ලෝකයේ විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් වන ජර්මනියේ "වොක්ස්වැගන්" සමාගම, ඩීසල් වාහන නිෂ්පාදනයේදී එන්ජිමෙන් පිටවන විෂ වායු විමෝචනය පරික්ෂා කිරීමේදී හඳුනා ගත නොහැකිවන ආකාරයේ මෘදුකාංග භාවිතාකර ඇතිබව අනාවරණය වීම හේතුවෙන් විශාල අකරතැබ්බයකට පත්ව ඇත.
"වංචනික කුටෝපක්රමයක්" ලෙසට හංවඩු ගැසී ඇති මෙම එළිදරව්ව සිදුවී ඇත්තේ ඇමෙරිකාවේදීය. පසුගිය සතියේ වොක්ස්වැගන් සමාගම ඩීසල් වාහන එන්ජින් නිෂ්පාදනයේදී මෙවැනි "මුලාකිරීමක්" සිදුවී ඇතිබව පිළිගත්තේය.
මෙම පුවත අනාවරනයවූ විගස සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්විය. "වාහන නිෂ්පාදනයේදී තම සමාගම විසින් කිසියම් ආකාරයක නීති විරෝධී ක්‍රියා පටිපාටියක් අනුගමනය කර ඇති බව තමන් දැන නොසිටියද එවැනි වරදක් සිදුවුවා නම් එහි සම්පුර්ණ වගකීම සභාපති වරයා ලෙස තමන්ට පැවරෙන නිසා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වොක්ස්වැගන් සමාගමේ සභාපති මාර්ටින් වින්ටර්කොන් නිවේදනය කළේය. වින්ටර්කොන් ෆොක්ස්වැගන් සමාගමේ අතිශය ජනප්‍රිය " බීට්ල්" වාහනයේ නිර්මාතෘ ෆර්ඩිනැන්ඩ් පෝෂ් ගේ මුණුබුරෙකි.
1937 මැයි 28 වනදා වොක්ස්වැගන් හෙවත් "පොදුජනයාගේ වාහනය" නමින් සමාගමක් ආරම්භ කළේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ උවමනාව සහ උසිගැන්වීම මතය. අද වනවිට එම සමාගම ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන ආයතනය බවට පත්වී ඇත.
2009 වසරේ සිට මේ දක්වා ලොව වටා විවිධ මාදිලියේ වොක්ස්වැගන් ඩිසල් වාහන මිලියන 11 කටත් වඩා අලෙවි කර ඇත. මේවා අතර ජෙටා, බීටල්, ගොල්ෆ්,පසාර්ට් මෙන්ම එම සමාගමටම අයිති "අවුඩි" සමාගමේ ඒ 3 වර්ගයේ වාහනද වෙයි.
මේ සියලුම වාහනවලින් විෂවායුව පිටකෙරෙනු පරීක්ෂාකිරීමේදී "වංචනිකව එම පරීක්ෂාවෙන් ගැලවීමට හැකිවන අන්දමේ" මෘදුකාංග විශේෂයක් ඒවායේ එන්ජිමට සම්බන්ධ කර ඇතිබව හෙළිවීම මේ අලකලංචියේ මුලාරම්භයයි.
මේ අතර ජර්මන් බලධාරීන් වොක්ස්වැගන් සමාගම මඟින් සිදුකර ඇති මෙම බරපතල හානිය පිළිබඳව වගකිවයුතු එම සමාගමේ සේවානියුක්තිකයින් හට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බවද වාර්තාවෙයි.
මෙම සිද්ධිය එළිවූ විගස කොටස් වෙළඳ පොලේ ෆොක්ස්වැගන් සමාගමේ අගය සීග්‍ර පහත වැටීමකට ලක්ව ඇත.
මෙම සංසිද්ධිය පිළිබඳව අනතුරු හඟවන පරිසරවේදීන් මෙන්ම තතු දන්නන් පවසන්නේ කෙතරම් දැවැන්ත ආයතනයක් වුවද අනාගත පැවැත්ම පිළිබඳව දැනට උද්ගතව ඇති අවිනිශ්චිත භාවයෙන් ගොඩ ඒමට වොක්ස්වැගන් සමාගමට අසීරුවන්නට හොඳටම ඉඩ ඇති බවය.
වාහන එන්ජින්මෙන් විෂවායුව පිටවීම වැළැක්වීමට හැකි අන්දමේ "පෙරනයන්" සවිකිරීම වාහන නිෂ්පාදකයින්ගේ වගකීම වෙයි. ගරාජයකදී එන්ජිම පරික්ෂාවට ලක්කරන අවස්ථාවේදී මෙම උපකරණ නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද යන්න සොයාබලන අතර ඒවා අක්‍රියව ඇත්නම් අලුත්වැඩියා කිරීමට අණ කරනු ලබයි. වාහනය පාවිච්චියට සුදුසු බවට සහතික කෙරෙන්නේ ඉන් අනතුරුවය.
