ශ්‍රී ලංකාව කොහොමද? විවාදයක් ආරම්භ කරමින් ශාලාවේ අසුන් ගෙන සිටි පිරිසට ඉදිරිපත් ක< ප්රශ්නයකි. සියලූ දෙනාගේ නිහැඬියාවෙන් පසු නත්තල් සමයේ නිවාඩුවට ශ්‍රී ලංකාවට ගොස් පැමිණි මිතුරෙකුට ඉහත ප්රශ්නය යොමු කළේය.
කොහොමද ශ්‍රී ලංකාව? මිතුරා පිළිතුරු දෙමින් ලංකාව හොඳයි. පනස්දාහේ, තිස්දාහේ ටිකට් අරගෙන සංගීත ප්‍රසංග නරඹනවා. නත්තලේ සති අන්තය කතරගම ඉන්න තැනක් හොයා ගන්න නැහැ. ආප්පයක් රුපියල් 40යි. මල් වට්ටියක් හොයා ගන්න නැහැ. කතරගම දෙවියන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමට ඒ තරමටම බැතිමතුන්ගෙන් කතරගම පිරී ඉතිරිලා. නුවර , නුවරඑලිය ඊට දෙවැනි නැහැ. මළ ගෙවල්, දාන ගෙවල්, මගුල් ගෙවල් ආදිය කේටරින් කාරයන්ට භාර දීලා. මළ බත උයන්නෙත් කේටරින් කාරයෝමයි. මෙහේ ඉන්න අයට රට ගැන තියෙන කැක්කුම එහේ ඉන්න අයට නැහැ. එයාලා කාලා බීලා හොදින් ඉන්නවා. ඉතින් කවුද ලංකාව නරකයි කියන්නේ ? එන්රික් ඉග්ලියාසිස්ගේ සංගීත ප්‍රසංගයේ වේදිකාවට පැනපු ගැටිස්සියයි, වේදිකාවට විසි කළ තන පටයයි නැගල යනවා. ඒක තමයි මේ දිනවල ප්‍රධාන මාතෘකාව. ජනාධිපති තුමාත් එයට මැදිහත් වෙළා. මීට පෙර රාජකීය ලෙස හදුන්වන විදුහල්වල පැවැති අඩ නිරුවත් නර්තන ප්‍රසංග හා පසුගිය රජයේ සමහරක් ඇමැතිවරුන් වැල්ලවත්තේ ජිනා මැඩම්ගේ කම්සැප විඳපු හැටි මිනිසුන්ට අමතක වෙලා. ඕක තමයි ලංකාවේ තත්ත්වය නිවාඩුවට ගොස් පැමිණි මිතුරා කීවේය.
ඉතින් එවැනි සංගීත ප්‍රසංගයක් පැවැත්වීම හරිද? වැරදිද? සභාවේ කෙනෙක් අතුරු ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කරමින් අසයි. හරි වැරදි දෙකම තියෙන බව විවාදයට එක්වෙමින් කාන්තාවක් කීවාය. ආර්ථික පැත්තෙන් හොඳ වෙන්න පුළුවන්. නමුත් සංස්කෘතික පැත්තෙන් නිවැරදියි කියන්න බැහැ. අපේ සංස්කෘතිය දැන් බල්ලට ගිහිල්ලා . සල්ලිකාර පවුල් වල අයෙක් කළ නොහොබිනා වැඩකට සමස්තයටම දොස් කියන්නත් බැහැනේ. සභාවේ වෙනත් කෙනෙක් අදහස් දක්වමින් කීවේය.
සංස්කෘතිය ගැන කතා කරනවා. ඇහැට කනට පෙනෙන ගැහැණූ ළමයෙක් තනියම ඉස්කෝලෙකට යවලා හවසට යහතින් ගෙදර එයිද කියලත් සැකයි. එම නිසා අම්මලා ගැහැණූ ළමයි පස්සෙන් උදේට යනවා. හවසට පස්සෙන් එනවා. හැම තැනම පිරිත් කියනවා. මල් පූජා කරනවා. පහන් දල්වනවා. බුදු සරණයි කියනවා. මුළු රටම බුද්ධාලම්භන ප්‍රීතියෙන් බැබලෙනවා. නමුත් තරුණ කෙල්ලෙකුට පාරේ බැහැලා යන්න බැහැ. ඒකටත් මේ රටේ බලන්න. පිරිත් ඇහෙන්නෙත් නැහැ. මල් පූජාත් නැහැ. නමුත් ගැහැණු ළමයෙක් ඉස්කෝලේ යවලා කරදරයක් නැතුව ගෙදර එන එක ගැන අපට හොඳ විශ්වාසයක් තිබෙනවා. මොන තරම් හොඳට නීතියට ගරු කරන රටක්ද?
