ලොව සතුටින්ම සිටින ජාතීන් අතරින් ශ්‍රී ලංකාවට 137 වැනි ස්ථානය ලැබි ඇත.
එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව නිකුත් කරන ‘මර්ලඕ හැපිනස්‘ වාර්තාව මගින් මෙය ඉදිරිපත් කරන ලදී.
මෙම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින ජාතිය වනුයේ ඩෙන්මාර්කයයි.
මෙම වාර්තාව සකස් කිරීම සඳහා රටවල් 156ක් තෝරා ගෙන ඇත.
කොළොම්බියා විශ්ව විද්‍යාලයක් මගින් සකස් කර ඇති මෙම වාර්තාව සදහා දළ දේශීය නිෂ්පාදිතය, ආයු අපේක්ෂාව, සමාජ නිදහස, තේරීමේ නිදහස ආදී නිර්ණායක භාවිත කර ඇත.
ඩෙන්මාර්කය 7.793ක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, නෝර්වේ 7.655ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ස්විස්ටර්ලන්තය 7.650ක් ලබා තුන්වැනි ස්ථානයේද පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ථෙරවාදී බුද්ධාගම අදහන රටක්. ඒක හරියට කරනවා නම්, ලද දෙයින් සතුටුවෙලා ආශාවල් පස්සේ දුවන්නේ නැතුව හිටියොත් සියල්ලටම සතුටින් ඉන්න පුළුවන්. කොහොමත් මේ ප්‍රතිපල නම් මම පිළිගන්නේ නැ. ඔය කියන බොහෝ රටවලට වඩා අපේ මිනිස්සු සතුටින් ඉන්නවා. හැබැයි යූඑන්පී අය නම් අසතුනින් මොකද? අවුරුදු 20 කින් විතර ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුන නිසා. සමීක්ෂණයට ගත්තේ යූඑන්පී අය විතරද දන්නේ නැ. (ස)
තනි ඇහැට ඇඩෙනවා(දී)
ඇති ඒ තැනවත් ඉතුරු උනා (දී)
ඒ තරම්ම අපිට සතුටක් නැද්ද? (දී)
කාව අරගෙනද සංගණනය කලේ (දී)
ලංකාවේ සතුටින් ඉන්න එක සාමාන්‍ය පන්තියේ මිනිහෙක් පෙන්නන්න පුලුවන්නම් අභියෝග කරනවා (දී)
අපේ නිදහස සහ සතුට 1948 දී ඇතිවූ නමුත්??????...... කවුරුන් විසින් හෝ එය සොරාගෙන ගොස් ඇත. (දී) .
ඇයි අපි එච්චර පහතට වැටිලා? (දී)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්රනයක් කියල හිතාගෙන තත්පර දෙකකට විතර සතුටු වෙමු නේද? (දී)
ලංකාවේ සෙනග මහා අනුවන සෙනගක්, හැම දේටම පෙර කරුමය කීය කියා, තැවී තැවී ඉන්න එකතමා කරන්නේ. හැම දෙසුමකටම කියන්නෙත් ඒක විතරය් නේ. (දී)
රුවන් ඔබ හරි . මේ රටේ එකට ඉදගන කෑම වේලක් කන්න පවුලේ අයට වෙලාව හෝ නිදහස නැහැ. ශ්‍රී ලංකාවේ අපි සම්බෝල එක්ක බත් ටික සතුටින් පවුලම එකට ඉඳගන කනවා . (දී)
බටහිර කුමන්ත්‍රණයක් සුවෙර් එකටම (අ)
කොහොමද මේක මනිනින්නේ .අලුත් දර්ශක ගෙනත් රටවල් පහතට දාන හැටි(අ0
මේකත් බටහිරටවල නාඩගමක්. මෙයාල මෙහෙම නිගමනවලට එන්නේ, කාගෙන් තොරතුරු අරන්ද? ශ්‍රී ලංකාව සතුට අතින් මුලටම එන්න ඕන රටක්. අපිට කොච්චර ප්‍රශ්න තිබුනත් සතුට නැත්තේ නැහැ. (දී)
අනේ මේ කමෙන්ට්ස් නිසා මම නම් හරිම සතුටින් තමයි හැමදාම ඉන්නේ. ඉතින් මාවත් ඔය සංගණනයට ගන්නකෝ.(නදී)
