ලෝකය පුරා ඇතිවී තිබෙන ගැටුම් තෙවැනි ලෝක යුද්ධයක් හා සමාන යැයි සාමයේ පණිවුඩය රැගෙන බොස්නියාවට පැමිණි ෆ්‍රැන්සිස් පාප්තුමෝ පැවසූහ.
බොස්නියාවට පැමිණි පාප්තුමෝ සරයේවෝහිදී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වූහ. ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවැති දේව මෙහෙයට 65000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර තවත් විශාල පිරිසක් මඟ දෙපස රැස් ව සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
‘බොහෝ දෙනා වුවමනාවෙන්ම යුද්යක් ඇති කිරීමට උත්සහ කරනවා. බොහෝ දෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්. නමුත් යුද්ධය කියන්නේ දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සරණාගත කඳවුරුවලට ගාල් කිරීමක් විතරයි. එහි තේරුම බලහත්කාරයෙන් අවතැන් කිරීමක් .‘
සරයේවෝහිදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළින්ම කියන්නකෝ ඇමරිකාව සහ යුරෝපයේ කෙරුවාව (නි)
"බොහෝදෙනා බෙදීම් ඇති කරන්නේ දේශපාලන වාසි ගැනීමටත් අවි ජාවාරමෙන් ලැබෙන වාසි ගැනීමටත්....." කියලා කියූ දෙයින් එතුමාට අන්තර් ඥානය ඉතා හොඳින් තිබෙන බව පේනවා. (නි)
ඇමෙරිකාවේ සහ යුරෝපයේ යහපාලන යුද්දය රටවල් අස්ථාවර කර දුක.. ලේ .කදුල උරුමකර ඇත ලොවට (ම)
අපෙත් ඔහේ වගේම තමයි පාප් තුමෝ ! (නදී)
පාප් තුමාට ස්තුති වෙන්න ඕන ලෝකයේ බල කඳවුරු වලින් රටවල් භේද බින්න කර ජනතාව අගාධයට දමන එකට විරුද්ධව හඬක් නැගීම ගැන. එම රටවල දේශපාලන නායකත්වයන් තමන්ට කැමති ලෙස හසුරුවන්න පුළුවන්වීම තමයි මේ ඛේදවාචකය. (නදී)
එතුමා පැවසුවේ සම්පුර්ණ ඇත්ත.අයුක්තිය අසාදාරනය ඉදිරියේ නැගී සිටින ඔවැනි ආගමික නායකයන් තමා අද අපට අවශ්‍ය වී ඇත්තේ. (ස)