ඇමරිකාවේ, වර්ජිනියාවේදී මාධ්‍යවේදිනියක් සහ කැමරා ශිල්පියකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ඩබ්ලිව්.ඩී.බී.ජේසෙවන් රූපවාහිනියේ ඇලිසන් පාකර් සහ කැමරා ශිල්පී ඇඩම් වෝඩ් සජීවී වැඩසටහන සිදුකරමින් සිටියදී නාදුනන පුද්ගලයකු ඔවුන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එම වෙඩි ප්‍රහාරයෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වර්ජිනියා ආණ්ඩුකාර ටෙරී මැක්අලීෆ් ප්‍රකාශ කළේ කිසියම් අමනාපයකින් පසුවන අයකු විසින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් එය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත්ය.
බ්‍රිජ්වෝටර් ප්ලාසා සුපිරි වෙළඳ සංකීර්ණයේ සිදුකළ වාර්තා වැඩසටහනක් අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ ප්‍රාන්ත කියක ගිනි අවි භාවිතය නීතියෙන් අනුමත කරලා තියනවද (ම)
කළු සුද්දන්ට ඇමෙරිකාව ලොකු වුනාට නියම සිංහලයන්ට පර සුද්දෝ ලොකුන අපේ සමහර එවුන් බටහිර රටවලට ගිහින් සුද්දන්ට අපේ රට පාවලා දෙනවා අපේ මුතුන්මිත්තෝ වැව් අමුණු බැඳ ඉතා දියුනු තත්ත්වයෙන් හිටපු ජාතියක් ඒකාලේ සුද්දෝ හිටියේ ගස්වල වනචාරීන් අපේ කළු සුද්දන්ට පුදුම වහල් මානසික බාවයක් තියෙන්නේ (බ)
රුවන් ඔබ වක්‍රව කියන්නේ ලංකාව නොදියුණු රටක් කියලනේ. දක්ෂයෝ ඔක්කොම ඇමෙරිකාවේ සහ දියුණු රටවල. ඕක නම් ලාංකිකයන්ට බොහොම රිදෙන ප්‍රකාශයක්. (නදී)
ඉන්දික ලංකාවේ ඉපදිච්ච මිනිහෙක් කොහොම හරි ඇමරිකාවට (හෝ වෙනත් දියුනු රටකට ) ගිහින් රැකියාවක් හොයාගෙන හොද ජීවිතයක් ගත කරනවා කියන්නේ ඔහුගේ දක්ෂකම තමා. සුර ලෝකයක්ද නැත්ද කියල තීරණය වෙන්නේ සාපේක්ෂවනේ. ලංකාවට සාපේක්ෂව ඇමරිකාව සුරලෝකයක් වගේ. ඔන්න ස්විට්සර්ලන්තය වගේ රටකට සාපේක්ෂව නම් එහෙම නැතිව ඇති. (නදී)
සාලිය ඔය අන්තිමට ලියල තියෙන කතාවෙන්ම ඔබගේ ලෝක දැනුම ගැන මට අදහසක් ගන්න පුලුවන්. අර පහුගිය කාලෙ ටීවී වල සුද්දට සිංහලෙන් බැන්නෙත් ඔය වගේ ආකල්ප තියෙන අය තමා. (නදී)
හිටපු සෙට් එකද ? (නදී)
අයියෝ සාලිය, ඔයාගෙ කොමන්ට් එකෙන්ම පේනවා බයියෙක් කියලා. . දෙකෙන් දෙක බෙදුවහම බින්දුවයි කියන පයිත්තියන්ගරස්ගෙන්ද ඇමරිකාව ගැන ඉගෙන ගත්තේ (නදී)
මට නම් හිතෙන්නේ ඇමෙරිකන් කාරයන්ට වඩා ලංකාවේ කළු සුද්දන්ට ඇමෙරිකාවේ ඇත්ත තත්වය කියනකොට රිදෙනවා. අනේ මන්ද මෙහෙමත් වහල් මානසික රෝගීන්. මහින්ද මහත්තය වගේ සුද්දන්ට බය නැති නායකයන් අප රටේ බිහිවිය යුතුයි (නදී)
