ලන්ඩන් නුවර ප්‍රසිද්ධියට පත්කර ඇති දැන්වීමකින් යාචකයින්හට මුදල් නොදෙන ලෙස ඉල්ලා ඇත.
සිඟමනට පත්ව ඉන්නා අය සුරාපානය හෝ මත් කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් නිසා එවැන්නන්හට මුදල් දීම ඔවුන්ගේ ජිවිත කෙටි කිරීමට කරන උපකාරයක් ලෙසද එම දැන්වීම් වලින් දක්වා ඇත.
බ්‍රිතාන්‍යයේ පිළිගත් නීතිය අනුව හිඟාකෑම හෝ සන්තෝසමක් ඉල්ලීම නීති විරෝධී ක්‍රියාවකි.
නමුත් ලන්ඩන් නුවර සහ අනෙකුත් සියලුම ප්‍රධාන නගරවල ජනයා බහුලව ගැවසෙන ස්ථානවල හිඟමන් ඉල්ලන බාල මහලQ මිනිස්සු සිටිති.
මෙම ක්‍රියාවලිය හුදෙක් ජීවිකාව ගෙනයාමේ අවහිරතාවයන්ට මුහුණ දෙන දුප්පත් මිනිසුන් පමණක් නොව පාතාලයට සම්බන්ධ පිරිස් සැලසිලි සහගතව ගෙන යන කුට ව්‍යාපාරයක් බව බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියට පත්කර ඇත.
සමහර අවස්ථාවල යුරෝපයේ සිට එංගලන්තයට ගෙන්වා ගන්නා අහිකුන්ටික කාන්තාවන් සහ කුඩා දරුවන් මේ සඳහා යොදා ගත් අවස්ථා හෙළිවිය. කාන්තාවන් සහ කුඩා දරුවන් හිඟමන් ඉල්ලා ප්‍රසිද්ධ තැන්වල සැරිසරන අවස්ථාවලදී පොලිසියට අසු වුවත් නිත්‍යනුකුලව ඔවුන් අත්අඩංගුවට නොගන්නා අතර හිඟමන් ඉල්ලීම වැරදි බවට අවවාද කොට එම ස්ථානයෙන් එලවා දැමීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
මෙවැනි අවස්ථාවල සිදුවන්නේ එම පිරිස් වෙනත් ජනාකීර්ණ ස්ථානයකට ගොස් සිඟා කෑම යළිත් ආරම්භ කිරීමයි.
සමහර තැන්වල රැකියාවක් නැති බවත් ඉන්න හිටිඉන්න තැනක් නැති බවත් කියවෙන අත් අකුරෙන් ලියු සටහනක් රැගෙන වැරහැලි ඇඳගත් මිනිසුන් මහ මඟ සිඟමන් යති.
එංගලන්තය වැනි දියුණු සමාජයම එසේ සිදුවිය හැකිද යන්න ගැටළුවක් වන අතර මේ මිනිසුන් යන එන මන් නැති අයමද කියා පැහැදිලිව දැනගැනීමේ ක්‍රමයක් නැත.
ලන්ඩන් නුවර ප්‍රාදේශීය සභා මඟින් අලුතෙන් ආරම්භ කර ඇති පෝස්ටර් ව්‍යාපාරක් මඟින් මහමඟ සිඟමන් ඉල්ලන කිසිවෙකුට මුදල් නොදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එමඟින් පවසන්නේ මේ මිනිසුන් සුරාපානයට සහ මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අය නිසා එවන්නන් හට මුදල් දීම ඔවුන්ගේ ජිවිත කෙටි කිරීමට කරන උදව්වක් ලෙස දක්වයි.
