අධ්‍යාත්මික සුවය පතා පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදෙන සංගමයක් ගැන වාර්තා වන්නේ ජපානයේ ටෝකියෝ නුවරිනි.
බෙන්ජියෝ සොවුජර් නම් මේ සංගමයේ සාමාජිකයෝ 35 ක් පමණ සිටිති.කුඩා ළමෝද සාමාජිකයන් අතර වෙති.සෑම සති අන්තයකම කොසු,ඉදල්,පිරිසිදුකාරක බෝතල අතින් රැගෙන පාරට බහිනා මොවුන් යන්නේ නගරයේ ඇති පොදු වැසිකිළි සොයාගෙනය.ඒවා ඉතා හොදින් පිරිසිදු කිරීමටත් මොවුන් සමත්ය.
හතලිස් පස් වියැති මසායුකි මගෝම් මෙම අපූරු සංගමයේ නිර්මාතෘවරයායි.වැසිකිළි යනු පිළිකුළ දනවන තැනක් හෝ විහිළුවට ලක් කළ යුතු තැනක් නොවේ යැයි ඔහු කියයි.වැසිකිළි පිරිසිදු කිරීමේ යෙදීම භාවනාවක් වැනි යැයි කියන ඔහු එමගින් අධ්‍යාත්මය සුවපත් වනවා සේ දැනෙන්නේ යැයි පවසයි.මෙය තමා පමණක් නොව තම සංගමයේ සාමාජිකයන්ද මුලූමනින්ම එකග වන කරුණක් බව ඔහු සදහන් කරයි.
‘‘මල පහ කියන්නේ අපේ ශරීරයෙන්ම පිටවෙන දේවල් නේ? ඉතින් ඒවා පිළිකුල් සහගත වන්නේ කොහොමද? අපි වැඩිහිටියන්. අප දැනට සිටිනවාට වඩා පරිණතව හිතන්න ඕනේ කියන එකයි මගේ හැගීම.අපත් එක්ක කුඩා ළමයිනුත් වැසිකිළි පිරිසිදු කිරීමට එනවා.මේවා ඔවුන්ටත් ආදර්ශයක්.ලොකුම දේ මේ පිරිසිදු කිරීමේ කාර්යයයෙන් අපගේ මනස නිදහස් වනවා වගේ දැනීම.හරිම සැනසීමක් දැනෙන්නේ වැසිකිළියක් හොදින් පිරිසිදු කරලා අහවර වුනාම සංගමයේ සාමාජිකයනුත් ඒකට එකගයි.ඒකනේ හැම සති අන්තයකම
ඔවුන් එන්නේ‘‘ යැයි මසායුකි පවසයි.
පවුල් වල උදවිය නම් මෙයට කිසිදු කැමැත්තක් නොදක්වන බව කියන මසායුකි අදටත් තමා සති අන්තයේදී නිවසින් එළියට බහින විට තම බිරිය අනුන්ගේ වැසිකිළි පිරිසිදු කිරිමේ යනවායැයි කියමින් දොස් පවරන බව පවසන්නේ සිනාමුසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් ජපානයේ ප්‍රධාන ආගමක් වේවිද දන්නේ නැහැ .දෙයියෝ සාක්කි ,ලංකාවට අවොත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි මෙහෙ හැමතැනම තියෙනවා ඕවා. (ස)
රිෂාඩ් ,ජපන් ජාතිකයෝ හරි කැමතියි පිරිසිදුවට ඉන්න. ජපානේ වයසක කට්ටිය උදේට පාරවල් සුද්දකරනවා ,කුණු අහුලනවා ,ඒ විතරක් නෙමෙයි ඉස්කෝල ළඟ ,වාහනත් හසුරෝනවා (නි)
ජපානේ ඔක්කොම පිරිසිදුවට ඉන්න බව ඇත්ත මේක අධ්‍යාත්මික සහනයක් උනේ කොහොමද කියල මම මේ බැලුවේ ?වැසිකිලි සෝදලා (දී)
පිස්සු නැත්නම් හොදයි (නි)
රිෂාර්ඩ්,මෝඩයෙක් වුනාට මෝඩකම පෙන්නන්න එපා (නි)
විශ්ව විද්‍යාලයේ මගේ බැච් එකේ දෙමල සහෝදරයෙක් හිටියා. හැමදාම ඉරිදා පාන්දරම යනවා. කව්රුත් දන්නේ නැහැ කොහෙද කියලා,ඒ දවස්වල යුද්දෙත් තිබුණු නිසා මෙයා ගැන සෑහෙන දේවල් බැච් එක ඇතුලේ කතා වුනා.විභාගය අත ළඟ වුනත් මේ ගමන නැවතුනේ නැහැ.කොහෙද යන්නේ කියලා කව්රු ඇහුවත් කිව්වේ නැහැ.උපාධි ප්රධානයෙන් පස්සේ මම ගිහින් ඇහුවා අපි සමහරවිට ආයේ මුණගැසෙන එකක් නැහැ, ඔයා කොහෙද ඉරිදට ගියේ කියලා කියන්න පුලුවන්ද කියලා.එයාගේ අම්මා සහ තාත්තා යුද්ධෙදි නැතිවෙලා. වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා වැඩිහිටියන් නාවලා ඇඳුම් හෝදලා දෙන්න තමා එයා ගිහින් තියෙන්නේ . සමාජ සේවය උතුම් ක්‍රියාවක් (නි)
ගොඩක් හොද සිරිතක්. අපේ රටේ වගේම සමහර මැදපෙරෙදිග රටවල් වලත් හදිස්සියකට පොදු වැසිකිලියකට යන්න පුළුවන්කමක් නැහැ.මොකද ඒ තරමටම ඒවා අපිරිසිදුයි. ජපානයේ ක්‍රමය අපේ රටටත් ගෙනවා නම්, එහෙම නැත්නම් ඒ විදියට පිරිසිදුව වැසිකිලි පාවිච්චි කරන ක්‍රම පුරුදු කරන්න හැකිනම් ගොඩක් හොදයි. (නි)
උග්‍ර අවස්තාවන්හිදී වැසිකිළිය භාවිතයෙන් ලැබෙන ශාරීරික / මානසික සහනය ගැන දන්නා ඕනෑම කෙනෙක් මේ සද්කාර්යයට ආශීර්වාද කරනු නියතයි. ඔවුන්ට යහපතක්ම වේවා! (නි)
පිරිසිදුවට ඉන්න ඕනෑ එකත් අපේ විශ්වාසයෙන් අඩක්.එහෙත් මම අහන්නේ අනුන්ගේ වැසිකිලි සෝදලා ලැබෙන මානසික සුවය මොකක්ද කියලා? (නි)
ප්රශ්නය තියෙන්නේ අපේ රටේ ගොඩක් පොදු වැසිකිලි බාවිතා කරන්නේ වෙනත් සුවයන් සදහවීමයි! (දී)