අලි රැක බලා ගැනීමට තම ජීවිතයම කැප කරන එංගලන්ත තරුණියකි . රැචියල් මර්ටන් (33) නම් ඇය ජීව විද්‍යා උපාධිධාරිනියකි.
අවුරුදු 2, 3ක් වන ඇත් පැටවුන් 6 දෙනෙකුට මවක් වී ඇති රැචියල් දකුණු අපි‍්‍රකාවේ එකම අලි බාලාංශ අනාථාගාරය පවත්වාගෙන යයි. එසේම ඇත් පැටවුන් පවා ඇයට බෙහෙවින් ආදරය දක්වන බව පෙනේ.
තුවාල වු අලින්ට ප්‍රතිකාර කිරීම, අලින්ට උපරිම ආරක්ෂාව, අවශ්‍ය ආහාර පාන සැපයීම පමණක් නොව කටු චිකිත්සාවෙන් අලින්ගේ රෝග සුව කිරීමද මෙහිදී ඇය අතින් සිදු වේ. එසේම ඇය පැය 24ම සතුන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින බවද පැවසේ.
උපාධිය නිමවූ පසු ලොව වටා සතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියකට සම්බන්ධ වූ ඇය 2008 දී සැම්බියා රාජ්‍යයට පැමිණියාය.
ඇත් දළ ගැනීමට සැම්බියාවේ අලි විශාල සංඛ්‍යාවක් දඩයම් කරන බව දැන ගත් ඇය එතැන් පටන අලි රැක බලා ගැනීමට එහි නතර විය. මේ දක්වා එම අරමුණ ඉටු කර ගැනීමට ඇය මහත් වෙහෙසක් දරණුයේ සතුටිනි. පවුලේ අය පවා අමතක කෙරුවේ තමා සතුන්ට ඇති ආදරය නිසා බව ඇය පැවසීය.
අන්තර්ජාතික සත්ව සුබසාධන අරමුදල සමග එක්ව සැම්බියාවේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති රැසක් කිරීමටද ඇය බලාපොරොත්තුවෙන් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින්නට, අසන්ට, ප්‍රිය උපදවන පුවත් ගෙනෙන ලංකාදීපයට තුති!(දිල්)
පේළියට එන ලස්සන...(නදී)
මේ තරුණ හදවතේ තමා ජීවමාන දෙවියන් වැඩ සිට්න්නේ. මේ කැලේ තමයි ඇයගේ දේවාලය.(නදී)
අසන්නට ලැබුන ලස්සන පුවත්.(නදී)
හරිම ලස්සන දසුන් පෙළක්. ඉතාම අගනා සේවයක්. (නදී)
මාරම ලස්සන දසුන් පෙළක්. මෙවැනි අය මේ ලොවේ දෙවිවරු වේ. (අ)
මේ වගේ සුර දුතිකාවන් හොයා ගන්න එක නිකිණි හොයනවට වැඩ අමාරු වැඩක්.(නදී)
බුද්ධාගමට අනුව අපි මැරුණම මනුෂ්‍ය ආත්මයක් ලබන ඉඩ කඩ කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා තාරම් විරලයිලු. මේවා මතක තියාගෙන අපි හැම සතෙකුටම අනුකම්පා කල යුතුයි. මේ සතුන්ටත් හැගීම් දැනීම් තියනවා කියල උන්ව ඇති කරන අයට තේරෙනවා. (නදී)
ලංකාදීපයට ඉස්තුති. වටිනා ලිපියක් සමග වටිනා රුප රාමු පෙළක්. රුචියල් මාර්ටින් තුමියට ශක්තිය ලැබේව අයගේ මහගු කාර්යයට. අයගේ හදවත වගේම ලස්සන කෙනෙක්. අද සමාජයට ආදර්ශයක්. (අ)
මේකට ලියල තියන හැමෝගෙම අදහස් වලට මාත් එකගයි.(නධී)
නිමල්, ඔබගේ අදහස මම අගය කරමි.(නදී)
සතුන්ට වඩා මිනිසුන්ට ආදරය , සේවය කල යුතුයි. නැතිව ලෝකයට පෙන්වන්න මෙහෙම මෝඩ වැඩ නොකළ යුතුයි. මෙම කාන්තාව ගෙදර අය අමතක කර මෙම කරන කාර්යය පල රහිතයි.(නදී)