එහෙනම් ලංකාවත් ප්‍රංශය වගේ වෙනවට ඔයාලා කැමති නැද්ද? සභාවේ සිටි පියෙක් අසයි. පැරීසිය යනු සෑම දිනකම සුප්‍රසිද්ධ සංගීත ප්‍රසංග ඇති නගරයකි. එම ප්‍රසංග වලදී විවිධ සිදුවීම් ඇතිවීමද සාමාන්‍ය දෙයකි. එසේ වුවද ප්‍රංශ ජනාධිපති නම් ඉහත තනපට වගේ සිද්ධි වලට ප්‍රකාශ නිකුත් කරන්නේ නැත. එසේ වුවොත් සෑම දිනකම තනපට ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට සිදුවීම නොවැළැක්විය හැකිය.
ඔහුට ඊට වඩා වැදගත් වැඩ තිබෙනවා. ඒකටත් අපේ ජනාධිපති ? බලන්න මේ රටේ කාන්තාවකට තිබෙන ආරක්ෂාව. අපේ රටේ එහෙම වාතාවරණයක් තිබෙනවාද? රාත්‍රියේ ඕනෑම වේලාවක කාන්තාවකට පැරීසියේ එළියට බැහැලා යන්න පුළුවන්. කවුරුවත් විසිල් පාරක්වත් ගහන්නේ නැහැ. ඒකටත් අපේ රටේ එළියට බැස්සොත් රෙදි නැතුවයි ගෙදර එන්න වෙන්නේ. 70 පැනපු ආච්චි කෙනෙකුට තනියම පාරට බහින්න බැරි පරිසරයක් අපේ රටේ තිබෙන්නේ. ඉදිරියේදි ලංකාවේ ලේ බැංකුවට ලේ දන් දෙන්නේ සිව්පාවෙක් වූ සිංහයෝ පමණය. මන්ද ? මෑතක සිට ලංකාවේ මිනිසුන්ගේ ශරීරයේ ඇත්තේ සිංහලේ බැවිනි. මෙය සංස්කෘතියට වඩා අධ්‍යාපනයේ වරද. ඉතින් කොහොමද ? ලංකාව හොඳයි කියන්නේ.
ඉහත දැක්වෙන පරිදි විවිධ දෛනික සමාජ විෂයන්ට සම්බන්ධ කරුණු ගැන සභාවේ විවාදය පැවැතියත් ලබා ගත් කාලවේලාව සීමිත බැවින් එදින අළුත් අවුරුදු සභාව අවසන් කිරීමට සිදුවුවද , ශ්‍රී ලංකාවේ සියල්ලෝ කමින් බොමින් සතුටින් බුදු සරණ පතමින් ජීවත් වෙන බව එදිනට පමණක් තාවකාලිකවූ තීරණයකට පැමිණෙමින් සභාව අවසන් කිරීමට සිදු වුයේය. ඉහතින් දැක්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ පැරිස් ශාඛාව විසින් වසරකට වරක් පවත්වන අලූත් අවුරුදු තේ පැන් සංග්‍රහය අවසානයේ පැවැති සුහද සාකච්ජාවේ කෙටි සාරාංශයකි. කොණ්ඩ කැවුම්, මුං කැවුම්, පැණි කැවුම්, කොකිස්, මුං අළුවා, අග්ගලා, කිරිබත් අතරට එක්වූ කෙසෙල් ගෙඩි ආදි රස කැවිලි වලින් පිරි අවුරුදු මේසය පැමිණි සියල්ලෝ සතුටින් භුක්ති වින්දේය. ලංකාවත් ප්‍රංශය වගේ නම් මොන තරම් හොඳද?. එසේ විය යුතු බව ආශිර්වාද කරමින් පැමිණි සියල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ තේ පැන් සංග්‍රහයෙන් සමු ගත්තෝය.

