අභිරහස් ලෙස හිස ගසා දමන ලද පුරාතන රෝමයේ කඩුගත් මල්ලවයන්ගේ හිස් සහ වෙනත් මානව නෂ්ඨාවශේෂ ලංඩනයේ ඉදිකිරීම් යෝජනා ක්‍රමයකින් සොයා ගැනීමෙන් පසු අසාමාන්‍ය පුරාතන ඉතිහාසයක් හෙලි දරව් වි තිබේ.
දැන් මෙම ප්රාග් ඵෙතිහාසික යුගයට අයත් නටබුන් මගින් ආදි ලෙන් වැසියන්ගේ රූපාකාරය සොයාගෙන ඇත්තේ දකුණු ලංඩනයේ වොක්සෝල් හි නව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිකිරීම් බිමේදීය.
මෙම වැඩබිමෙන් සොයාගත් පුරා ශීලායුගයේ ගිනිගල් මෙවලම් ක්‍රිස්තු පූර්ව 700,000 සහ ක්‍රිස්තු පූර්ව 10,000 අතර බව පෙනීගොස් තිබේ. ඒ අනුව මෙය මෙතෙක් ලන්ඩනයෙන් හමුවූ පැරණිත ම මානව සාධක ද විය හැකියැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.
මෙම පුරා වස්තු අතර ක්‍රිස්තු පූර්ව 4,000 ට පමණ අයත්යැයි සැළකෙන ලෝකඩින් සෑදූ රුවක් ද සොයාගෙන තිබේ.
මෙම ස්ථානයෙන් හමුවු අනෙක් වස්තූන් නම් ප්රාග් ඵෙතිහාසික යුගයට අයත් මසුන් අල්ලන උගුලකි. මෙය සාමානයෙන් අඩි 39 ක් එනම් මීටර් 12 ක් දිගින් යුක්තය. ආදි මිනිසුන් සිය වාසස්ථානවල ගින්දර භාවිතා කිරීම සම්බන්ධයෙන් හොඳම සාක්ෂි එහි දක්නට ලැබෙයි. ඒ සමග ඇති පසෙහි දැවීගිය අළු සහ පිලිස්සුනු අස්ථි තිබී ඇත.
මෙම පුරාවස්තූන් ලංඩන් වලින් හමුවූ පැරණිම ඒවා විය හැකි බව ලංඩන් හි පුරාවිද්‍යා කෞතුකාගාරයේ ජෙෂ්ඨ පුරාවිද්‍යාඥ ආචාර්ය කාසියා ඔල්චොවුස්කා පවසන්නීය.
මෙම සාක්ෂි තේමිස් නදිය අසබඩින් හමුවූ අනෙක් ප්රාග් ඵෙතිහාසික යුගයේ සැකිලි සමග අදාල වේදැයි බැලීමට කැමැත්තක් දක්වන බව ද ඇය පැවසුවාය.
මෙ මගින් දැනට වඩා වැඩි ප්‍රමාණයක ප්රාග් ඵෙතිහාසික යුගයේ භූ දර්ශණය බලාපොරොත්තු විය හැකි බව සහ ගොඩනැගිය හැකි වන බවද ඔලචොවුස්කාගේ අදහසයි.
විශේෂඥයින් විසින් මෙම පුරා වස්තූන් විශ්ලේෂණය කර ඒවා අයිති නිවැරදි කාල වකවානු නිර්ණය කර ලංඩන් හි වසර 12,000 කට ප්‍රථම ජන ජීවිතය ගැන අදහසක් ගත හැකි වන බව ආචාර්ය ඔල්චොවුස්කා පැවසුවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මාර දියුණුයිනෙ? (ස)
ඒ කාලේ රාවනා රජ්ජුරුවො තමා අපේ රට පාලනය කලේ...ලන්ඩන් අපේ අහලකින් තියන්නවත් බැහැ. නොදියුණුයි ඒ තරමටම. (ස)
අපි නම් ඉතින් අපේ අධ්‍යාපන ඇමතිලට පින්සිද්ද වෙන්න අපේ දරුවන්ට ඉතිහාසය කියන දේ උගන්වන එකත් අත හැරලා දාල නේ තියෙන්නේ! (ස)
නලින්,ඔබ නින්දේද ඉන්නේ? (නි)
හොඳ ලිපියක් (නි)
අපි අපේ ලෝකය ගොඩනඟා ගත්තෙමු. දහසක් බාධක ජයගත්තෙමු. අභියෝගයන්ට අභියෝග කළෙමු. අපි උපන් අපේම පරිසරය මත්තෙහි අපේ ලෝකය අපි තැනුවෙමු. මේ හෙළිවන්නේ නොනවතින තවත් එක් අරගලයක යුග කථාවකි (නි)
නලින්, ඒ කාලේ කිව්වේ කොයි කාලයද? මොනවද ඒ කාලයෙන් හමුවෙලා තිබෙන සාධක? (නි)
සිරිසේන/රොකී, අපේ මිනිහෙක් තමුන්ගේ ඉතිහාසය ගැන කිව්වම හරි අමාරුයි නේද? සුද්දා මොන දේ කිව්වත් හුරේ දානවා...ඕක මානසික අසහනයක්.(අ)
දැන් ඒවගේම හැමදේම ලංකාවේ තිබ්බ කියල බොරු කතා කියන එකත් මානසික අසහනයක්. (අ)
අපි.ගොඩාක් ලෝකයත් එක්ක.තොරතුරු බෙදාගන්න.හැකියාවට පත් උනාම.අපේ තියෙන පැරණි ශිෂ්ඨාචාරය ගැන. ගොඩාක් කරුණු තියනවා.අපේ ඉතිහාසය වසර 2500 සිමා කරලා තියෙන්නේ.එක අපිට හිතන්න වත් බැරි විදියට අපිව කොටු කරලා තියෙන්නේ අපේ අධ්‍යාපනය තුලින්ම.මන් මේ ගැන ගොඩාක් දේවල් කියන්නේ නැහැ එත් රාවණ රජු ගැන අපිට ඉතිහාසයක් නැති වුණට එහි මුලාශ්‍ර. ඉන්දියාවේ වාල් මිකී විසින් ලියනලද.පුරණ පොත් පත් වල තියනවා. ඒ වගේම . ඉරාකේ කළ මෑතකදී කැනීම් වලින් ඒ කාලයට සම්බන්ද බොහෝ දේවල් ලැබී තියනවා ....අපේ ලංකාවෙත් ..මීට වසර 4000 කලින් තිබුණ දේවල් තියනවා.ඒ දේවල් වලට පර්යේෂණ කරන්නේ නැහැ ..ඒ නිසා අපි නොදන්නා දේවල් වලට එහෙම දේවල් නැති බව කියන එක කොතරම් දුරට සාධාරණද කියන තැනක නේද.දැන් අපි ඉන්නේ (අ)