වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා නව රජය හා ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ව්‍යාපෘතිය භාරව කටයුතු කරනා චයිනා කොමියුනිකේෂන්ස්,කන්ස්ට්‍රක්ෂන් කම්පනි ලිමිටඞ් (සිසීසීසී) පවසයි.
ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා රජය වෙත ලබාදීමටත්,මේ දක්වා සිදුව ඇති කටයුතු විමර්ෂණය කිරීමට පූර්ණ සහය රජය වෙත දැක්වීමටත් කැමැත්තෙන් සිටින බව එම සමාගම කියයි.
සීසීසීසී සමාගම ලෝකයේ ඉදිකිරීම් සමාගම් අතර ඉහළ ස්ථානයක්ද හිමිකරගෙන සිටින්නක්ද වේ.
වරාය නගරය ඉදිකිරීම ශී‍්‍ර ලංකාවට අලූත් දෙයක් නොවන අතර එවැන්නක් සදහා මුල්ම යෝජනාව ඉදිරිපත්වූයේ 1998 වසරේදීය.එවක ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු සිදුවූයේ සිංගප්පූරු සමාගමක් වන සෙස්නා යටතේ වන අතර 2004 වසරේදී අවසාන සැළසුම ඉදිරිපත් විය.නමුත් දැරිය යුතු වන අධික වියදම නිසාත්,වරාය නගරයට අනිවාර්යයෙන්ම අවශ්‍යවූ නව දිය කඩනයක් ඉදිකර නොතිබීම නිසාත් එය ලිපි ගොනුවකට පමණක් සීමාවුනි.
වාර්තා වන ආකාරයට මෙවර වරාය නගරය ඉදිකිරීමේ සැළසුම් කටයුතු ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය.ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම,තාක්ෂණික කරුණු ආදිය වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ විමර්ෂණ කර තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම පිළිඹද වාර්තාව ප්‍රසිද්ධ කෙරුණු අතර එයට ජනතාවගෙන් ලැබුණු අදහස් දැක්වීම්ද ඇතුළත් කර පසුව සම්මත කර ගැනුනි.
මෙයට අමතරව සිීසීසීසී සමාගම ඔවුන්ගේම යැයි පරිසර කළමණාකරණ සැළැස්මක්ද ඉදිරිපත් කර තිබී ඇත.විමර්ෂණයකින් පසු එයටද අනුමැතිය හිමිව තිබේ.
ව්‍යාපෘතියේ පෙර සූදානම් වීමේ කටයුතු වලට පමණක් ගතව තිබෙන කාලය වසර 4 කි.
හෙක්ටයාර 233 ක වපසරියක විහිදෙන වරාය නගරය ශී්රලංකාවේ කි‍්‍රයාත්මකව පවතින විශාලම පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතියයි.එයින් විවිධ ක්ෂේත්‍ර වලට අයත් රැකියා 83000 ක් පමණ උපදිනු ඇතැයි අපේක්ෂිතය.ඉදිකිරීම් අවසාන වූ පසු වරාය නගරයේ ආයෝජන කටයුතු සදහා දෙස් විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමටද සැළසුම් කර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල ගුවන් තොටුපළ වැන්නක් නම් නොවේවා! (නි)