මෙම පෝස්ටර් මඟින් ලන්ඩනයේ කටුක ජිවිතයක් ගෙන යන දුප්පත් මිනිසුන් පිළිබඳ වැරදි මතයක් ගොඩනඟා ඇති බව මේ පිළිබඳ විරෝධය දක්වන පිරිස් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට හරි යන ක්‍රමයක් (අ)
ලන්ඩනයේ හිගාකන්නේ සුද්දො නෙමේ... බොහෝවිට ආසියානු රටවලින් හෝ රුසියාවෙන් අනවසරයෙන් සංක්රමනයවූ අය.. බ්‍රිතාන්‍ය වැසියෙකුට මුදල් නැති නම් රජයෙන් 'පබ්ලික් වෙල්ෆෙයා පේමන්ට්' නොහොත් සුබසාධක අරමුදලක් ගෙවනවා (අ)
මමත් නාමල්ගේ අදහස අනුමත කරනවා.සමහර ට්‍රැෆික් ලයිට් එක ගාව වාහනය නතර කරපු ගමන්,ඔය නැගෙනහිර යුරෝපයෙන් සංක්‍රමණය වූ සමහර පිරිස් හොඳට තියන වාහනයේ ඉදිරිපස වීදුරුවට නා නා ප්‍රකාර සබන් වර්ග දමා අතුල්ලා මුදල් ඉල්ලා සිටිනවා.සමහර පිරිස් පවුල් පිටින් වැරහැලි ඇදුම් ඇඳගෙන මේ වැඩේ කරන්නේ. (අ)
ලන්ඩන්වල සුද්දෝ හිඟා කනවා කිව්වාම සමහර අයට බොහොම තදින් රිදිලා වගේ. ලංකාවේ පමණක් නොවෙයි ලෝකේ කොහෙත් හිඟමන් යදින මිනිසුන් ඉන්නවා. සමහර තැන්වල සුද්දොත් ඉන්නවා. නමුත් වැඩි වශයෙන් ඉන්නේ වෙන රටවලින් අපු අය. (අ)
මම ලන්ඩන්වල ජීවත්වෙන කෙනෙක්... නාමල්, ඉනෝකා කියන කතාව ඇත්ත... එංගලන්තයේ හිගා කන්නේ ආසියාවෙන්, අප්‍රිකාවෙන්, හෝ නැගෙනහිර යුරෝපයෙන් අනවසරයෙන් සංක්‍රමනය වෙච්ච අය... සුද්දෙක් හිගාකනවා නම් ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මොකද රජය රැකියාවක් නැති මිනිහෙකුට ජීවත්වෙන්න අවශ්‍ය මුදල් දෙනවා මිස මත්ද්‍රව්‍ය වලට ඇති තරම් මුදල් දෙන්නේ නෑ..(හේ)
ලංකාවේ සමාන්‍ය ජනතාව හිගාකනවා වාගේ තමයි ජීවත් වන්නේ. එකම විසදුම හොරා කෑම නතර කිරීම සහ හොරා කෑ මුදල් රටට ලබාදීම (ම)
ඔවුන් හිඟාකෑමට යොමු වූ ආර්ථික, සමාජ සාධක සොයා ඒවාට පිළියම් කරනවා වෙනුවට, මෙවැනි පියවරකට යොමුවීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමි (අ)
බ්‍රිතාන්‍යයේ ප්රජාතන්ත්රවාදය. මන් එත් කල්පනා කලේ ඔය වැඩ නොකරන අයට සල්ලි දෙන්න කොහෙන්ද ඔච්චර සල්ලි. (ම)
රැකියා නැති අයට අවම තක්සේරුවක් මත රජයෙන් ලබා දෙන්නේ කෑම සදහා මුදලක් පමණයි.ගෙවල් කුලිය ගෙවන්න අධික මුදලක් ඕන.එනිසා සුද්දොත් හිඟා කනවා.(අ)
බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට සාපේක්ෂව ඉතා අදු මුදලකට නගරසභාවෙන් දෙන ෆ්ලැට් එකක් ගන්න පුලුවන්... පොඩි රැකියාවක් කලත් මෙහේ ජීවත් වීමට අවශ්‍ය මුදල හොයාගත හැකියි.... හිඟමනට යොමුවෙන්නේ මත්කුඩු ආදියට ඇබ්බැහි වූවන් (අ)
සුදු ජාතික හිගන්නන් වැඩිපුර නැත්තේ,ඒ අය රැකියාවක් ඉල්ලුම් කොලොත්, බොහෝ විට එය ලැබෙනවා.(හේ)
කව්රු නමුත් තමන්ගේ රටේ තමන්ට (ලංකාවේ නොවෙයි ) නොලැබෙන තැනක් දැන් ඉන්න රටේ ලැබෙනවා නම් නිකම් ලැබුන අස්සයාගේ දත් ගනින්න එපා (නදී)
අසෝක ඔයා කියන කතාව හරි. මමත් ඉන්නේ සුද්දෝ ඉන්න රටක තමයි. කළු සුදු බේදයක් නෑ හිඟා කන්න. (නදී)
එංගලන්තේ රැකියා නැති අයට නැවත රැකියාවක් ලැබෙන තුරු මුදල් ගෙවීමක් කරනවා. එය ජීවත් වීමට ප්‍රමාණවත්. ඒවගේම කුලී නවාතැනක ඉන්නවා නම් එයටත් ගෙවීමක් කරනවා. ඒ අතර පදිංචිය සදහා කවුන්සිල් ෆ්ලැට් එකකට ඉල්ලුම් කරන්න පුළුවන්. (නදී)