මෙතෙක් හමුනොවූ කිලෝ 350ක් බරැති යෝධ දැල්ලන් විශේෂයක දැල්ලකු ධීවරයන් පිරිසකට හමුවී ඇති බවත් ඒ දැල්ලා කෞතුකාගාරයට ගෙනගොස් පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු මහජන ප්‍රදර්ශනය සඳහා තබන බවත් නවසීලන්ත විද්‍යාඥයෝ පිරිසක් කියති.
දැල්ලා හමුවී ඇත්තේ ඇන්ටාක්ටිකාවට එපිටින් ඇති රෝස් මුහුදේ දී ය. ධීවර යාත්‍රාවේ කපිතාන් ජෝන් බෙනට් පවසන්නේ මේ දැල්ලා කුඩා ලොරියක් තරම් විශාල බවයි. කිලෝ 350ක් බරැති දැල්ලා ගැහැනු සත්ත්වයෙකි. ඉදිරිපස ඇති බාහු දෙක මීටරයක් පමණ දිගු බවත් ග්රාහිකා එමෙන් දෙගුණයක් පමණ වන බවත් පර්යේෂකයෝ කියති.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කැට් බොල්ස්ටැඩ් පවසන්නේ මේ දැල්ලා කලින් දක්නට නොලැබුණු විශේෂයක් බවයි.
‘‘ මේ මා දුටු විශාලත ම දැල්ලායි. මේ දැල්ලා සතුව බිත්තර විශාල සංඛ්‍යාවක් තිබුණා. අපි මෙවැනි දැල්ලෙක් සොයා ගැනීමට අපේක්ෂාවෙන් සිටියා. මේ එය සාර්ථකවීමක්. මීට පෙර මේ ආකාරයේ දැල්ලෙක් හමුවී තිබුණත් පරීක්ෂණ සඳහා තවත් සතකු අවශ්‍යව තිබුණා. “ යැයි ඔහු පවසයි. කලින් හමුවූ දැල්ලා නවසීලන්තයේ ටෙ පැපා හි පිහිටා ඇති ජාතික කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත.
දැල්ලා අල්ලාගත් ධීවරයන් යළි ගොඩබිමට පැමිණ ඇත්තේ මාස අටකට පසුවය. ඒ කාලයේ දැල්ලා ශීතාගාරයක තබා තිබූ බව ද ඔවුහු කියති. පර්යේෂකයන් පවසන්නේ මේ යෝධ දැල්ලන් විශේෂය සම්බන්ධ පරීක්ෂණ අවසන්කර ඉතා නුදුරු දිනක ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව එළිදක්වමින් දැල්ලා සත්ත්ව විද්‍යාත්මකව නම්කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්තර් සී ක්ලාර්ක් මහත්තයේගේ "ගැඹුරු මුහුද" නව කතාවෙත් යෝධ දල්ලෙක් ඇල්ලීම ගැන ලස්සනට ලියා තිබෙනවා. (ස)
පුදුම වුණත් ඇස් දෙකටම දැක්කා (නි)
නියමයිනේ! (නි)
ගැඹුරු මුහුදේ තවත් කතාවක්! (නි)
මටත් එකපාරටම මතක් වුනේ "ගැඹුරු මුහුද" නවකතාව. හැබැයි ඒකේ අල්ලන්නේ යෝධ බූවල්ලෙක්. (නි)
මුව බයිට් එකට ගන්න නම් විස්කි බවුසරක් වත් ඕන. (අ)
ජපනාට අහුවුනානම් සැහෙන පිරිසකට රස බලන්න තිබුන (අ)