බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක වසර 3 ක් තිස්සේ ගාල් කර තිබෙන මෝටර් රථයක් ඇත.
මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ සුපිරි මෝටර් රථයක් වන මෙය රැගෙන යෑමට ගෙවුණු කාලය පුරාවටම කිසිවෙකුත් පැමිණ නොමැති බව සදහන්ය.
වසර 3 ක් නවතා තැබීම නිසා කවුරුන්හෝ එහි හිමිකරුට රථය රැගෙන යෑමට ගාල් කුලී ලෙස ගෙවීමට මේ වන විට පවුම් 14000 ක (රුපියල් 2,904,580.00) පමණ එකතුවී ඇත.
පොලිසිය පවසන්නේ මෝටර් රථයේ පසුපස ඇක්සලයේ දෝශයක් පවතින හෙයින් රථය ඇදගෙන යා හැකි තත්ත්වයේ පවා නොපවතින බවයි.
මෝටර් රථය මත දුලි හා මඩ බැදී ජරාජීර්ණව තිබේ.
මෙම මෝටර් රථය අතුරුදන්වී ඇතැයි හෝ නීති විරෝධි කටයුතු සදහා යොදාගෙන ඇතැයි හෝ කිසිදු සාක්ෂියකි සොයා ගැනීමටත් හැකිව නොමැත.
වසර 3 ක් බලා සිට අවසානයේ රථ ගාලේ පාලනාධිකාරිය මෝටර් රථය පිටතට ඇද දැමීමට තීරණය කර ඇත.
මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මත තවත් දින 7 කින් මෝටර් රථය පිටතට දමනවා යැයි දැන්වීමක් රදවා තබන බවත් එම දින 7 අවසානයේ කිසිවෙකුවත් නොපැමිණියහොත් තවත් බලා නොසිට රථය පිටතට ඇද දමන බවත් ඔවුන් කියයි.
පවුම් 14000 ක ගාල් කුලී ගෙවා මෙම මෝටර් රථය රැගෙන යෑමට කිසිවෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් යැයි ඔවුන්ම පිළිගනී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බ්‍රිතාන්‍යයේ සි සි ටීවී කැමරා නැත්ද? නැත්නම් ඒවා අක්‍රියද? අක්‍රිය කරලාද? (අ)
ඉෂාන් මම කීවේ කොටස් ගලවන එක ගැන නෙමෙයි. වාහනයේ හිමිකාරයාව හොයාගන්න බැරි එක ගැනය. ඔයගොල්ලන්ට මොනවා වුනත් ලංකාවට දොස් නොකීවොත් නින්ද යන්නේ නැහැ. (ර)
ලංකාවේ අවුරුදු 3 නෙමෙයි සති 3ක් තිබ්බා නම් ඓති කාරයට අරන් යන්න වෙන්නේ චැසිය විතරයි.(හේ)
මේක අපේ කෙනෙකුට දෙන්න. (ර)
ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන් .. ඕක පැද්දේ එංගලන්තේ විසා සහ රියදුරු බලපත් නැති කෙනෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔය ආසියානු සහ අප්‍රිකානු රටවල් වලින් හොරෙන් එංගලන්තේ ගිහින් ඉන්න කෙනෙක් වගේ . ..මිනිහගේ අතින් ඇක්සල් එකට අනතුරක් වෙලා අමාරුවෙන් වාහනේ ලංගම තිබුන පාක් එකට ගෙනත් නැවැත්තුව .. වාහනේ නොම්බරත් ගලෝල අරන් ගියා .. දැන් ඔය වාහනේ විසා නැති කෙනාට වික්ක කෙනා මේ සිද්දිය දන්නේ නෑ... ඉතින් නොම්බරත් නෑ , චැසි නොම්බරේ හොයාගන්න බොනට් එක අරින්න යතුරත් නැති නිසා අන්තිමට ලියාපදිංචි කරලා තියෙන අයිතිකාරයා හොයාගන්න විදියක් නෑ .. වාහනේ අතින් කාවවත් හැප්පුන බවක් පෙනෙන්නේ නැති නිසා පොලිසියටවත් බැහැ පාක් එකක නවත්වල තියෙන වාහනයක දොර අනවසරයෙන් අරින්න ..හැබැයි අවුරුදු 3ක් අයිතිකාරයා ආවේ නැති නිසා සහ පාක් එකට අයිතිකරුවා ඇමතුමක් වත් නොදී සැඟවී සිටින නිසා පාක් එකේ හිමිකරුවන්ට පුළුවන් ඕක එලියට ඇදල යකඩ වලට විසිකරන්න .. .. ඕක වෙන්න පුළුවන් (බ)
