මිනිසෙකු අභ්‍යවකාශයට යැවීමේ ඉරාන ව්‍යාපෘතිය යටතේ සතෙකුද
ඒ සමාගම අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් වෙයි.
ඒ සඳහා පර්සියා පූසකු බලධාරීන් විසින් තෝරාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ 2018 වසරේදිය.
එම තීරණය ගනු ලැබුවේ ඉරානය විසින් වඳුරෙකු අභයාවකාශ ගත කිරීමත් ,වඳුරා නැවත පෘථීවියට සාර්ථකව පැමිණීම රඟපෑමක් බවත් එහි ඡායාරූප එකිනෙකට පරස්පර විරෝධි බවත් ආදී වශයෙන් විවිධ චෝදනා එල්ල වීම නිසාය.
මේ දෙස බටහිර රටවල් අවධානයෙන් සිටින අතර මෙය ඉරානයේ සුප්‍රසිද්ධ අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් එක් කොටසක් බව පැවසේ.
මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ප්‍රධානියකු වන මොහොමඩ් ඊබ්‍රහිමි වඳුරාගේ අභ්‍යාවකාශ ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේදී ඔහු අතින් එම ව්‍යාපෘතියට යොදාගත් වෙනත් වඳුරෙකුගේ ඡායාරූපයක් මාධ්‍යට නිකුත් වීම නිසා එසේ චෝදනා එල්ල විය.
එම චෝදනා වලට පිළිතුරක් වශයෙන් මෙසේ බළලෙකූ අභ්‍යවකාශ ගත කිරීමට ඉරාන බලධාරීන් සැලසුම් කරති.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බල්ලගෙත් කාලය අවසන් වෙනවා.(නදී)
අපි යවමු හරකෙක්. (නි)
නිළාර් ඔබ හරි, අපි යවමු ඕකට අර දියවන්නා ඔය පැත්තෙන් එක්කෙනක්වත්.(නදී)
අනේ ඔය අහිංසක පුසාව අතහැරලා ලංකාවේ පළාත් සබා අපේක්ෂකයෝ ටික පටවන්න. (නි)
ඔය වැඩේට ලංකාවේ ඉන්නවා හරියටම හරියන කට්ටිය, පලා බබ්බු, සමෘද්ධිකාරයෝ සහ දියවන්නාවේ ඉන්න කොටසකුත්. (නි)
උඩු ගුවනට උඩු ගුවනට යන්නට නැද්දෝ පිනක්? (නි)
ඒක නම් ඇත්ත. ලංකාවේ ඉන්නවා ඕකට හරියන නියම වඳුරෝ රැලක් (නි)
නිසාර් හරි එතනට යවන්න කියාපු භාන්ඩෙ.(නදී)
කොහොමත් සමහරුන්ට ලෝකෙ තාම රොටියක් වගේ පැතලි තැටියක් කියලලුනේ දේශනා කරලා තියෙන්නෙ (නි)
උඩුගුවන විතරයි මුන්ගෙන් බේරිලා තියෙන්නේ. දැන් උන්ව යවලා ඒකත් ඉවර කරන්නද හදන්නේ? (නි)
ඔහෙ හිටු ඔබාමා!(නදී)
ඔන්න ඕවට තමයි ඇමෙරිකාව බය. අපිත් එක්ක තරඟෙට ඕන් නැති වැඩ කරන්න එනවා. දැන් ඉරානෙට පාඩමක් උගන්නනවා සිරියාවට උණ ගැනෙන්න ගහලා.
ඊට පස්සේ ඌරෙකුත් යවයිද දන්නේ නැහැ. (ස)
බළලව උඩ යවන්න ගත්තු එකට පොඩ්ඩක් ඔළුව තිබිලා තියෙනවා. ඌට මරණ හතක් තියෙනවා කියනවනේ. ඒක නිසා වදුරට වඩා බළලා උඩ යයි.(නදී)