බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ විධායක කමිටුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සමඟ ලන්ඩන් නුවරදී හමුවු බව ලන්ඩන් ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චිගේ කියයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ විස්තර සාකච්ජා කළ මෙම හමුව සංවිධානය කර ඇත්තේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමකට අනුව බවද ඔහු කියයි.
පසුගිය වසර තිස් පහක පමණ කාලයක් පක්ෂයේ වැඩ කටයුතු සඳහා ලන්ඩන් ශාඛාව විසින් දක්වන ලද අඛණ්ඩ සහාය පිළිබඳව රත්නායක මහතා ස්තුතිය පළ කළේය. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී පක්ෂ අරමුදල සඳහා දුන් මුල්‍යමය ආධාර පිළිබඳව ද ඔහු පක්ෂයේ කෘතඥතාවය පළ කර ඇත.
පක්ෂ සාමාජිකත්වයේ ස්ථිර වර්ධනයක් දක්නට ලැබීමත් අලුතෙන් එජාප තරුණ ශාඛාවක් ක්‍රියාත්මකවී තිබීමත් පිළිබඳව ද ඇමැති තම සතුට පළකර ඇත.
පසුගියදා ලන්ඩනයට පැමිණි එජාප මහා ලේකම් කබීර් හෂීම් ද බ්‍රිතාන්‍ය ශාඛාවේ වැඩ කටයුතු පිළිබඳව ප්‍රසාදය පළ කළ බව ඔහු කියයි.

![UNP5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP51.jpg)
![UNP2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP21.jpg)
![UNP3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP31.jpg)
![UNP4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/UNP41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ මහා බ්‍රිතාන්‍ය ශාඛාව ඉතාමත්ම වැදගත්, උගත් බුද්ධිමත් රටට ආදරය කරන පිරිසක් සිටින කණ්ඩායමක්. රාජ්‍ය බලය නැති කාලෙත් මේ පිරිස බලය තිබුණු පිරිසටත් වඩා විශාල වැඩ කොටසක් කලා. සමාජ සේවයටත් ලැදි පිරිසක් මෙතන සිටිනවා. කුහකයෝ නැති නිසා සාර්ථක ශාඛාවක් පවත්වා ගෙන යනවා. පෙරසේම රටට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා! (බ)
ජනක, ඔබ 'කුහකයෝ නැති නිසා සාර්ථක ශාඛාවක්' යන්නෙන් අදහස් කරන්නේ ලංකාවේ හිටපු ඒජාප ලේකම්ගේ සොයුරු ලන්ඩනයේ දිනේෂ් කපුකොටුව මහතා ලන්ඩන් ශාඛාවේ සභාපතිව සිටිද්දී කිසිම වැඩක් කළේ නැහැ කියා ඔබලාටම සුදු හුණු ගාගන්නද? ශාඛාව දෙකඩ වුනාම කොහොමද එක කොටසක් පමණක් ඔබ සිතන පරිදි සාර්ථක වන්නේ? (බ)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ජයවේවා! (නි)
හොඳයි හොඳයි (නි)
එහෙ අලි මොකද කියන්නේ. (ර)
අනේ මන්දා බන්. මේ හාදයා මාතර දිස්ත්රිිික්කෙන් ජන්දෙ ඉල්ලුවේ නම් ගමට සේවයක් කරනවා කියලා. අන්තිමේදී තමුන්ගේ ආසනෙත් පැරදිලා සනත් ජයසූරියට පින්සිද්ද වෙන්න මනාප වලින් අන්තිමයා වෙලා පාර්ලිමේන්තු ගියා. දැන් කැබිනට් අැමතිවරයෙක් වෙලා දිස්ත්‍රික්කයට සේවයක් කරනවා තියා ගමටවත් සේවයක් නොකර පළවෙනි පන්තියේ සුකෝපභෝගී ගුවන් ගමන් වලින් විදේශ රටවල ගිහින් සැප ගන්නවා.(රේ)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
හොඳ පුවතක් (නි)
මේ රැස්වීමට 20 ක් වත් හිටියේ නැහැ. සංවිධායකවරු නමට විතරයි. (ම)