නඩුව විභාග කිරීම අමතක කර දමා තම වෘත්තීය සගයෙකුට අතින් පයින් සංග්‍රහ කළ විනිසුරුවරයෙක් ගැන වාර්තා වන්නේ මෙක්සිකෝවෙනි.
පහරදීමට හේතුව ලෙස හෙළිවී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ අපහාසාත්මක කියමනකි.
පහර කෑ පුද්ගලයාද විනිසුරුවරයෙකි.
ඒ අසා කෝප වු මුලසුනෙහි සිටි විනිසුරුවරයා මුලසුනෙන බිමට පැන
ශාලාව ඔස්සේ දිව ගොස් ඔහුට ‘‘වැටෙන්නට‘‘ පහර දුන්නේය.නඩු විභාගය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ බැවින් මේ සියල්ල රටටම දැක ගත හැකි විණි.
විනිසුරුවරයා තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇත.එසේ වුවත් ඔහුගේ වෘත්තීය සගයන් ඔහුට සමාව දීමට සූදානම් සෙයක් පෙනෙන්නට නැත.
අධිකරණකට උත්තම පුද්ගලයා ලෙස සැළැකෙන විනිසුරුවරයා කවර අවස්ථාවකදී වුවද සියල්ලන්ට ආදර්ශයක් වන සේ හැසිරිය යුතුයැයි ඔවුන්ගේ අදහසයි.සිදුවූ අපකීර්තියට වන්දි ගෙවීමට විනිසුරුවරයා තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් පටන් ගනිද? (ස)
මේයා ෂුවර් එකටම අර අපේ අහවල් එක්කෙනාගේ හොඳ හිතවතෙක් වෙන්න ඇති. (නි)
අපේ රටේ අයත් මේක ආදර්ශයට ගත්තොත්? (නි)
අපේ රටෙත් නඩු වීඩියෝ කරන්න අවස්ථාව ලබාදුන්නොත් හොදයි (නි)
අපේ රටේ අය නම් ඔය විදියට මෝඩ තාලෙන් හැසිරෙන්නෙ නැහැ (නි)
මෙම ආචාර්ය උපාධිය ගැන සොයා බැලිය යුතුයි (නි)
එතකොට මේ ගහපු නඩුව අහන්නේ කුමන උසාවියේද? මොකද ප්‍රධාන විනිසුරුනේ මෙතන වැරදිකරු... (නි)
දයා,හේරත්, ඇයි මතක නැද්ද මේකට ටිකක් සමාන දෙයක් චෙන්නායි නගරේදී සිද්ධ වුණා. ඒකෙදි නම් අපේ නඩුකාර හාමුදුරුවන්ගේ නම එහෙම වැඩිය ප්‍රසිද්ධ වුනේ නැහැ. මොක වුනත් අපි හොඳ ආරම්භයක් දීලා තියෙනවා. දැන් අවශ්‍ය මේක උසාවියෙදිම තව දුරටත් ව්‍යාප්ත කරන්නයි. (නි)
දුම්මලසුරිය, ඔබ එහෙම ඇහුවේ උපහාසයට නම් මේ කියනදේට මට සමාවන්න. නමුත් ඔබ ඇහුවේ ඇත්තටම නම් ඒක ඉතාම වටිනා ප්‍රශ්නයක්. සියලුම ශිෂ්ඨ ජාතීන් පිළිගන්න ස්වභාවික යුක්තිය පිළිබඳ මුලධර්ම දෙකෙන් එකක් තමයි "තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුය" කියලා. ඒ අනුව, මේ විනිසුරුටවත් මෙතන හිටපු අනික් විනිසුරෙකුටවත් මේ නඩුව අහන්න බැහැ. වෙනත් විනිසුරෙක් නඩුව ඇසිය යුතුයි. මෙතන පහරදීම සිදුකළ විනිසුරු විත්තිකරු වෙනවා. අනික් විනිසුරන් සාක්කිකාරයෝ වෙනවා. (නි)
ඇත්තටම උපාලි මේ සිද්ධිය කියවද්දී මගේ හිතට නැගුන ප්රශ්නය තමා මම ඇහුවේ? එහෙම නැතිව අපහාසයකවත්....උපහාසයක්වත් ....කරන අදහසක් ඒ වෙලාවේ මට හිතට අවේ නැහැ... ඔබේ පිළිතුරට ගොඩක් ස්තුතියි. (ස)
දුම්මලසුරිය කරුණාකරලා ස්වභාවික යුක්ති ධර්ම මුලධර්ම දෙක කියන්නකෝ. ස්තුතියි (ස)