ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් සිරියානු රජයට සහාය දීමට තම බලඇණි කිහිපයක් සිරියාවට යැවූ බව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය කියා සිටී.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාවට කැරැලිකරුවන්ට දිගින් දිගටම පහර දීමට හැකි වි ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගේ ද සහාය ලැබෙන නිසාය.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ් එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොමැකි වනු ඇති බවත් ඇමෙරිකාවේ අදහසයි.
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් මේවනවිට තීරණය කර ඇත.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලන සංවිධානයක් ද වෙයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු ජනපති අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා අවධාරණය කර ඇත.
|
හිස්බුල්ලා සටන්කාමීන් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියා රජයට හිස්බුල්ලා සංවිධානයෙන් ලැබෙන සහය නිසා ඒ රටට යහපතක් වෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ....නමුත් .....සටන්කාමීන් කියා හදුන්වන ත්‍රස්තවාදින්ට නම් මම කොහෙත්ම කැමති නැහැ....මොකද පසුගිය කාලේ..අපේ රටේ හිටියෙත් සටන්කාමින් කියලනේ සමහර විදේශ මාධ්‍ය ප්‍රකාශ කලේ......නමුත් ඒ ත්රස්තවාදීන් නිසා අපි විදපු..දුක් ....හිත්වේදනා .....දන්නේ අපි විතරනේ.... (ස)
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක්. (ස)
ලුම්බිණි, මේ අය සුන්නි අය උනානම් ඔයා මොකද කියන්නේ. ( වරදවා තේරුම් ගන්න එපා රටක නීතියට පිටින් අවි ගත් සැවොම ත්‍රස්තවාදි තමා. ) (නදී)
ඔය හිස්බුල්ලා හදන්නේ ඉල්ලන් කන්න. මතකනේ පාරක් ඊශ්රායලේට ගහල පරිප්පු කෑවා!! සටන්කාමි.., නොවෙයි රටකන සංවිදානයක් !! හිස්බුල්ලා කියන්නේ.(නදී)
බලන් හිටපියව් ඇමරිකාව ගහන කොට නුබලගේ අළුත් නෑ. (ස)
මේත් මොළේ හෝදලා විනාශයට යොමුකරපු තරුණයෝ රැසක්. (නි)
ඇමෙරිකාව දැන් දුගී රටක් බවට පත් වෙනවා වගේ මේ සෙල්ලමෙන්.(නදී)
ඔය හිස්බුල්ලටත් වෙන්නේ ප්රභාකරන් සහ බින්ලාඩන් ට උන දේම තමා. (දී)
රජ කෑමක් කන්න වගේ ...(දී)
සිරියාවට ප්‍රහාර එල්ල කලයුතුයි (දී)
කොහොමවූනත් ඇමරිකාවේ කඩාවැටීම බොහොම ලගදීම සිද්ද වේනවා ස්ථිරයි.