පිටේ බැඳගෙන යා හැකි කුඩා රොකට් කිහිපයක් සවිකර ඇති උපකරණයක පිහිටෙන් මිනිසුන්ට අදිසි වේගයක් අත්කර ගත හැකිවේදැයි සම්බන්ධව ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පර්යේෂණ කරමින් සිටිති.
‘‘ජෙට් පැක්‘‘නම් වන මේ උපකරණය මෙතෙක් චිත්‍රපට වලට හා කාටූනයන්ට පමණක් සීමාව තිබුණද දැන් එය යථාර්ථයක් වන අයුරු පෙනෙන්නට තිබේ.
ඇමරිකා ආරක්ෂක අංශ යුද පිටියේදී හමුදා භටයින්ට අඩු වෙහෙසකින් වැඩි දුරක් දිවීමට හැකියාව ලබාදෙන උපකරණයක් සකස් කර දෙන්නැයි කළ ඉල්ලීමක් නිසා මෙම පර්යේෂණයන් සිදුකරන බව පර්යේෂකයෝ කියති.
පර්යේෂකයින්ගේ අරමුණ සැතපුමක දුරක් විනාඩියකින් ගෙවා ගැනීමට යොදා ගත හැකි උපකරණයක් නිපදවීමයි.
රොකට්ටු ආධාරයෙන් කළ පර්යේෂණ වලින් යම් තරමක සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවූ බව ඔවුහු පවසති.
රොකට්ටු වලින් දිවීම පහසුකරවීම කෙසේ වෙතත් ඒවායේ සැර බාල කර ඇති හෙයින් ගුවන් ගතවනු ඇත්දැයි බිය විය යුතු නැති බව ඔවුහු කියති.
දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් රොකට්ටු සවිකරන ලද උපකරණය පැළද සැතපුමක් දුර දිවීමේදී එම දුර දිවීමට සාමාන්‍යයෙන් ගතකරන කාලයෙන් තත්පර 18 ක් පමණ අඩුකර ගත හැකිව ඇතැයි සදහන්ය.
උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමේ කටයුතු කෙරෙහි පර්යේෂකයෝ යොමුව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජෙට් පැක්' පර්යේක්ෂණ සාර්ථක වේවායි පතමු ! අපට බස්රියකින් කොළඹ යනවානම් අවම පැය 2,1/2 ක් ගතවෙනවා.මේ ක්‍රමයෙන් පයින් ගියත් ගතවෙන්නේ විනාඩි 49 යි.සොල්දාදුවන්ට වඩා වටින්නේ අපිට.කෙසේවෙතත් ඇමෙරිකාව යුද්ධය පවතින රටවල දත් ගලවන්නමයි මාන බලන්නේ ! (අ)
අපෝ ඕක අපේ රටට ආවනම් දැන් ත්‍රිරෝද රථ වලට වෙනදේ තමා වෙන්නේ. (අ)
තාක්ෂණයේ දියුණුව ඉහළයි.(දිල්)
දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් රොකට්ටු සවිකරන ලද උපකරණය පැළද සැතපුමක් දුර දිවීමේදී එම දුර දිවීමට සාමාන්‍යයෙන් ගතකරන කාලයෙන් තත්පර 18 ක් පමණ අඩුකර ගත හැකිව ඇතැයි සදහන්ය. තත්පර 18 ට ඔච්චර දුක් වෙන්න ඕනෙද? (නදී)
මානව හිමිකම් ගැන හිතල ඕක ඉස්සර වෙලාම ත්රස්තවාදීන්ට දීල ඊට පස්සේ හමුදාවන්ට දෙයි මයේ හිතේ (නදී)
ෂා අපරාදේ කලින් මේක හැදුවා නම් උෟවේ ඡන්දෙට අපේ අපේක්ෂක මහත්වරුන්ට විකුණා ගන්න තිබ්බා ගෙවල් ගානේ ගිහින් මනාපේ ඉල්ලාගන්න (නදී)
කෙනත් ඔබ හරි, අද මෝඩයන් බොහොමයක් බුද්ධං සරණං ගච්චාමි නොවෙයි , රමායන සරණං ගච්චාමි සහ රාවන සරණං ගච්චාමි වෙලා ඉන්නේ. ඔවුන් බෞද්ධයන්ට වඩා ආත්ම වාදයකට යන රාවණාගේ නැගිටීම ගැන දත නියවගෙන බලාගෙන ඉන්න අතර සිංහල බෞද්ධ උරුමයට පහර ගසමින් සිටින නිවට රැලකි. (ස)
ඇමරිකාව නව සොයාගැනීම් කරනකොට සමහර ළිං මැඩියෝ බක බක ගානවා (නි)
දේශපාලනයට ඇවිල්ලා එකපාරටම මන්ත්‍රීවරුන් ඉහළ යන වේගය ගැන ඇමෙරිකානු පර්යේෂකයින් තවම දන්නේ නැති පාටයි. (නි)
ඕක ලංකාවට ආවානම් ඊළඟ දවසේ පත්තරේ තියේවි පයින් ගිය දෙන්නෙක් හැපී නසී කියල. (අ) .
ඔන්න ලේසියෙන් බෙල්ල කඩාගන්න වැඩක්, අපේ අයට දුන්නොත් දෙකක් දාගෙන ගිහිල්ල වාහනයකට අඩයක් තියයි. (අ)