සුදරා, ඔයා කියන එකේ දෙපැත්තක් තියනවා. සමහරු තමන් හරියට නොදකපු දෙය සුර ලෝකයක් ලෙස මවා පෙන්නන්න හදනවා. ලංකාවෙන් ඇමෙරිකාවට ගියපු සමහර මිනිස්සුත් එහෙමයි(හැමෝම නොඋනත්). එයාල හිතන් ඉන්නේ එයාලගේ විශේෂ දක්ෂකමක් තියනවා, ලෝකේ අනිත් අය මෝඩයෝ කියලා. ඒ වගේ අය ඇමෙරිකාවේ ඉපිද හැදී වැදුණු අයටත් වැඩිය ඇමෙරිකන් වෙන්න යනවා. (නදී)
ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමයි. සුදු වෑන් වලින් බල්ලො බලල්ලු වගේ මිනී මරණ රටක ඉදගෙන තමන් කිසිදා නොදුටු, නොගිය රටක වැරදි ගැන සහතික දෙන්න යනවා (නදී)
ෆුල් ෆේස් එකක් දාලා ආවා නම් වැඩේ ෂේප් නේද ? (නදී)
ඇමරිකාවට දොස් කියන මේ අයට එහෙ පුරවැසි බව ලැබුනොත් නොයා ඉන්නවද ? දරුවෙකුට එහෙ විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබුනොත් නොයවා ඉන්නවද ? එවැනි කරුණකට චීනය හෝ ඇමරිකාව අතරින් එකක් තෝරාගන්න ලැබුනොත් තෝරාගන්නේ මොන රටද ?(නදී)
අචිර කවදා හරි ඇමරිකාවෙ ගිහින් තියෙනවද? නැතිනම් ඔබ මානසික සෞඛ්‍ය පිලිබද විශේෂඥයෙක්ද? ඇමරිකාව ගැන සමීක්ෂනයක් කරල තියෙනවද?ලෝක දර්ශකවල නම් තියෙන්නේ අසහනය වැඩි මැද පෙරදිග රටවල කියලා. යන්ත්‍ර සූත්‍ර වගේ මිනිස්සු වැඩ කරන්නේ කොරියාව, ජපානය වගේ රටවල. වෙඩි තබාගැනීම් හා අපරාද බහුල මෙක්සිකෝ, කොලොම්බියා වගේ දකුනු ඇමරිකානු රටවල. වෙඩිතියාගැනීම්/ මරාගැනීම් තියෙන වීඩියෝ ගේම් නම් මමත් ඔනෑ තරම් ගහල ඇති. (නදී)
ඇමෙරිකාවේ බහුතරයක් මිනිසුන් හරිම පීඩනයකින් හා අසහනයකින් ජීවත් වෙන්නේ මිනිසුන් හරියට යන්ත්‍ර සුත්‍ර වගේ සල්ලිම පස්සේ දුවනවා ආදරය කරුණාව වගේ මානුෂීය හන්ගීම් නැතිවෙලා එහි ළමුන් පවා වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරි කාටුන් හා කොම්පුටෝර් ක්‍රීඩා නරබමින් මනස විකෘතිත වෙලා පොඩ්ඩ වැරදුන ගමන් වෙඩි තියල මරා දානවා (අ)
ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදය.(ම)
එක එක්කෙනා ඉන්න තැන නෙමෙයි වැදගත්, ගොඩක් අය තමන්ගේ ලොකුකම කියනවා මිසක් ප්රශ්නය සහ හේතුව තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. ඇමෙරිකාව බලවත් රටක් සහ අනිත් බොහොරටවල් එය අනුගමනය කරන බව පැහැදිලියි. (ම)
කුමාරට ලංකාවේ බොහොමයකට තියෙන ලෙඩේ හෙවත් දියුනු රටකට යාමට බැරිවීමේ අමාරුව තියෙනව වගේ. ඒ නිසා තමන් කවදාවත් නොගිය රටක නොදන්නා දේවල් කිය කියා එහේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට අපහාස කරනවා. මමත් ඉන්නේ ලොස් ඇන්ජලීස් වල. මේ රටේ මට බස් එකක යද්දී වත් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම අන්තිමයි (නදී)
