සූර්යයන් ට්‍රිලියන 300 කින් සමන්විත අතිශය දීප්තිමත් මන්දාකිණියක් සොයාගත් බව තාරකා විද්‍යාඥයෝ කියති. එය මෙතෙක් සොයාගත් වඩාත් දීප්තිමත්ම මන්දාකිණිය බව ද ඔවුහු කියති.
වයි ජේ 224607.57-052635.0 ලෙස නම්කැර ඇති මෙය වඩාත් අභිරහස් මන්දාකිණියක් බවත් එය දිප්තිමත් අධෝරක්ත කිරණ සහිත බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති. එසේ වුව ද එහි මධ්‍යෙය් දිගින් දිගටම විශාල වෙමින් පවතින කළු කුහරයක් ඇති බවත් එහි ක්‍රියාවලිය පුදුම සහගත බවත් පර්යේෂකයෝ කියති.
ඇමරිකා අභ්‍යාකාශ පර්යේෂණ ආයතනය හෙවත් නාසා ආයතනයේ වයිස් නම් දුරේක්ෂය උපයෝගී කරගෙන මේ සොයා ගැනීම සිදුකැරිණි.
අතිවිශාල කළු කුහරය මගින් ගෑස් ආකර්ශනය කරගන්නා බවත් එහි වටේ මඩලයක් පවතින බවත් තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. රත්වී ඇති මඩලය මගින් අංශක දසලක්ෂ ගණනක උෂ්ණත්වයක් නිපදවයි. ඉන් අතිවිශාල ශක්තියක් මුදහරියි. විද්‍යාඥයන් පවසන්නේ මෙය පියවි ඇසට ද පෙනෙන බබවයි. එය පාරජම්බුල කිරණ සහ එක්ස්රේ කිරණ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නදී, නිහාල්, බණ්ඩාර, නුවන් මට නිකන් කැත කථා කියන්න එපා. ඔයාලව හරියට පයිතගරස්ට කළා වගේ ටින්ටස් ඇන ගහල එල්ලන ඕනේ (බ)
මේ විශ්වය පුදුමාකාරයි (නි)
නෙව්ටන් හෝ අයින්ස්ටයින් පලකලේ මත පමනයි ඒවා සම්පුර්න සත්‍ය නොවෙයි. ඒ කාලේ දැනුම අනුව මත කරපුව. අනාගතේ තව කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත්වෙයි. මිනිස්සු අතීතයේ සිතුවේ කාන්තාරේ වැඩකට නැති වැලි බිමක් කියල නමුත් පසුව දැනගතේ ලොව වටිනාම වස්තුව වැලි යට බව . (කේ)
මැටිපහන, මොන ආගම පරදා විද්‍යාව ජයග්‍රණය කළත් තවම බුදුන් දෙසූ දේවල් නම් පරාජය කරන්න බැරිවුණා. විද්‍යාවෙන් සොයාගන්න සියලුම දේ බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ අවුරුදු 2500 කට කලින්. (නි)
චක්‍රාවාට අනන්තයක් ඇති බව .විශ්වය අචින්ත්‍ය බව ,විශ්වයේ කෙළවරක් නොසෙවිය හැකි බව ,ග්‍රහ වස්තු ගිනිගෙන දැවියන බව ,විවිධ ජීවින් විශ්වයේ සිටින බව අන්නග්ග සුත්‍රයට අනුව කියවෙනවා .මැටි පහන මෙලෝ හසරක් නොදැන අත ගානවා .අනේ මැටිපහන නොදිටි මොක්පුර (බ)