සාමා, ඇයි 2009 ලැබිච්ච සතුට බල තණ්හාව නිසා නැති උනා මතකයි නේද ?(නදී)
සතුටින් ඉන්නද ඕනේ? හරි ලෙහෙසියි.තව කෙනෙක් වගේ හෝ අනුන්ව අනුකරණය නොකර තමන්ගේ අදායමට අනුව ජිවත් වන්න.මහා මෙර දිහා බල බලා උහුලන්න එපා.ඕනවට වඩා ජිවිතයෙන් හෝ අනිකුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.හදිසි ධන ලාබ ඔඩොක්කුවට වැටෙනකම්, මිරුගුවන් පසු පස ලුහු බඳින්න එපා.තමාගේ හැකියාවන් නොවැරිදිව වටහාගන්න.තම ගේ හැකියාවන් හා ලැබූ අධ්‍යාපනයට අනුකුලව සම්පත් බලපොරොතු වෙන්න. (ස)
රවී . මම හිතුව රටවල් 136යි සමීක්ෂණයට අරන් තිබුනෙ කියල. (අ)
කාලිංග, ලංකාවේ සතුටින් ඉන්න එක සාමාන්‍ය පන්තියේ මිනිහෙක් පෙන්නන්න පුලුවන්නම් අභියෝග කරනවා. (ස)
ලංකාවේ මින්ස්සු මොන සතුටකින්ද ඉන්නේ කියලා එයාලගේ මැළවුන මුහුණු දකිද්දී තේරෙනවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයම වයසට වැඩිය මහලු පෙනුමක් කින් පසු වෙන්නේ. එදිනෙදා ජීවිතය ජීවත් කරවන්න බැරිව. රටේ 95% අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ලංකාවේ වැහැරුණු මුහුණු දකිද්දී ඉතියෝපියාවේ, සෝමාලියාවෙවත් නැතිව ඇත් මේ තරම් මානසිකව දුක් විදින ජනතාවක්.(නදී)
අචිනි, වංචාව සහ දූෂණය අතින් පලමු තැන දිනාගන්නේ ලංකාවයි. දේශපාලනයට පිරවර මනින ළදරු කොල්ලත් අර්ථ පොත් තබන්නේ ලක්ස 66500 කින්. ඩොලර් මිලියන 50 කින්.(නදී)
තිලක් - ඩුබායි, ඔයා ලංකාව ඇවිල්ලා බලන්න. සල්ලි තියෙන මිනිස්සුන්ට වඩා දුප්පත් මිනිස්සු සතුටින් ඉන්නවා. ඔයා ඩුබායි නිසා ඔයාගේ නෝනා නම් දුකෙන් ඇති. !!!!!!!!! (ස)
තිලක්, රටවල් 136 නම් තිබුනේ, 137 වෙන්න කොහොමද ?? (ස)
කාලිංග, මම ඔයාට අභියෝග කරනවා. මම ඉන්නේ ඉතාම සතුටින්. (ස)
මේ දවස්වල සතුට තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ .මේ සමීක්ෂණය පරණම එකක ප්‍රතිඵල වෙන්න ඇති. (ස)
මේ මොනවා කියනවද ඉන්දික? පොල් පටවලා වගේ ලංකාවේ මිනිස්සු උදේ හවස වැඩට යනවා දැකලා නැද්ද? (නි)
මට පුදුම බංගලාදේශ් වල මිනිස්සු අපට වඩා සතුටින් සිටින අතර බල්ගේරියාවේ මිනිස්සු අපට වඩා දුකින් ඉන්න එකට. (ස)
සංස්කෘතියක්, සමාජ සදාචාරයක් නැති, වියාකූල වෙච්ච පවුල් සංස්තාව තියන ඔය බටහිර ජාතිකයන් කොහොමද මුලට ආවේ. ජාතික නිෂ්පාදනය වැඩි ආයුෂ තිබ්බා කියලා සතුට වැඩි වෙනවාද. (ස)
අපේ රටේ දැන් ප්‍රධාන ආදායම පිටරටට ශ්‍රමය විකිනීම.කී දෙනෙක් පිටරට රැකියා කරනවද? දරුවන්ට මාපියෝ නැහැ.ස්වාමියාට බිරිඳ නැහැ.බිරිඳට ස්වාමියා නැහැ.පවුල් වලින් ඈත් වෙලා ඉන්නෙ.මමත් එහෙමයි. ඉතින් කොහෙද රටට සතුට. (ස)
මම හිතුව රටවල් 136යි සමීක්ෂණයට අරන් තිබුනෙ කියල. (දී)
මට හිනා යනවා අනේ. මොකද මන්දා නිකම්ම (දී)
