මීළඟ ජනාධිපතිවරණයට තමා සමඟ තරග වදින විපක්ෂ අපේක්ෂක හෙන්රීකේ කැප්රියේල්ස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවත් ඊට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවත් වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පවසයි. කැප්රියේල්ස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු ලැබී ඇත්තේ බුද්ධි අංශවලින් යැයි ද වෙනිසියුලා ජනාධිපතිවරයා පවසයි. චාවේස්ට අභියෝග කරමින්, චාවේස්ගේ පාලනය පෙරළා දැමීමට මීළඟ ජනපතිවරණයේදී කැප්රියේල්ස්ට ජන බලයක් ලැබෙනු ඇතැයි ද පෙනී ගොස් තිබේ. කැප්රියේල්ස් මේ වනවිට වෙනිසියුලාව පුරා සංචාරය යෙදෙමින් මැතිවරණ ප්රචාරක කටයුතුවල නියැලෙමින් සිටියි. එම ඝාතන සැලැස්මට සම්බන්ධ වී සිටින්නේ විපක්ෂ කණ්ඩායම් යැයි ද ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටින අතර කැප්රියේල්ස්ට ආරක්ෂාවක් ලබා දීමට ද තමන් සූදානමින් සිටින බව පවසයි. කැප්රියේල්ස්, වෙනිසියුලාවේ මිරැුන්ඩා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ද වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd