රජතුමාටනේ මේ මිනිස්සු සල්ලි දෙන්න ඕනේ! (බ)
මමනම් මේක දිහා බලන්නේ මේ වගේ මෝඩ විදියට නෙවෙයි , එකම ආගමක් අදහන රට ජාතිය කුමක් වුණත් මේ රාජ්ය නායකයා ලොවට දුන් ආදර්ශය අපේ වර්තමාන රජවරුනම් කරයිද (අ)
රිසානා දියණිය ජිවිතයෙන් වන්දී ගෙව්වේ දුප්පත් කම නිසා .කවද ද ලංකාවේ දුප්පත්කම නැතිවෙන්නේ එවිට වහල් සේවයත් නවතී. සියට සීයක්ම ලංකාවේ පිරිමින්ගේ පවුලක් නඩත්තු කිරීමේ නොහැකියාව නිසාත් ගැහැනු රට යති. (අ)
මුස්ලිම්වරුන් ජිවිතයේ එක් වතාවක් පමණක් වන්දනාමාන කරන ස්ථානයක් තමයි සෞදි අරාබියේ පිහිට ඇති ශුදවූ මක්කා නගරය.ඔවුන්ගේ විස්වාසය අනුව නිසියකරව වන්දනමන්කිරීමෙන් ස්වර්ගය නිතැතින්ම හිමිවේ.විශාලවසයෙන් ජනයාගැවසෙන ස්ථානවල අනතුරු සිදුවේ.එබැවින් සෞදි රජය වන්දි මුදලක් ගෙවනු ලබනේ නම් කාලෝචිතය.මන්ද ශ්රී ලංකා මුදලින් මක්කම යාම සදහා ලක්ෂ 4ක් පමණ වැයවේ. (අ)
සෞදි රටවල් ජිනිව සම්මුතිය අත්සන් කරලා නැහැ! ඒ නිසා සරණාගතයෝ ඒ ගොල්ලෝ ගන්නේ නැහැ! අනික සරණාගත වෙස් වලාගෙන ත්රස්තවාදීන් ලොරි පිටින් බටහිරට සංක්රමණය වෙනවා! (බ)
අයි.එස්. කාරයන්ට බයේ යුරෝපෙට යන්නේ නැ.ඔය කපටි කමට යන්නේ. නැත්නම් සෞදි රටවලට යන්න පුළුවන්නේ.සේරම යන්නේ කැනඩාව යුරෝපය වගේ රටවලට දුක විඳගෙන යන්නෙත්.අයි.එස් කාරයන් ත්රස්තවාදීන් මරන්නේ ඇමරිකා යුරෝප අයව . (අ)
අර හිරු නිව්ස් වල පෙන්නුවේ හුසේන්ලගේ කට්ටිය හොර පාස්පෝර්ට් වලින් කාන්තාවන් රට පටවන හැටි තව අරාබි කාරයෙකුත් හිටියා! (අ)
පව් ඉතින් මොනවා කරන්නද ? (හේ)
ඔය රිසානා ළමයව හොර පාස්පෝට් හදල දෙවියෝ ළගට යැව්වෙත් හුසේන්ලගේ කට්ටිය තමා! (බ)
අයිඑස් කාරයන්ට බයේ යුරෝපෙට ලොරිගණන් යන සරණාගතයන්ට උදවුවක් කළොත් නරකද.මොකෝ ඒ මුස්ලිම් නොවන රටවල් වලින් උදවු ගන්නකන් අැහැ කට පියාන ඉන්න එක මදිකමක් නොවේද මහරජ. (බ)
හුසේන් ගොනා නොවී ඉන්නවද? (බ)
අපිට තාම මතක තියෙනවා හුසේන් ඔයාලගේ කට්ටිය මියෝ වගේ සද්ද නැතුව හිටිය හැටි අර රිසානාගේ මරණ දඩුවම ඉවත් කරන්න අපි හඩක් නගපු වෙලේ! ඒ වෙලාවටත් දෙවියෝ ස්වර්ගේටද යවන්නේ? (බ)
හුසේන් ඔවුන් ස්වර්ගයට යනබව ඔප්පු කරන්න (ම)
ඔවුන් ස්වර්ගයට යනවා. අතුල යන දිහා අතුල දන්නවා ඇතිනේ. (ම)