මෙම ක්‍රියාවලිය මඟහැර යාම සඳහා වොක්ස්වැගන් සමාගම මෘදුකාංගයක් සවිකර ඇත්තේ පරිෂා කරන උපකරණය රැවැට්ටීමට හැකිවන අයුරිනි.
අවුඩි, බෙන්ටලී, බුගාටි, ලම්බෝගිනි, පෝෂ්, සියට් සහ ස්කෝඩා වැනි දැවැන්ත මෝටර් වාහන නිෂ්පාදන සමාගම් අයත් වන්නේ වොක්ස්වැගන් සමුහ ව්‍යාපාරයටය. මෙම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇත.
වොක්ස්වැගන් සමාගමේ වර්තමාන අර්බුදය වාර්තා වෙන්නේ ජර්මන් විදේශ ඇමති වරයා ලංකාවේ සංචාරයක නිරතවීම සහ වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමට අදාළ ගිවිසුම් අනුමත කිරීම වැනි ක්‍රියාමාර්ග සහිත පසුබිමකය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි වාහනයක් ගන්න මමත් සිහින මැව්වා? (නි)
දැන් කාටද වොක්ස්වැගන් එපා කියන්නේ..... අනේ ඒක මට දෙන්ඩකෝ..(අ)
මම දන්නා පරිදි බුගාටි සහ ලේම්බ්රෝගිනි නිෂ්පාදනය කරන්නේ ඉතාලි රටේය . මේවා වොක්ස්වැගන් සමාගමත් සමග සම්බන්ද නොවේ (හේ)
අපේ රටේ නම් අවුරුද්දකට සැරයක් දුම බලලා ආණ්ඩුව ගාණනක් කඩා ගන්න නිසා කොච්චි දුම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. (අ)
මේක දන්නා නිසා තමයි ලංකාවටත් එන්න හැදුවේ, දැන් ඉතින් කියයි ප්‍රශ්නයක් නැහැ කියල. (බ)
ඔය කොහේ තහනම් කරත් අපේ දේශපාලුවෝ ඕනෙම කුණු ගොඩකට කර ගහන බව පිට රටවලත් ප්‍රසිද්දි වගේ (අ)
ප්‍රායෝගිකව මෙය එතරම් වැරද්දක් නොවේ ඊට හේතුව අවුරුද්දකට වතාවක් මේ රටවල වාහන වලින් පිටවන දුම් සාම්පල් පරික්ෂා කරන නිසා. අවසන් තීරණය වන්නේ වාහනයේ දත්ත නොව පරික්ෂකයාගේ කොම්පියුටරයෙන් දෙන දත්තයි. (අ)
කිර්තිනාමය නැති කරගත්තොත් ඔක්කොම බංකොලොත් තමයි .(අ)
මෙම ගෞරවනීය ඉල්ලා අස්වීම මේ සිරි ලංකාවේ ආදර්ශයක් වේවා. (අ)
එයාලත් මෙහෙම නම් අපේ අය ගැන කවර කතාද? (නි)
එකත් ඉතින් අපේම අවාසනාව තමයි .(හේ)
මෙයාලා ලංකාවට ආවොත් අපේ පරිසරයට වින නොකරන බවට සහතික විය හැකිද? (නි)
සුද්දා හරිම කපටියි. කොහොමහරි කණෙන් රිංගන්නයි බලන්නේ. (නි)
වොක්ස්වැගන් සමාගම ලංකාවේ වාහන නිෂ්පාදනය කරන ව්‍යාපෘතියට මොකද වෙන්න යන්නේ? ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක වියදමකට අමතරව ඇමෙරිකාව ඇතුළු අනෙකුත් රට වලින් දැමීමට යන නඩු නිසා ලංකාවේ ව්‍යාපෘතිය කොට උඩ යයිද? (නි)
අර ඡන්ද කාලේ වෙළඳ දැන්වීමේ හිටිය ජෝඩුව තාම වැස්සට ගොඩවෙච්ච තැන බලාගෙන ඇති ඒ කියපු වොක්ස්වැගන් එක එනතුරු (නි)
මේ "ඊනියා සුද්දොත් " මෙහෙම නම් ජපන් කාරයාගේ ,ඉන්දියන් කාරයාගේ ( එයාලගේ හුඟක් වාහනවල මේ කැටලික් ඇවලයිසර් නැති වුනත් )චීන්නුන්ගේ දේවල් ගැනත් සැක හිතන්න වෙලා තියනවා (බ)
උගත් යැයි පිළිගන්න මිනිස්සු අනෙක් අයව රැවටීමට දරන උත්සාහය පැහැදිලියි නේද ? (බ)
මදැයි අපි මෙහෙ කොම්පැනිය පටන්ගන්න හැදුව විතරයි (බ)
අරාබි රටවල විශාල වශයෙන් දුවන මේවා මොකද කරන්නේ (බ)
උගත් මිනිස්සු තමා දරණ තනතුරට වඩා , තමාගේ නමේ ගෞරවය රැකගැනීමට දරන උත්සහය පැහැදිලියි නේද .(හේ)