මේ ව්‍යාපෘතිය නවත්තන්න එපා. මේවගේ දේවල් රටට අවශ්‍යයයි. එහෙම නැත්නම් මේ රටට විදෙස් ආයෝජකයන්නට එන්න ඕනේ නැහැ. සංවර්දනය වුන රටකට ගියා නම් මේ වගේ දේවල් එපා කියන්නේ නැහැ. මම ඉන්නේ එහෙම සංවර්දනය උන රටක. ඒ රටවල මේ තත්වෙට ගේන්න ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. අඩුම වශයෙන් ලංකාවේ අදිවේගී මාර්ග 2 යි තියෙන්නේ. යටිතල පහසුකම් දියුණු කරන්න ඕනේ රටක් දියුනු කරන්න නම්. ආයෝජකයෝ එන්නේ එතකොට. මේ වගේ ව්‍යාපෘති කලහම රටේ කී දෙනෙක්ට රැකියා හම්බවෙනවද. ලඟම තියෙන ඉන්දියාවට, චීනෙට ගිහින් බලන්න. ඒ රටවල් දියුණු කරන්න කොච්චර දේවල් කරනවද කියලා. ලංකාව හැම දාම එකම තැන තියේවි කිසිම දෙයක් කරන්නේ නැතුව හිටියහම. (නදී)
මෙම ව්‍යාපෘතියට කිසිසේත් ඉඩදිය යුතු නැහැ. ඉන් සිදුවන්නේ දැවැන්ත පරිසර හානියක්. අපේ ගොඩබිම් පරිසරය ඉවරයි. මෙය ඉදිකළොත් ධීවර කර්මාන්තයට සිදුවන්නේ කුමක්ද? අනෙක් අතට සාගර ජෛවීය පරිසරයට සිදුවන්නේ කුමක්ද? මේවා සංවර්ධනයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අග කෙළවරටවත් සුදුසු නැහැ. එබැවින් මෙම ව්‍යාපෘතිය වහා නවතා දැමිය යුතුයි (නි)
හම්බන්තොට ගොඩබිම හාරලා වරායවල් හදපු රටක්නේ මේක. ජපානයට ගොඩබිම මදි නිසා ඒ අය මුහුද ගොඩකරනවා. අපිට ඉඩම් තිබුනත් කොමිස් මදි නිසා මුහුද ගොඩකරනවා. (නි)
ලෝකය ගැන දන්නේ නැති අය කියන කතාවලට රැවටෙන්නේ නැතුව මේක ඉක්මටන හදන්න. සංචාරකයින්ට හොඳ අවස්ථාවක් මේක (නි)
හැමදා එකතැන පල්වන රටක ඉන්න අපි කැමති නැහැ. (නි)
ඇමරිකන් හස්තය ක්‍රියාත්මක බව මැතිවරණයට පෙර මෙම ව්‍යාපෘතිය පිළිබඳ එවකට විරුද්ධ පක්ෂ නායක අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකින් පැහැදිලිව දක්නට ලැබුණා. මෙම ඉදිකිරීම නතර කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ ඇමරිකන් හා ඉන්දියානුආණුඩුවලට. මේ රජය ඇමරිකානු හා ඉන්දියානු අවශ්‍යතාවය නියත වශයෙන්ම ඉටු කරනවා (අ)
ලංකාවේ ඉන්නේ මී හරක් ටිකක් දියුණුව ගැන පටු විදියට හිතන්නේ (නදි)
තිරසාර පරිසර හිතකාමී සංවර්ධනයක් කරා ගමන් කළ යුතුය (බ)
හණමිටි අදහස්වල ඉන්න අයට වෙන පළාතක සිදුවෙන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නැහැ (නි)
මෙවැනි ව්‍යාපෘති නොකෙරුවනම් ලෝකයේ අනෙකුත් දියුණු රටවලුත් තාම ලංකාව වගේ තමයි .කිසිම දියුණුවක් ලබන්න බැහැ.(දිල්)
අපේ අනාගත පරපුර වෙනුවෙන් අපිට පරිසරය වටිනවා. අපේ ලංකාවේ කිසිම ඉඩම් අඩුවක් නැ. අනික හැමෝම කොළඹ නගරයේ ජීවත් වෙන්න ඕනේ කියල එකක් නැනේ? තව දෙයක් මේකේ ඉඩක් හිමිකරගන්න සාමාන්‍ය කෙනෙකුට කිසිදාක ඉඩ ලැබෙන්නේ නැ. (ර)
ජනතාවට මෙහෙම ව්‍යාපෘතියක් උවමනා නැත , ඉල්ලුවෙත් නැත . උවමනා නම් අවශ්‍යතාව රටට ඉදිරිපත් කරන්න .(දිල්)
