ඇමෙරිකාවේ මොන්ටානාහි යෙලෝස්ටෝන් ගංඟාවේ ජීවත්වන යෝධ ගෙම්බන් සියළු උභයජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති.
මේ ගෙම්බන් ආක්රමණකාරී ලෙස වැඩිවෙමින් පවතින අතර දක්නට ලැබෙන ඕනෑම දෙයක් ආහාරයට ගනිමින් සියලු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිටියි. ඇමෙරිකන් බුල්ෆ්රොග් ලෙස හඳුන්වන ගෙඹි විශේෂය කෘමීන්, කුරුල්ලන්, මැස්සන් පමණක් නොව තම වර්ගයාම පවා ආහාරයට ගැනීමට තරම් පෙළඹෙති.
පරිසරවේදීන් පෙන්වාදෙන්නේ 2010 සිට මේ දක්වා කාලයේ දී ඔවුන්ගේ බෝවීම හතර ගුණයකින් වැඩිවී ඇති බවයි. දැන් මොවුන්ගේ ගහනය පාලනය කැරගත නොහැකිය. අඟල් 12ක් පමණ වූ මේ ගෙම්බා ඇමෙරිකාවට ආවේණිකය. විද්‍යාඥයන් පවසන්නේ මොවුන් සුරතල් සතුන් ලෙස ඇතිකැර අනතුරුව පරිසරයට මුදාහරින ලද සතුන් කොට්ඨාශයක් බවයි. එසේම මොවුන්ගේ ඉස් ගෙඩියන් මාළු ඇල්ලීමේ දී ඇමට යොදාගෙන ඇත.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ අනෙක් උභය ජීවීන්ට මාරාන්තිකවන දිලීරයක් මේ ගෙම්බන් විසින් පරිසරයට මුදාහරින බවයි. මොවුන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීම අනෙක් සියලු උභය ජීවීන්ට තර්ජනයක් වී ඇත්තේ ඒ හේතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බා බිත්තර දහස් ගණනින් දමා සිය වර්ගයා බෝකර ගනී.මිනිසාට විෂ නැති උරගයින් ,විශාල පක්ෂීන් ,උභය සිව්පා ජීවීන්,ලවා මොවුන්ගේ බෝවීම වඳකර ගතහැකියි !ගෙම්බා නිතරම පුම්බාගෙන සිටින නිසා ඇමෙරිකාවට වටිනවා එක් අතකට ! (ස)
ඇමරිකන් ගෙම්බෝ කොහොමත් ලෝකෙට කරදරයක් තමයි (නදී)
මුන් මොන ගෙම්බොද? අපේ ඉන්න උන්නේ ගෙම්බෝ කියන්නේ. (නි)
තායිලන්තයට යවන්න ආහාර පිණිස (නදී)
අපේ පාර්ලිමෙතුවෙත් ඔය වගේම ගෙම්බෝ ඉන්නේ මුළු රටම විනාස කරන. (නදී)
බැරක් ඔබාමාගේ සහෝදරයෙක් වෙන්න ඇති එයත් ලෝකෙටම කරදරයක් නේ (නදී)
ඔය ගෙම්බගේ ගහණය වැඩිවෙන එක හැමදාම සිදුවෙන්නේ නෑ. පරිසරය මගින් ස්වාබාවිකවම පාලනයක් කරන්න (නදී)
ආ ........... ඇමරිකන් ......නේ....? ඇමරිකාවේ ඊලග ජනාදිපති ඡන්ද ලකුණට කියාපු සංකේතේ. (නදී)
ඇමෙරිකන් ගෙම්බෝ මුළු ලෝකෙම විනාශ කරනවා! (නි)
ඔය ඇමරිකන් ගෙම්බා සතුන්ට විතරක් නෙමෙයි මුළු ලෝකයටම තර්ජනයක්. (නි)
මට නම් බන්දුල පෙරේරාව මතක් වෙනවා. (නදී)