බයිබලයේ සදහන් මහා ජලගැල්මෙන් බේරීමට නෝවා නැවක් තැනූවා මෙන් අනාගත ලෝක විනාශයකින් මනුෂ්‍යය වර්ගයා මෙන්ම සත්ත්ව හා ශාක ප්රජාවද ගලවා ගෙන ඔවුනට සෙවන සැළසීමේ සමත් අති විශාල අභ්‍යාවකාශ යානාවක් තැනීම සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ.
මෙය පසුපස සිටින්නේ ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා),හා ඉකරස් නම් අභ්‍යාවකාශ යානා උපයෝගී කරගෙන පෘථිවියෙන් පිටත මනුෂ්‍ය ජනාවාස තැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආයතනයකි.
ඉදිරි වසර 100 ඇතුළතදී බොහෝදුරට මෙවන් යානයක් තැනිය හැකිවනු ඇතැයි එම පර්යේෂණායතන කියයි.යානය සාදා නිමකෙරෙන දිනය කුමක් වුවද එවැන්නක අවශ්‍යතාවය නුදුරේදීම ඇති වනු ඇතැයි මේ සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු වල නියැළී සිටින පර්යේෂකයින්ගේ අදහසයි.
මෙම යානය අභ්‍යාවකාශ ගවේෂණයේ යෙදීමටත් උපයෝගී කර ගැනීමට අපේක්ෂිතය.
යානයේ කි‍්‍රයාකාරීත්වය ඉතා සරලව පැහැදිලි කරන පර්යේෂකයින් එය සමකරන්නේ අභ්‍යාවකාශයේ ඉදිකෙරෙන තවත් ‘‘පෘථිවියක්‘‘ ලෙසටය.එකම වෙනස මෙම ‘‘පෘථිවිය‘‘ එහා මෙහා ගෙනයෑමට හැකිවීමය.
මෙම කෘතිම පෘථීවියේ සැබෑ පෘථීවියේ ලෙසම ගස් වැල් පිරි පරිසරයන්,ගංගා ඇළ දොළ ආදියද ඇතිකෙරෙනු ඇත.පෘථීවියට සමාන වන පරිසර පද්ධතීන් එහි නිර්මාණය කෙරෙනු ඇත.
මෙවැන්නක් විද්‍යා චිත්‍රපටයක් නිපදවීමට හොද අදහසක් මෙන් පෙනුනත් මෙය සැබෑවටම දිනා ගත හැකි ඉලක්කයක්යැයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පර්යේෂකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශා.... මරේ මරු... ඉක්මනින්ම එම අවස්ථව උදා වේවා.. (දී)
මැලේෂියන් ගුවන් යානයත් ඒ වගේ එකක් වෙන්න ඇති (දී)
මේ කියන ඒවා කරනවද කියල බලන්න කවුරුවත් අවුරුදු 100 ඉන්නේ නැහැනේ. කොහොමද ටිකිරි මොලේ !! (ස)
ලෝකය විනාශ වීමේ අදහස මිනිස් වරගයා සමුල ඝාතනය වීමයි. කෙසේවෙතත් ශත වර්ෂ කිහිපයක් යන විට මිනිස් වාසයට නුසුදුසු ලෙස පෘතුවිය විනාශ වෙනවා, න්‍යෂ්ටික අවි පාවිච්චි කළහොත් (නි)
මොන බොරු කතාද? (දී)
ලෝකවිනාසය වලක්වන්න කිසිමකෙනෙකුට බැහැ වෙලාවට සියල්ල සිදුවෙයි බලාගෙන ඉන්න තව වැඩිම උනොත් අවුරදු 400 ක් 500 ක් කාලය තුල අනිවාර්යෙන් සිදු වෙනවා ඔය නැව තමයි මුලින්ම විනාස වෙන්නේ,,,,,,,,,,,,,,,, (දී)
ලෝක විනසයකදී මේ ලෝකයේ සිටින කෙනෙකුගේ ඕනෑම නිර්මාණත් ඇතුලත් වෙනවා.එය කොහේ සඟවා තිබුනත් එහි සිටින සියලුදෙනා විනාස වෙනවා. එය බුදුදහමේ හොදින් පෙහෙදිලි කර තිබෙනවා. (දී)
මම හිතන්නේ ඇස්ටරොයිඩයක් ඇවිල්ලා ලෝකය විනාශ වී යයි.නමුත් ලෝකය විනාශ වෙනවා කියන්නේ පෘතුවිය විනාශ වෙනවා කියන එක නෙමෙයි. පෘතුවියේ මිනිසුන් සහ සතුන් විනාශ වෙන එකයි.හැම ආගමකම ලෝකය විනාශ වෙනවා කියලා තියනවා.ඒවා ( ආගම්) ඔක්කොමත් මිනිසුන්ගේ නිර්මාණනේ. (නි)
මේ නුතන මනුස්සය අනුවන විදියට කල්පනා කිරීම ගැන කණගාටු වෙමු. (දී)
ප්‍රිය ..ඔයාගේ කතාව දැකල මට හිනා වරුසාවයි .අනේ ..! (ස)
මට නම් පිස්සු වගෙයි මේ වගේ ප්රවෘත්ති බලද්දී. (නි)
රෝයි, ඔබ හරි.අපේ ආගමේත් කියලා තිබෙනවා ලෝක විනාශය ගැන. මොනවා කළත් වැඩක් නැහැ.සියලු දෙනාම ලෝක විනාශයට මුහුණ දිය යුතුයි. (නි)