වරෙකට වැඩ දහසකුත් එකක් කිරීමේ හැකියාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින්නේ යැයි සමාජයේ පවතින මතය විද්‍යාත්මකවම තහවුරු කිරීමට ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වූහ.
තරුණ කාන්තාවන් හා පිරිමින් 949 දෙනෙකුගේ මොළ එම්.ආර්.අයි පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් ලබා ගත් දත්ත සටහන් අධ්‍යනය කිරීමෙන් මේ බව සොයාගැනීමට මෙම පර්යේෂක පිරිසට හැකිව ඇතැයි සදහන්ය.
එම දත්ත සටහන් වලට අනුව කාන්තාවන්ගේ මොළයේ දකුණු හා වම් අර්ධ ගෝලයන් හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇති බවත් පිරිමින්ගේ මොළයේ ඒ සම්බන්ධය එතරම් හොදින් නොමැති බවත් පර්යේෂක පිරිස සොයාගෙන ඇත.නමුත් පිරිමි මොළයේ පසුපස හා ඉදිරිපස කොටස් කාන්තා මොළයට වඩා හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.
කාන්තාවන්ගේ මොළයේ අර්ධ ගෝල 2 හොදින් සම්බන්ධ වී පැවතීම නිසා ඔවුන්ට තර්කන ශක්තිය මෙන්ම නිර්මානශීලී හැකියාවද එකවර ක්රියාවේ යෙදවීමට,වැඩ කටයුතු දෙක තුනක් එකවර කිරීමට,කලකට පෙර හදුනාගත් පුද්ගලයෙකුගේ අලගිය මුලගිය තැන් අද දිනය දක්වාම මතකයේ තබා ගැනීමට ආදී හැකියාවන් ලැබී ඇති බව පර්යේෂකයන් කියයි.
පිරිමින්ට මොළයෙහි පසුපස හා ඉදිරිපස කොටස් හොදින් සම්බනධ වී තිබීමෙන් ලැබී ඇත්තේ සංකීර්ණ වැඩකටයුතු වල සාර්ථකව නියැලීමේ හැකියාව බව පැවසේ.හදිසි අවස්ථාවකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව,රථ වාහන ධාවනය,යතුරුපැදි හා පාපැදි ධාවනය,පිහිනීම වැනි ක්‍රියාකාරකම් වලදී කාන්තාවන් අභිබවා යාමටත් මෙම සම්බන්ධතා නිසාවෙන් ඔවුනට හැකියාව ලැබී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.
නමුත් වාසනාවකට හෝ අවාසනාවකට හෝ බහුකාර්යය සාධන හැකියාව පිරිමින්ට ලැබී නැත.සමාජයේ පොදු මතයක්ව පැවතුනු මෙය දැන් විද්‍යාත්මකවම තහවුරු කෙරී ඇති සෙයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂකයින්ගේ සොයා ගැනීම හරියි කියමුකෝ. ඒත් අපේ ලියෝ වැඩ නොකරන එකනේ වරද? (නදී)
දයා, ලියෝ වැඩ කරන්නේ නැත්තම් ගෙවල් පවතින්නේ කොහොමද? උයන්නේ පිහන්නේ, ගෙදර බලාගන්නේ, දරුවෝ හදන්නේ කවුද එතකොට? ඔයා කියන්නේ "ලියෝ" "වහලියෝ" වගේ වැඩ කරන්නේ නැහැ කියලද? "ඔයාගේ ලිය (බිරිඳ)" වැඩ කරන්නේ නැහැ කියලද? (නි)
දයා, බලන්නකෝ ඉන්දුට ඩෝන් ගිය තරම් .... (ස)
ඔතන පසුබිම වෙන්නේ පරිණාමයේදී පිරිමියා හා ගැහැණිය විකාශය වූ අන්දම.පිරිමියා දඩයමට යද්දි කාන්තාව දරුවන් රැක බලා ගැනීමේ යෙදුනා.පිරිමියා ඒ නිසා එක ඉලක්කයකට එක්වර එළඹෙද්දි, කාන්තාව ගල් ලෙන තුල සීමිත පරාසයක් තුල අවධානය යොමු කළා. (ස)
වයඹට ආසන්න කුඩා නගරක ඇති සිල්ලර කඩේක විටක වැඩට එන මුදලාලිගේ මැදි වයස ඉක්ම වූ හාමිනේ එක විට වැඩ තුනක් කරනවා. එතුමියත් බඩු කිරමින්, සේවකයා බඩු කිරමින් කියන ගණනුත් අහගෙන ඉඳිමින්, තව කඩේට එන හිතවත් කෙනෙකු සමඟත් ආ ගිය තොරතුරුත් කතා බහ කරමින්, අන්තිමට මුදල් ගනුදෙනු වලදී හරියට එකතුවත් නිවැරදිව කියනවා. (ස)
බොතේජු, ඔහොම තමා ඇත්ත කියනකොට ඉන්දුලා වගේ අයට ඩෝන යනවා තමා.අර මොකක්ද අකුරක් කියනකොටත් කාටද තද වෙනවාලුනෙ. (ස)
ඇයි අහල නැතෙයි කියමනක් " ගැහැණිය යනු එකෙකු දෙස බලමින්, තවකෙකු හා කතා කරමින් වෙනකෙකු ගැන හිතන කෙනෙකි " යි යන්න... (ස)
දාහෙන් එකක්වත් අඩුගානේ හරියට කරනවද ? (අ)
අපෙය් ලියෝ ලිඳට ගියත් කොතන ගියත් කිවරුව මිසක් වැඩක් කරන්නේ නැත. (අ)