![01_New_Year_2016[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/01_New_Year_20161.jpg)
![02_New_Year_2016[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/02_New_Year_20161.jpg)
![New_Year_2016[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/New_Year_20161.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයලත් මහත්තයෝ, ජවිපෙට විතරක් නොවේ ,පැරිසියේ හැම සමිතියකටම සූ ගාලා ඔය වගේ සෙනඟක් තමයි ඉන්නේ (නි)
මුහුදේ ඉන්න මාළුවා දන්නවා මුහුද කොතරම් ලොකුද කියන්න. වැඩිහිටියෝ හොරමැරකම් කරලා පොඩි අයට කියනවා එහෙම නොකරන්න කියලා. පොඩි අය වැඩිහිටියන්ටත් වැඩිය හොඳට හොරකම් කරනවා. අද ලංකාවේ කන්න තියා ලෙවකන්නවත් පුළුවන් තරමටද බඩුවල මිල? දැන් තේරෙනවද හෙට වෙන්නේ මොකද්ද කියලා? ඉහත කතාවේ තිබෙන්නේෙ ලංකාවේ ඇත්ත තත්වයි. (නි)
නිමල් බණ්ඩාර මහත්තයෝ, අපි අසා තිබෙන තරමට නම් පැරිසියේ වැඩිම ජනතාවක් සිටින්නේ මහින්ද මැතිඳුන් සමඟ කියලයි. වැඩිම ජනගඟක් ඇවිල්ලා තියෙන්නෙත් පසුගිය ජනපතිවරණයේ මහින්ද දිනවමු කියලා පවත්වපු ජනරැලියට (නි)
විජිතගේ කතාව ඇත්ත. නමුත් සිනහවේගෙන තමන්ගේ එකාට වින කටිනවට වඩා සිනහා නැතුව අනෙකාට ගරුකරන, ජාතිවාදයක්,කුලබේදයක් නැතුව හැමට නිදහස භුක්ති විඳින එක මට නම් වටිනවා. (නි)
අඹ ගහ පොල් ගහක් කරන්න ගියොත් පොල් කෙසේවෙතත් අඹ ගහ බාලවෙනවා. ගහ සහ මුල දැනගෙන කටයුතු කළොත් තමා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ වැරැද්දක් ඇත්නම් ඒක හදාගන්නවා මිසක්, අනුන් වගේ වෙන්න යන්නේ තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති වුණාමයි. ආත්ම විශ්වාසය නැතිවුණොත් කොහොමටත් දියුණු වෙන්න බැහැ. (නි)
ඔබ සැමගේ කතාවල සත්‍යයක් තිබෙන බව, හොඳින් හිතා බැලුවහම වැටහෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රංශයේ නැති වටිනාම දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික "සිනහව". (නි)
ලිපිය නම් හොඳයි. ඒත් කවදාවත් ප්‍රංශය වාගේ ලංකාව වෙන්න එපා. (නි)
ජ.වි.පෙ.ට ජයවේවා! (නි)
අපේ රට ප්‍රංශය වගේ නොවුණට කමක් නැහැ (නි)
ජේ.වී.පි. යට ජයවේවා! ජයවේවා! (නි)
රන්දික, ප්රංශයත් ශ්‍රී ලංකාව වගේ නම් ඔය කෑගහන පොදු විපක්ෂය වගේ අය ප්රංශයත් විනාශකරාවි (නි)
රාජසිංහ කියන නමටත් අවමන් කරන මිනිස්සු පැරිස් වල ඉන්නවද මෙයාල රට වෙනුවෙන් ඔහේ ඉඳන් මොනවද කරලා තියෙන්නේ ඔයාල වගේ කිලිනොච්චි කියල මැදවච්චි ගියාද .(අ)
කැපුවොත් කොල,කැපුවොත් නිල් කියන අපේ රටේ විනාශයට වගේ (අ)
