රොද්‍රිගු ඩුටර්ට් පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පහුගිය සති හතේ ඝාතන 1900ක් පමණ සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රට තුල මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ඔහු ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් ලබා දී තිබිණි. ඒ පොරොන්දුව දැඩි ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරමින් සිටියි. ඔහු මත්ද්‍රව්‍ය වලට එරෙහිව යුද්ධයක් දියත් කළේය. අත්අඩංගුවට නොගැනෙන බෙදාහරින්නන් ඝාතනය කරන ලෙස පොලිසියටත් මහජනතාවටත් ඔහු දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
මිය ගිය අයගෙන් 750ක් පොලිස් මෙහෙයුම් වලදී ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි. පෙර නොවූ විරු අයුරින් ඝාතන සිදුවීම පිළිබඳ සෙනෙට් සභාවේ මුලිකත්වයෙන් පරීක්ෂණයක් ද පැවැත්වෙයි.එම පරීක්ෂණ සදහා මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් ද සාක්ෂි ලබාගැනීමට නියමිතයි.නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැතිව දහසක් පමණ ඝාතනය කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් පවසයි. මත්ද්‍රව්‍ය විකුණන්නන්,ඇබ්බැහි වුවන් කිසිම නඩු විභාගයකින් තොරව ඝාතනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් ඕනෑ මේ නීතියම තමයි. නැත්නම් කවදාවත් ලංකාව කුඩුවලින් බේරන්න බැහැ. (නි)
ලංකාවෙත් මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා (නි)
ඉතින් එළනේ.... අයි මේකට මහා ප්‍රසිද්ධියක්. . මත් ද්රරව්ය ජාවාරන් කාරයෝ කම්බස් කරලා දාන එක මොන තරන් සේවයක්ද. ලෝකේ මොන රටේ උනත් මන් කියන්නේ.(රේ)
මත්ද්‍රව්‍ය විකුණන්නන්, ඇබ්බැහිවූවන් කිසිම සැකයකින් තොරව ඝාතනය වුණා නම් එය හරිම සාධාරණ ලෙසයි මම නම් දකින්නේ. ඔන්න නායකයෝ! එ්කට අපේ රට... මත්ද්‍රව්‍ය ගෙන්වන්නේත් දේශපාලකයෝ (නි)
අපේ රටේ ඕක ක්‍රියාත්මක වුණොත් එහෙම දේශපාලකයෝ නැති රටක් වේවි මතුවට.ඒ නිසා ගෙන්නන එවුන් හා බෙදාහරින එවුන් හැර බොන එවුන්ව පමණක් නැති කරලා දැම්මනම් හරි. (බ)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බොරු වෙස්මුහුණ ගැළවෙන්න දැඩිව විවේචනය කරමින් කතාකළ හොඳ කොන්දක් තිබෙන බොහොම විරල ගණයේ රාජ්‍ය නායකයා ඔහුයි. (නි)
මේවා ඉතින් අපේ ආණ්ඩුවකින් කරන්න අමාරුයි.සමහර විට එම රටවල දේශපාලකයන් මෙයට සම්බන්ධ නැතුව වෙන්න පුළුවන් නේ. (බ)
ලංකාවේ මේක ක්‍රියාත්මක කළොත් අපේ දියන්නාවේ රැස්වීම් තියන්න ඝණපුර්ණය නැතිවේවි (ම)
රටකට නීතියක් අවශ්‍යයි. නීතියට අනුව මිසක් හිතුමතේට මිනීමරන එක සාධාරණීකරනය කරන්න බැහැ. පහුගිය කාලේ අපේ රටෙත් වුණේ එහෙමනේ. යහපාලනයට පින් සිද්ධවෙන්න අද එහෙම වෙන්නේ නැහැ. (නි)
කොහොම වුණත් ඔය ප්‍රශ්නයට මේ රටේ දෙපක්ෂයේම ඉන්න අය සම්බන්ධයි. එමනිසා එයාලා පත්කරනතුරු අපේ රටේ කුඩු නැති කරන එක සිහිනයක් (නි)
ඔන්න නායකයෝ. එ්කටත් එක්ක අපේ අය. (නි)
මෙම නායකයා කුඩු කාරයන්ට නොව රටට ආදරය කරන පුද්ගලයෙක් නමුත් ලංකාවේ එ්කේ අනික් පැත්ත. කෙටි කාලයකින් නඩුව අසා මරණ දඩුවම ක්‍රියාත්මක කළහොත් ලංකාවද බේරාගැනීම අපහසු නොවේ. (බ)
බෞද්ධයන් හැටියට අපි කොහොමද ප්‍රාණ ඝාතය අනුමත කරන්නෙ. ඇත්තටම අපි බුදුන් සරණ ගිහින්ද?, දහම් සරණ ගිහින්ද?, සගුන් සරණ ගිහින්ද? කොමෙන්ට් කරපු අය තමුන්ගෙන්ම අහල බලන්න (බ)
මෙහෙම මිනිස්සු මරන්න පුලුවන් නම් මොකටද නීතියක්? (නි)
මෙහෙම මිනිසුන් මරනවා නම් පොලිසි උසාවි මොකටද? මේක ඉදිරියට යාමක් නොවෙයි ආපස්සට යාමක්. (නි)