සතුට කිවුවම අපේ අය හිතන්නේ වෙන එකක්. (ස)
බටහිර රටවල් සමාජ නිදහස හා තේරීමේ නිදහස ආදී නිර්ණායක නිසා ඉදිරියට එන්න ඇති. (දී)
කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සංගණන නිලධාරීන් ලංකාවට ඇවිත් මැති අමතිවරුන්ගෙයි එයාලගේ නෑදෑයන්ගෙයි සාම්පලයක් අරන් ගිය හන්ද 137 ආව. සංඛ්‍යානයේ සිද්ධාන්ත වලට අනුව සම්භාවී නියැදියක් ගත්තනම් බලාගන්න තිබුන අපේ රටේ සතුට. (දී)
කවුරු මොනවා කියුවත්මගේ රට තමයි හොදම (දී)
මුල් රටවල් 05 මෙන්න ඩෙන්මාර්ක්,නොර්වේ,ස්විස්ටර්ලන්තය,නෙදර්ලන්තය සහ ස්වීඩනය අන්තිම රටවල් 05 මෙන්න රුවන්ඩා, බුරුන්ඩි, මද්යම අප්‍රිකාව, බෙනින් සහ ටෝගෝ. ඇමරිකාව මුල් 17 වන ස්ථානයේය. (දී)
මට පේන්නෙ මේක හරි... මොන තරම් ලැබීම් තිබුණත්..... එක එක්කෙනාගෙ කෙනහිලිකම්, ළඟ අපි හැමෝම අසතුටෙන්. (ස)
ලෝකයේ ඉහලින්ම සුරාපානය කරන ජනතාවක් සිටින රටකට ලැබුණු ස්ථානය ගැන විශ්වාස කළ නොහැක. (ස)
ලොව සතුටින්ම සිටින දේශපාලකයින්ගෙන් නම් ලංකාව නො 01. (ස)
නොර්වේ එන්න තිබ්බේ පලවෙනි ස්ථානයට, ලංකාව දිහා බලලා තවත් සතුටු ඇති?මේ ගොල්ලන්ට (ස)
එක අතකට අපි මේ ගැන සතුටු වෙන්න ඕනෑ (නි)
මේ සමික්ෂනවලට නියම දත්තයන් ගන්නේ නැහැ.අපේ රට ගැන කුහක ඉරිෂියාවක් තියෙනවා සමහර සංවිධානවලට. අපිට හිමි තැන ඔයිට වැඩ බොහෝ ඉදිරියෙන්. ඒක තමයි ඇත්තම ඇත්ත. (දී)
ලෝකේ අසතුටින්ම ඉන්න රටවල් තේරුවොත් අපේ රට මුල්ම රටවල් අතරට එවි නේද? (දී)
මමත් යුරෝපයේ බොහෝ රටවල් ඇතුළු රටවල් ගොඩකට ගිහින් තියෙනවා.කියුබාව කියන්නේ පොහොසත් රටක් නෙමෙයි.නමුත් ඒ රටේ මිනිස්සු ඉන්නේ පුදුම සතුටකින්.පාරේ ඇවිදින්නෙත් ගී ගයමින් නටමින් .නමුත් ඔයකියන රටවල මිනිසුන්ගේ එතරම් සතුටක් පෙනෙන්නේ නැහැ. (නි)
දිල්ශානි, ඇයි ඔයා ලංකාවට වෙලා ඉන්නේ කරුණාකරලා සතුටුවෙන්න පුළුවන් රටකට යන්නකෝ...අපේ රට උතුම් රටක්.ගැමුණුගේ අදහස් වලට මමත් එකඟයි. (දී)
වංචාව සහ දූෂණය අතින් පලමු තැන දිනාගන්නේ ලංකාවයි (දී)
ඔය ලංකාවට බනින ලංකාවේම අය පිටරටක මාස 3ක් ඉන්න. එවිට තේරෙයි ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක් කියා.ලංකාවේ සියලු දේ ලාබයි. නමුත් ආදායම මදී.මම රටවල් අටකට ගිහින් තිබෙනවා. (නි)
අසීමිත ආශාවන් පස්සේ දුවනකොට කොහෙන්ද සතුටක්? ජීවිතේ විඳින්න නම් බුදුදහම ගැඹුරෙන් හදාරන්න. ජීවිතේම එතකොට සතුටක්. (නි)
විශේෂයෙන්ම මැද පෙරදිග,මුස්ලිම් රටවල කාන්තාවන් සිටින්නේ ලොකු මානසික පීඩනයක. මේ කාන්තාවන්ට සමතැන කෙසේවෙතත් නිසිතැනවත් ලැබෙන්නේ නැහැ. (නි)
කෝ බන්දුල පෙරේරා මහත්තයා? අපේ පක්ෂයේ කෙනෙක් හැටියට ලංකාව ගැන මොනවාහරි ලියන්නකෝ. (නි)
අපි 156 වෙනි තැන නොවීමම කොච්චර සතුටක්ද නේද? (දී)