අපේ පැත්තට අවානම් මුහද ගොඩ කරන සල්ලි වලින් නගර දහයක් හදන්න ඉඩ දෙන්න තිබුණා .(දිල්)
රට ඇතුලේ තියන තව බොහෝ කාලයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් ගල් කියුබ් මිලියන 12ක් දානවට මම විරුද්ධ එකෙන් වෙන පරිසර හානිය මිලකළ නොහැකිය. ඕක ඔයතරම් ඕනනම් දැනට තියන දුපතක් සංවර්දනය කළහැකිය. (ර)
පටු දේශපාලන වාසිතකා කුමන රජයක් හෝ පෙර රජයක් ඇරඹූ ව්‍යාපෘතීන් හෝ වෙනත් ප්රතිපත්තීන් අහෝසි කිරීම රටට අවාසියක්. විධායක ජනපතිධුරය අහෝසි කිරීම හෝ වෙනත් එවැනි දෙයකට වඩා වැදගත් වන්නේ, රටට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීමයි. දේශපාලකයන් එනවා යනවා. අහිංසක ජනතාව හැමදාමත් අසරණ වෙනවා. (නි)
රටක් දියුණු කරන්න නම් වරායවල්, පාරවල්, ගුවන් තොටුපළවල් හැදිය යුතුයි. රටට හොඳක් වෙනවා නම් අපි කැමතියි. (නි)
මුහුදු පිරවිල්ලයි ගොඩ හෑරිල්ලයි දැන්වත් නතරකරන්න. ඕක නවත්වනවා කියලා පොරොන්දු දුන්නා නේද? කතාව විතරක් මදි. වැඩත් ඕනෑ. නැත්නම් දින 100 ඉතිහාසෙට යයි. (නි)
කරුණාකරලා රටේ තියන කළුගල් ටික මුහුදට දාන්න එපා. ඕන නම් රට ඇතුලට සංවර්දනය ගෙනියන්න. වාහන තදබදයත් අඩු වේවි. මුහුද පුරවලා ඉඩම් හදන්න තරම් ඉඩම් අහේනියක් අපේ රටට නැහැ නේද? (නදී)
පුහු උද්දච්ච කමින් පිරුණු අපේ ජාතිය කවදාවත් ලෝකයත් සමග ඉදිරියට යන්නේ නැහැ. (නදී)
මේක රටට ඉතාම වැදගත් ව්‍යාපෘතියක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි අනෙක් දියුණු රටවල් වලින් පාඩම් ඉගෙනගත යුතුයි. (නි)
අනේ අපි නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)
හදන නගරයේ නොවෙයි ප්රශ්නය තියෙන්නේ. මේ නගරයෙන් හෙක්ටයාර් 80 ක් පමණ මේක හදන චීන සමාගමට සින්නක්කරව ලියලා දීලා තියෙනවා. සමාගම අයත් රටවන චීනය කිව්වොත් මේ කොටසේ පාලනය චීනයේ නීතිවලට අනුවයි. මේක අයිති චිනයටයි කියලා. අපි මොකද කරන්නේ. ටිබෙටය අල්ලාගත්ත චිනාට මේ වැඩේ කරන එක එච්චර දෙයක් නොවෙයි. (නදී)
ජනගහනය වර්දනය වෙන තරමට ඉඩම් අවශ්‍යතාවය වැඩි වෙනවා. කොළඹ නගරයේ නාගරික කරණය වීමෙන් මේ වගේ ව්‍යාපෘති වැදගත්. පරිසරයට හානි උනත් වැඩි වෙන ජනගහනයට අවශ්‍ය නිවාස අහස උසට ඉදි කරනවා මෙන්න මේ වගේ ව්‍යාපෘතියත් ඉතා හොඳයි (නදී)
මේවා අපේ රටට අවශ්‍ය දේවල් නෙමෙයි. මුලින්ම කළයුත්තේ පරිසරයට හානියක් නොවන විදිහට රටේ සෑම නගරයක්ම, ගමක්ම සංවර්ධනය කිරීමයි (නි)
මීට වැඩ නරකද, මහජනතාවට වැඩක් වෙන දෙයක් කළා නම්(දිල්)
නගරයේ වාහන තදබදය තව වැඩිවෙන මේ වරාය නගරයට වඩා හොඳ නැද්ද වෙනත් නගර සංවර්ධනය කරල රාජකාරි කටයුතු සඳහා ඒ නගරවලට එන අයට පහසුකම් සැලසීම? (බ)