ඔවු විජේ ඒක ඇත්ත(අ)
හානේ ,...මම අයිෆල් එක ගාවනේ හෙව්වේ ! (අ)
මේක දැන් ඒ රටේ පවුම් 5000ක් වත් වටින්නෙ නැ...(අ)
ගොඩක් අය ගොඩක් දේවල් දන්නවා කියල පේනවා මේවා කියෙව්වම...අපිත් ඉතින් මේවා කියවලම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. (අ)
මම ගන්නවා. (ර)
මැටිපහන,ගුවන් තොටුපළවල වාහන දාලා ගිහිල්ලා නොවෙයි.අයිතිකාරයා වාහනය රථ නැවතුමේ නවත්වලා පිටරට ගිහිල්ලා.ආපහු මාස ගානකින් නැවත රටට පැමිණි පසු වාහනය අරගෙන ගෙදර යයි.ඒ රථ නැවතුම් වලට කියනවා [ ලෝන් ටර්ම් කා පාර්ක් ] කියලා. (නි)
මේක අරගෙන බැරිවෙයිද දන්නෙ නැහැ හදාගන්න මට (නි)
ඔව් ශාන්ත " එස් " පන්තියේ වත් උනා නම් හිතන්න වත් තිබුන මොනවා හරි කරන්න නේද ! (ස)
කාරයේ අයිතිකරු හොයාගන්න බැරි තරමටම බ්‍රිතාන්‍ය බංකොලොත් වෙලා වගේ.(හේ)
මගේ එක එදා දාල ආපු ගමන් යන්න බැරි උනා. (ර)
බිතාන්‍යයේ වාහන ලියාපදිංචියක් නැතිද ? නැත්තම් අයිතිකරු හොයා ගන්න එක මහ කජ්ජක් නෙමෙයිනේ.(හේ)
මැටිපහන,එයාපෝර්ට් වල කාර් දාලා ගිහිල්ලා නෙවෙයි.කාර් එක අයිති මනුස්සයා වාහනය එයාපෝර්ට් එකේ දාලා පිටරට ගිහිල්ලා.ආපහු රටට ආවහම වාහනෙත් අරන් ගෙදර යාවි.සමහර ඔවැනි වාහන මාස ගණන් එයාපෝර්ට් වල තියෙනවා.ඒ නැවතුම් ස්ථාන වලට කියන්නේ " ලෝන් ටර්ම් කා පාර්ක් " කියලා.(හේ)
සමහරවිට අයිතිකරු මියගොස් ඇති. වාහනය තිබුණු තැන පවුලේ හෝ වෙනත් අයෙක් නොදන්නා නිසා ඔහොම තියෙන්න ඇති. (නි)
මෙහෙත් කෙනෙක් තම වෑන් රථය කොළඹ පැත්තේ ගරාජයකට අලුත්වැඩියාවට දැම්මා. ගරාජය අයිතිකෙනා බාර්කාරයෙක්. ඔහුට වාහනය ගෙනයන්න බැරිවුණා බාර් එකේ බිල නිසා. (නි)
හිමිකරුවා හොයන්න නම් වාහනයේ නොම්මර තහඩු තිබිය යුතුයි. එහෙම නැත්නම් බොනට් එක ඇරලා චැසි අංකය බැලිය යුතුයි. වාහනයේ අංක තහඩු ගලවලානේ තියෙන්නේ. බොනට් එක අරින්න යතුර තියෙන්න ඕනෑ. ලංකාවේ නම් දවස් දෙකක් අයිතිකරුවා ආවේ නැත්නම් ඕවා කරන්න පුළුවන් වුණාට ඒ රටවල ඒ සෙල්ලම් බැහැ. හැබැයි මට හිතෙන්නේ මේකේ හිමිකරුවා වාහනය විසිකරලා ගිහින් තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔහු මේක පාවිච්චියෙන් ඉවත්කරලා වාහනෙත් ලියාපදිංචිය අවලංගු කරලා ඇති. (නි)
ඔච්චර දිඋණු රටේ මේකේ හිමි කාරය හොයා ගන්ඩ බැයිද දෙයියනේ ! (අ)
මේක c ක්ලාස් එකක් නිසා 14000 ගෙවල අරන් යන එක පාඩුයි .(අ)
සුජිත් කාරණාව ඇත්ත. දියුණුවේ හිනිපෙත්තට නැගපු රටක්දැයි සිතෙනවා. (ර)
මේ වගේ කාර් ඕන තරම් තියෙනවා මැද පෙරදිග එයාර්පොර්ට් වල දාල ගිහිල්ල. දැක්කම දුකේ බෑ. (ර)
සුජිත්, ඔයාලට පේන්නෙම එංගලන්තේ වැරදිමයි. ලංකාවේ එක සතියක් ඔහොම කාර් එකක් තිබුනොත් ගලවන කොටස් ඔයා දන්නව නේද. (ර)
සුජිත් කියලා වැඩක් නැහැ. ඔය කතාව අන්ත දුප්පත් අප්‍රිකානු රටක රථගාලක පාලනාධිකාරියක් කිව්වනම් කමක් නැහැ. (ර)