ගිනි අවි භාවිතය ගැන පැවැත්වුණු පන්තියකට සහභාගී වූවකුට පන්තියේ උපදේශකවරයා වෙඩි තැබීමේ පුවතක් ඇමරිකාවේ ඔහයෝ ප්රාන්තයෙන් වාර්තා වේ.
උපදේශක මිලිමිටර 0.38 පිස්තෝලයකින් වෙඩි තබන ආකාරය පෙන්වීමට යාමේදී සිසුවාට වෙඩි වැදී ඇත.පොලිසිය කියන්නේ ගුරුවරයා පිස්තෝලයේ උණ්ඩ ඇති බව නොදැන සිට ඇති බවයි.
සිසුවාගේ අත පසාරු කරගෙන උණ්ඩය පිටවී ඇත. ඔහු රෝහල් ගත කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්ය.
මෙම පුහුණු පන්තිය පවත්වනු ලැබ ඇත්තේ ඔහයෝ ප්රාන්තයේ පොලිස් බළධාරීන්ගේ අදහසකට අනුවය.පන්තියේ අරමුණ වී ඇත්තේ ඔහියෝ වැසියන් නිවැරදිව ගිනි අවි භාවිතා කිරීම ගැන දැනුම්වත් කිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තෝලයේ උණ්ඩ තිබෙනවද නැද්ද කියා නොබලා වෙඩි තියන හැටි උගන්වන ගුරුවරුද ඇමෙරිකාවේ ඉන්නේ? එහෙනම් අනෙක් ගුරුවරු කොහොමට ඇත්ද? (නදී)
අපරාද කාරයෝ ඇතිකරන්නේ ඇමෙරිකාව ...නිකන් ඉන්න මිනිස්සුන්ට මොකටද අවි පුහුණුව ? ඕව තහනම කරලා මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නනම් ඉවරිනේ ...(නදී).
පුහුණුකරුවා තවදුරටත් පුහුණු කරන්න ඕනෑ. (නි)