රටක ඉන්න අපරාධකරුවන් කිහිප දෙනෙක් ගෙන් රටක් මනින්න තරම් ඔබ මෝඩයෙක් කියලා පේනවා කුමාර. ලංකාවේ සුදු වෑන් ඝාතන, ස්ත්‍රී දූෂන මතක නැත්ද? මිනීමැරුම් ස්ත්‍රී දූෂන නැති රටක් කියන්න. හැබැයි පෙරදිග රටවලට වඩා බටහිර නීති තද නිසා ඒවා අඩුයි (නදී)
අපේ රටේ මැරෙන්නේ රහසිගතව (නදී)
වෙඩි තිබ්බේ මෙම රූපවාහිනී සේවයේ සිටි අතීත සේවකයෙක්. ඔහුව සේවයෙන් නෙරපලා තිබුනා ටික කලකට පෙරදී. (නදී)
සමහර ගොබ්බයන්ට පොහ් ... ඇමරිකාව පට්ට. පාසැල් ලමයි පාසල තුළම එකවර වෙඩි තියල මරලා දානවා. කාමාතුරයෝ ගෑනු දූෂණය කර මරලා ෆ්‍රීස් කරලා තියාගෙනත් ඉන්නවාලු. මාර ප්රජාතන්ත්රවාදයක්ලු ඕයි එහේ තියෙන්නෙ.අපි නොදන්න ඇමරිකාවෙ ප්රජාතන්ත්රවාදය.අවුරුදු 20ක් හිරේද උන්නෙ නාමල්? (බ)
නාමල් ඔයා ඉන්න ප්‍රාන්තයේ නෙමෙයිද ඔය සිද්ධිය වුණේ (ම)
ඇමෙරිකාව අනිත් රටවල මානවහිමිකම් ගැන හොයනවා. තමන්ගේ රටේ මානව හිමිකම් කඩවීම ගැන වගේවගක් නෑ හිතක් පපුවක් නැති මහතිරිසන් ජාතියක් (බ)
ඉන්දික ජීවිතේට ඇමරිකාවෙ ගිහින් තියෙනවද? මම අවුරුදු 20 ඉන්නේ මෙහේ... ඔබ කියන විදිහට පීඩනයක් නම් නෑ.. මෙහේ ආර්ථිකය හදලා තියෙන්නේ අඩු ආදායම් ලාභියාට පවා කාලා ඇදලා ඉන්න පුලුවන් විදිහට.. ඕනෑම මිනිහෙකුට නීතිය සමානයි.. 90% ම ඉහල මධ්‍යම පාන්තික ජීවිත ගෙවනවා... ලංකාව, ඉන්දියාව වගේ රටවල අපරාධ ඇමරිකාවට වඩා වැඩියි.. ඔනෑම දෙයක් සොයා බලා කතාකරන්න (බ)
ඉන්දිකගේ කෙටි ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත් එක පැත්තකින් සුරපුරක් සේ දැනෙන ඇමෙරිකාව මොකක්ද කියල තේරුම් ගන්න. (අ)
අපරාධකරයන් වැඩි වෙන්නේ මේ රටවල තියන මිනිසුන්ට හිතකර නොවෙන ආර්ථික දේශපාලන යාන්ත්‍රනය නිසයි. මෙනිසා ගොඩක් මිනිස්සුන් මානසික පීඩන වල ඉන්නේ. හිත්වල සතුටක් නැහැ. සම්ප්‍රදායික ඇමෙරිකන් ජීවිතය මතුපිටින් සිනි තවරපු තිත්ත කෑමක් වගේ. එනිසා තමා බොහෝ උගත් ඇමෙරිකානුවන් පෙරදිග දැනුම, භාවනා ක්‍රම, යෝගා ක්‍රම ගවේෂණය කරන්න පටන් අරන් තියෙන්නේ. (බ)
අපරාද කාරයන් ඇති වෙන්නේ ඇයි නාමල් (ම)
මොහාන් ප්රජාතන්ත්රවාදය කියන්නෙ මොකක්ද කියල ඉගෙනගෙන එන්න... අපරාධකාරයන් ඔනෑ රටක .. ඔන්න මේ මාධ්‍යවේදියා ඔබාමව විවේචනය කලා කියල මැරුවා නම් ඔය කතාව හරි(අ)