ලංකාව ප්‍රංශය වගේ වෙනවා නම් කොච්චර හොඳද? එතකොට ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ,රක්ෂාවක් හොයා ගන්න ඇමතිවරු පස්සේ යන්න වෙන්නේ නැහැ .පවුල් වලට රට පාලනය කරන්න ලැබෙන්නෙත් නැහැ . හොර බැංකු ගිණුම් පවත්වා ගෙන යන්න ලැබෙන්නෙත් නැහැ .කොච්චර හොඳද .ලංකාවත් ප්‍රංශය වගේ වෙන්න කියලා අපි හෙට ඉඳන් පෙළපාලි යමු .බලමු කවුද එන්නේ කියල ?ඔන්න රටට ආදරය තියෙන කෙනෙකුට හොඳ අවස්ථාවක් .(අ)
ලංකාවත් ප්රංශයත් කිසිවිටෙක සමාන කළ නොහැක. හාත්පසින් වෙනස් සංස්කෘතියක් දේශපාලන රටාවක් සමඟ ලංකාවේ දේශපාලකයන් මෙන් නොව, වරදක් වුණා නම් හෝ කළා නම් එය ප්‍රසිද්ධ වුණ සැණින් ඉල්ලා අස්වන , සමහරවිට ලැජ්ජාව නිසා සිය දිවි නසාගන්න දේශපාලකයන් ඉන්නා රටකි ප්‍රංශය (නි)
කොහොමත් ළිංමැඩි සංකල්පයෙන් අපි ජාතියක් හැටියට මිදිලා හිතන්න පුරුදුවුණොත් අපිත් ගොඩ, රටත් ගොඩ (නි)
ලංකාවේ සාරධර්ම පිරිහුනේ නුගතුන් අපරාධ කරුවන් රට පාලනය කරන්නට පටන්ගත්තට පසුවයි. ලොක්කෝ හොරෙන් කරන දේ සොක්කෝ එළිපිට කරන්න ගිය ක්රමයේ විපාකයි අප අද විඳින්නේ. (කෞ)
ඇත්තටම මේ අය ලංකාවට ආදරය කරන පිරිසක්ද? (නි)
කවදාවත් එහෙම වෙන එකක් නැහැ (නි)
උස, හොඳට ගෙඩි තිබෙන සරු පොල් ගහක් දකින මනුස්සයෙක් අඹ පැලයකට කිව්වලු ඔයත් අර පොල් ගහ වගේ වෙන්න ඕනෑ කියලා. ඒත් අඹ පැලේ කොහොමද පොල් ගහක් වගේ වෙන්නේ. මල්වත්තක් ලස්සන වෙන්නේ එහි නොයෙකුත් වර්ණ මල් තිබෙන නිසයි. ලංකාව එයට අනුකූල වූ රිද්මයෙන් එහි ගමන ගියාවේ. වෙනස්වීම එහි සිටින මිනිසුන් තීරණය කරාවි. ඇයි ඒක වෙන රටවල් වගේ කරන්න හිතන්නේ? (නි)
ලංකාවේ බහුතරය ජයලත් වගේ හිතන අය නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
පැරිස් වල ජවිපෙට පුදුම සෙනඟක්නේ ඉන්නේ (නි)
හොඳ ලිපියක් (නි)
60% ක්ම පාට කණ්ණාඩි වලින් බලන මිනිස්සු සිටිනතුරු ලංකාව වෙනස්කළ නොහැක. (නි)
හොඳ විස්තරාත්මක ලිපියක් (නි)
ලංකාවත් ප්‍රංශය වගේ නම් පාර්ලිමේන්තුවේ අයට කාර් පර්මිට් දෙන එක නවත්වන්න ඕනෑ. අනේ මෙහෙම ලංකාවක් !! (නි)
මෙච්චර ත්‍රස්තවාදී අභියෝගයක් ඇති ප්‍රංශ ජනාධිපතිට ආරක්ෂාවට ඉන්නේ අට දෙනයි. පේනවනේ ප්රංශයයයි ලංකාවෙයි වෙනස (නි)
එතකොට ප්රංශයත් ශ්‍රී ලංකාව වගේ නම්.... (නි)
පෙනෙනවද වෙනස? (නි)
හරි කතාවක් ලියල තියෙනවා .ඇත්ත නේන්නම් ,ඔය ටික තමයි ඇත්තටම සිදුවන්නේ .පොඩ්ඩක් තනියම කල්පනා කරලා බලන්නකෝ ! ඇත්තටම අද අපිට භය නැතුව ගැහැණු ළමයෙක් තනියම එලියට යවන්න පුලුවන්ද ? පුළුවන් නම් ;ඇයි අම්මලා පස්සෙන් යන්නේ ?(අ)
ඇත්ත තමයි පිටරටවල් වල ඉන්න අයට ලංකාව ගැන තියෙන කැක්කුම ලංකාවේ ජීවත් වන අයට නැති බව තමා පෙන්න තියෙන්නේ.(හේ)