ජපාන සත්ව උද්‍යානයක අලූත උපන් වැඳිරි පැටියකුට ‘චාලට්’ යන නම යෙදීම බි්රතාන්ය රජ පවුලේ අලූත් කුමරියට කරන අපහාසයක් යැයි දොස් අහන්න සිදුවීමත් සමඟ එම නම වෙනස් කිරීමට සත්ත්ව උද්‍යාන බලධාරීන්ට සිදු වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
බි්රතාන්යයේ විලියම් කුමරු සහ කේට් කුමරියට උපන් සිඟිති දියණියට යොදා ඇත්තේ චාලට් එලිසබෙත් ඩයනා යන නමය. එහෙයින් මෙම වැඳිරි පැටියාට චාලට් යන නම යෙදීම රජ පවුලට කරන අපහාසයක් බවට චෝදනා එල්ල විය.
වැඳිරි පැටියා උපන් මොහොතේ සිට සත්ව උද්‍යාන බලධාරීන් සතුන් වත්තට පැමිණෙන අයගෙන් ඇයට සුදුසු නමක් යෝජනා කරන්නැයි ඉල්ලා ඇත. එම අවස්ථාව වෙද්දී, රජ කුමරිය උපත ලබා සිටි අතර ‘චාලට්’ යන නම ද අතිශයින් ප්‍රකට වී තිබුණි.
සත්ව උද්‍යානයට පැමිණි බොහෝ දෙනා පවසා ඇත්තේ ‘චාලට්’ යන නම සුදුසුයි කියාය. ඒ අනුව චාලට් යනුවෙන් වැඳිරි පැටියාට යෙදීමට සත්ව උද්‍යානයේ බලධාරීන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාලට් හොඳ නැත්නම් ජුලියට්, ඇග්නස්, මේබල්, අයිරින්, ජෝසෆින්, කැතරින් ... ඔය ඕනෑතරම් නම් තියෙන්නේ (නි)
චාලට් හොද නැත්නම් තව ඕනෑ තරම් නම් තියෙන්නේ දාන්න (ත)
ඉස්සර අපේ ගෙදර හිටිය බලු පැටියට පැටි කියල දාල මිනිමරා ගන්නවා තව ඩිංගෙන්. උඩ ගෙදර කොල්ලෙක් හිටිය පැටි මහත්තය කියලා , පස්සේ බල්ලාගේ නම වෙනස් කලා(නදී)
චින්තක කිව්වට චාලට් හරි කැතරින් හරි වගේ නම් කියනවට වැඳිරි පැටිය කැමති වෙයිද දන්නේ නැහැනේ. ඌ හිතුවොත් ඒක ඌට කරන අගෞරවයක්ය කියලා? නරකද ජපානයේ එවැනි සුරතලෙකුට කියන නමක්ම කිව්වනම්? (බ)
ජපානේ උපන්න වැදිරි පැටවියට ජපන් නමක් දැම්ම නම් හොඳයි නේද ? (හේ)