සෞදි අරාබි ප්රහාරක යානා යේමනයේ සනා අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගුවන් ප්රහාර එල්ලකැර ඇතැයි ඉරානය චෝදනා කරයි.තානාපති කාර්යාල ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකු තුවාල ලබා සිටින බව ද ගොඩනැගිල්ල විනාශ වී ඇති බවද ඉරාන රාජ්ය රූපවාහිනිය වාර්තා කර ඇත.
සෞදි බලධාරීන් පවසන්නේ මෙම චෝදනා ප්රතික්ෂේප කරන බවයි. යේමනයේ සානා අගනුවරින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් බිබීසී සේවය වාර්තා කරන්නේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලට හානි වී නොමැති බව ප්රදේශවාසීන් පවසා ඇති බවයි.
සෞදි අරාබියේ දී ෂියා පූජකවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඉරානයත් සෞදි අරාබියත් අතර රාජ්ය තාන්ත්රික ගැටළු රැසක් ඇතිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් සාමය උදාවේවා! (නි)
මේගොල්ලෝ සාමය කියන එක දන්නවද ? මේගොල්ලෝ ඉල්ලන්නේ ඇසට ඇසක් , අතට අතක් , ලෙයට ලෙයක් , අපි සාමයෙන් ඉන්න බලමු පස්පවින් වැළකිලා (කෞ)