සම ලිංගික සම්බන්ධතා නිරූපනය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසත් අතර කාලයේ දී මේ රූ සටහන් තබා ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ සටහන් මෙතෙක් ලොව හමු වූ පැරණිත ම ශෘංගාරාත්මක සටහන් විය හැකියැයි ද පර්යේෂකයෝ කියති.
පර්යේෂණය සිදුකළ අයොන්නිනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්‍රියස් ව්ලාචොපලස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ පැරණි ග්‍රීසියේ පිරිමින් අතර සමලිංගික සම්බන්ධතාවලට තහනමක් නොතිබූ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒජීයන් කියන්නේ එක දූපතක් නෙවෙයි. ඒජියන් මුහුද ග්‍රීසිය සහ තුර්කිය අසල පිහිටි මධ්‍යධරණි මුහුදු ප්‍රදේශයක් හඳුන්වන්න යොදන නමක්. එහි පිහිටි දූපත්වලට පොදුවේ යොදන නාමය ඒජියන් දූපත් (නදී)
අදත් ග්‍රීක් කාරයෝ ඔය නොහොබිනා වැඩේට ප්‍රසිද්ධ ජාතියක්. යුරෝපය ඇමරිකාව කොපමණ දියුණු ජාතින් යයි කියුවත් නොහොබිනා කම අතින් ඉතාම ඉහලයි. (ස)
ලංකාවෙන් ගිය කෙනෙක් ඇඳපුවාද? (නදී)
අපෙත් ඕවට බොහොමත්ම ප්‍රසිද්ද කට්ට්ටියක් ඉන්න්නවා. නම් නොකීවට හැමදෙනාම දන්නවා නේ මේක එයාලට හොඳ ආරංචියක් වේවි මොකද තර්ක කරන්න පුළුවන් අපේ ජොබ් එක එතරම් ම පැරණිය කියලා (නදී)
යුරෝපය විතරක් නෙමේ ඇයි අප්පා ලංකාවේ පාර්ලිමේන්තුවේත් ඉන්නේ , ඒවා ගැන අමතකද...? බොරුවට හැමදේකටම බටහිරට බැනල වැඩක් නෑ බටහිරින් හරි නැගෙනහිරින් හරි වැදගත් දේවල අරගෙන නොවැදගත් දේවල් ඉවත් කලා නම් රටට දියුණුවක් තියෙයි. එහෙම නැති උනොත් තව අවුරුදු 100 ගියත් රට එක තැනම පල් වෙයි. මේ ගැන පක්ෂ විපක්ෂ දෙකම හිතන්න ඕනේ. එ්ත් කාගේ කරුමෙකටද මන්ද මේ දෙගොල්ලටම ඕනේ තමන්ගේ මඩිය තර කරගන්න මිසක් රට ගැනවත් රටේ ජනතාව ගැනවත් අවංක හැඟීමක් නෑ.(නදී)
ඇසළ,මොකක්ද ඔය කියන නොහොබිනාකම? ඔයා තවම ඉන්නේ වසර 75කටත් පසුපසයි. මේවා දැන් ලොව පතළ සිදුවීම්, (නි)
මුළු ජනගහණයෙන් 5% සමලිංගිකයි කියලයි මම අසා තිබෙන්නේ. තමන්ට කැමති කෙනෙක් සමඟ තම අවශ්‍යතා ඉටුකරගන්න එක සාමාන්‍ය දෙයක්. (නි)
වැදගත් සොයාගැනීමක් (නි)
සමලිංගිකතාවය නොහොබිනා ක්‍රියාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ මොන පදනමක් යටතේද කියල මටනම් ගැටළුවක්. මම හිතන්නේ පරිනාමයේ විකෘතියක් වෙන්න ඇති (නදී)
ඕක මහා සංකීර්ණ විෂයයක්. පෙර ආත්ම භාවයේ තමාගේ පෙම්වතිය වෙලා හිටිය කෙනා මේ ආත්මයේ පිරිමියෙක් වෙලා හමු උනොත් ආත්ම බැඳීම නිසාත් ලිංගික ආශාව උපදින්න පුළුවන්. සෑම පිරිමියෙක් තුලම ගැහැණියෙකුත් සෑම ගැහැණියෙක් තුලම පිරිමියෙකුත් සොභාවිකවම සිටිනවා. මෙම හෝමෝන ආශ්රිත ලිංගික ආශාවන් මතුවීම සංකීර්ණ ක්‍රියාවලියක්. (නදී)