කිලෝ මීටර් 57ක් දිග දිගම උමං මාර්ගය පසුගිය ජූනි 01 වැනිදා ස්විට්සර්ලන්තයේදි සඳහා විවෘත විය. ස්විට්සර්ලන්ත අගමැති ජොහාන් ස්නයිඩර් ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ප්‍රංශ ජනාධිපති ප්රංශුවා ඔලොන්ද්, ජර්මනියේ චාන්සලවරිය ඇන්ජෙලා මෙර්කෙල්, ඉතාලියේ අගමැති මැතියෝ රෙන්සි, ඔස්ටි්රයා අගමැති ක්‍රිස්ටියන් කර්න් යන රාජ්‍ය නායකයෝ සහභාගි වුහ.
යුරෝපයේ උතුර හා දකුන දුම්රිය මාර්ග යා කිරීමට සැළසුම් කර ඇති මෙම දුම්රිය මාර්ගය ඉදිරි කාලයේදි ජර්මනියේ ප්රැන්ක්පට්, ප්‍රංශයේ ස්ට්රාස්බර්ග්, ස්විට්සර්ලන්තයේ බාසෙල් නගර ඔස්සේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිට ඉතාලියේ මිලාන් නුවර දක්වා ඒකාබද්ධ කිරීමට යයි.
බෝඩියෝ නගර යාකර එස්ට්ෆෙල්ඩ් හා මධ්‍යම ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටියේ පතුල ඔස්සේ මෙම උමග මුහුදු මට්ටමෙන් මීටර් 550ක් ඉහළින් ඉදිකර ඇත්තේය. වසර 17ක් මුළුල්ලේ සමාගම් 3000 ක සේවකයෝ 6000ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට එක් වූහ. මේ සඳහා යුරෝ මිලියාන 11ක් වැයවී ඇත්තේය. උමගේ පස් හා සුන්බුන් වශයෙන් ටොන් ලක්ෂ 280ක් ඉවත් කැරිණි. උමග පසු කිරීමට විනාඩි 20ක් ගතවේ. 2016 දෙසැම්බරයේ මගීන් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇත. දැන් භාණ්ඩ කැරෙයි.
ප්‍රංශය හා එංගලන්තය යා කරන මුහුද යටින් තනා ඇති කිලෝ මීටර් 50ක් දිගැති උමග හා ජපානයේ ෂෙයිකාන් නුවර කිලෝ මීටර් 53.8 ක් දිගැති උමං මීට පෙර ඉදි කැරිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිසිය සහ මිලානෝ නගරය පැය තුනකින් යා කළහැකි නව අධිවේගී රේල් මාර්ගය කොටස් වශයෙන් ආරම්භ වී ඇතත් 'පියෙමොන්තේ' ප්‍රදේශයේ ගොවියන්ගේ දැඩි විරෝධය නිසා එම සශ්‍රීක සානුව තුළ වැඩකටයුතු බෙහෙවින් පමාවී තිබෙනවා. මෙය ඉක්මනින් නිමකිරීමට හැකිවන්නේ නම් උදේ අාහාරය මිලාන් වලින් ගෙන දවල් කෑම පැරිසියෙනුත්, රාත්‍රී අහාරය ලන්ඩනයෙනුත් අපහසුවෙන් තොරව කෑ හැකිය. (නි)
ලංකාවේ ඉන්න අපිට මේ වගේ දෙයක් කවදා මේ රටේ දකින්න ලැබෙයිද? (නි)
ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපොල නම් ඉතින් මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළනේ (නි)
හොඳ පැහැදිලි කිරීමක්. සතුටුයි. සුනිල් ආනන්දට ස්තුතියි (නි)
මම පදිංචිවෙලා ඉන්නේ මේ උමං දුම්රිය මාර්ගයට ආසන්නව. අති සුන්දර ප්‍රදේශයක් (නි)
අනේ පිටිගල ඔබ වගේ මිනිහෙක්! ලංකාවේ විශාල ජනතාවක් ගෙවල් අහිමි වෙලා අාහාර ප්‍රශ්න සහිතව අවතැන් වෙලා ඉන්න මේ මොහොතේ ඔබ සැරසෙන්නේ උදේ, දිවා සහ රාත්‍රී කෑම රටවල් තුනකින් කා දමන්නද? (නි)
එහෙමනම් ජයන්තගෙන් ලංකාවේ කෑමකුත් පිටිගලගේ ලිස්ට් එකට එකතු කර ගන්න. (ර)
පිටිගල කියල තියෙන විදියට උදේට මිලාන් වලින්. දවල්ට පැරිසියෙන්. රෑට ලන්ඩන් වලින්. ඊටපස්සේ ලන්ඩන් වලින් ශ්‍රී ලන්කන් ගත්තා නම් උදේට කටුනායකදී දත් මැදලා මහින්ද මහත්තයාගේ අධිවේගය අරගෙන, දවල්ට හම්බන්තොටින් කොත්තු පාරක් දාන්න බැරියෑ (නි)
අපේ රටෙත් මෙහෙම දියුණු වෙනවානම් බොහොම අගෙයි. (ර)
අපේ ඒකාබද්ධ විපක්ෂයේ අය මේවට කැමතිම නැහැනේ. ඉන්දියාවත් එක්ක උමගක් හෝ පාලමක් මඟින් ලෝකයත් සමඟ ගොඩබිමින් සම්බන්ධ වුණාම දැනෙන වටිනාකම දන්නා අය ඕවට විරුද්ධ වෙන්නේ නැහැ. මෙවැනි උමං දුම්රිය පොලවල වීසා පාස්පෝර්ට් පරීක්ෂා කරනවා අනවශ්‍ය සංක්රමිකයන්ව පාලනය කරන්න. අපේ අය බොරු ජාත්‍යාලයක් පෙන්වනවා බලය ගන්න (නි)