මැටි පහන බුදුදහමේ සුත්‍රයක (අන්නග්ග සුත්‍රය )ලෝකය ඇතිවුයේ කෙසේද කාලානුරුපව මිනිසා පරිණාමය වුයේ කෙසේද යන්න සඳහන් සුමන රංසි හිමියන්ගේ බුදුදහම විද්‍යාව සහ ජීවයේ සම්භවය කියවන්න මෙතන මැටි කතා නොකිය (බ)
ඔය දෙයියන් වහන්සේ මොලේ නැති පොරවල් මොකට මැවුවද කියල අහන්න විදිහක් නැද්ද..(බ)
මේ සොයාගැනීම් නිසා මිනිස්සුන්ගේ අනවශ්‍ය බිය නැති වෙනව. මේවා හොයාගන්න වාරයක් පාසා යම් කොටසක් ආගම ධර්මයෙන් ඉවත් වෙනවා; ආගම ධර්මය අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා තමයි මේ කාලයේ යම් යම් පුද්ගලයින් උත්සහ කරන්නේ ආගම විද්යාත්මකයි කියල ඔප්පු කරන්න. නමුත් ඒක කරන්න බැරි වැඩක් මොකද ආගම වෙනස් වෙන්නේ නෑ - එදා කිව්වා දේවල්ම පමණයි, සදාතනිකයි - වැරදි දේවල් හෝ නොගැලපෙන දේවල් තිබුනත් ඒවාට එරෙහි වෙන්න බෑ. විද්‍යාව එහෙම නෑ - ඒක වැරදුන තැන් සාදා ගනිමින් ඉදිරියට යන ක්‍රමයක්. ආගම පරදා විද්‍යාව ජයග්‍රහණය කරන්නේ ඒ නිසයි. (බ)
ලොව කිසිම දෙයක් මවල නැහැ එහෙම හිතනවානම් නිව්ටන් සහ ඇල්බට් අයින්ස්ටයින් බොරු කාරයෙක් වෙනවා බොරු දේව වාදියෝ වෙන්න එපා (බ)
එතකොට දෙවියෝ පහළ වුනේ විශ්වය හැදෙන්ඩ කලින්ද? (බ)
දෙවියන් වහන්සේගේ වැඩ මාරයි නේ. එයා මේවා කොහොම මැවුවද කියලා හිතනකොට මට කැරකිල්ල වගේ. (බ)
දෙවියෝ තාම මවාගෙන මවාගෙන යනවා මහන්සි නැත්ද අප්පා .(බ)
ආදම් සහ ඒවගෙන් ලු නේ දැන් මේ අපි පැවතෙනවා කියන්නේ .මට තියන ප්‍රශ්නේ මේකයි .ආදම් සහ ඒව දෙන්නට ලැබෙන දරුවන් විවාහ වෙලා නේ ඊලග පරම්පරාව හැදිලා තියෙන්නේ .සහෝදරයෝ දෙන්නෙක් නේ විවාහ වෙලා තියෙන්නේ .මට මේක ලිහා ගන්නම බැරි ගැටළුවක් .දන්නා කෙනෙක් පහදලා දෙන්න (බ)
අපි එ්ක තමා කියන්නේ දෙවියන් මිනිසෙක් නොවන බව ඔව්හු මහා බලශක්තියක් (බ)
ලෝකෙට ඩෙංගු මදුරුවා මැව්වා.l (බ)
දෙවියෝ හොදටම බීල ඉද්දි කරපු වැඩ මේවා නම් ..(බ)
කන්න අදින්න නැති කෝටී ගානක් මිනිස්සු සත්තු මැවුව. දිග පළල හොයන්න බැරි විශ්වය මැවුව. බිම් අගලක් නැති තවත් කෝටී ගණනක් මැවුව. වැඩකටනැති කාටවත් ප්‍රයෝජනයක් නැති දේවල් මැවුව. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියල හිත හදාගන්නවා. (බ)
දෙවියෝ ඒ පැත්තේ ඩයිනෝසරයෝ මවල නැතුව ඇති නේද?? (බ)
කොහෙන් කෙලවර වෙයිද ?කෙළවරක් නැත.දෙවියෝ අපිව මැව්වා අපි දෙවියෝ මැව්වා.(බ)