ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට තමන්ට සාම්ප්‍රදායික අයිතියක් ඇති නිසා එයට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් වෙත පෙත්සමක් භාරදීමට තමිල්නාඩු ධීවරයෝ සැරසෙති.
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරිය හා විශේෂ හමුවක් පැවැත්වීමටද ඔවුන් සැළසුම් කර තිබෙන අතර එහිදී ඔවුන් මසුන් මැරීමට යන දිනයන්හිදී ශී‍්‍රලංකා ධීවරයින් එම මුහුදු කලාපයෙන් ඉවත්ව සිටිය යුතු බව ඇයට ඒත්තු ගැන්වීම ඔවුන්ගේ අරමුණයි.
තමිල්නාඩු ධීවරයින් පැමිණ තමන්ට අයත් මත්ස්‍ය අස්වැන්න නෙළාගන්නා බවත්,අනවසර ක්‍රම යොදාගෙන මසුන් මැරීම සිදුකරන බවත් ශී‍්‍ර ලංකා ධීවරයින් නගන චෝදනාවයි. ශී‍්‍ර ලංකා නාවික හමුදාව ද නිතරම පාහේ ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුලූව මසුන් මරන තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම සිදු කළද තවමත් ඔවුන්ව මර්දනය කිරීමට හැකිව නොමැත.
පසුගිය මාර්තු මස මේ සම්බන්ධයෙන් ශී‍්‍රලංකා හා ඉන්දියා නියෝජිත දෙපිරිසක් හා නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්වුනු අතර එහිදී තමන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට පැමිණ මසුන් මරණ දින ගණන 90 සිට 83 දක්වා අඩු කරගැනීමටත්, අනවසර ක්‍රම යොදාගෙන මසුන් මැරීම නැවැත්වීමටත් ඉන්දියා පාර්ශවය එකඟ විය.
එම එකඟතාවයන් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ධීවර ප්‍රජාවගෙන් කරුණු විමසා දැනුම් දෙන බව ශී‍්‍ර ලංකා පාර්ශවය දැනුම් දුන්නේය.
තමන් ශී්රලංකාවේ ප්‍රතිචාරය ලැබෙන තෙක් බලා සිටිනවායැයි තමිල්නාඩු ධීවර සංගම් නායකයෙක් පසුගියදා ඉන්දියා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරද තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත් පුදුම කෙනෙක් තමයි (නි)
දැන් තිබෙන්නේ දෙන යුගය.කලින් තිබුනේ රැකගන්නා යුගයි.
නිපුන් ....යුද අපරාද කියන්නේ ...ත්‍රස්තවාදය නැති කරපු එකද .....යුද්දයක් වෙද්දී ....අතරතුර ...සිදුවීම් වෙනවා ඒවා හිතාමතා කරන දේවල් නෙවි. ....දහස් ගණනක් බේරගන්න යද්දී කෙනෙක් දෙන්නෙක් මැරෙනවා....එහෙම නොවුනා නම් ..අදටත් ලංකාව ලේ විලක්....රණවිරුවන් ..කරපු කැපවීමට ....ද්‍රෝහී වෙන්න එපා. ඩයස්පෝරාවේ යාලුවොවත් ඉන්නවද? (ස)
සිරිමාවෝ මැතිණියගේ කාලයේ අපට කච්චතිව් දුපත ඉන්දියාවෙන් ලබාදුන්නේ ඒ වනවිට ලංකා මුහුදු සීමාවට අයත්ව තිබුණු විශාල ප්‍රමාණයක් ඉන්දියාවට පවරාදීමට වන්දි වශයෙනුයි. අපිට කච්චතිව් ලැබුනාට වඩා දහස් ගුණයක වාසියක් මුහුදු සීමාව වැඩිකර ගැනීමෙන් ඉන්දියාවට ලැබුණා. (නි)
අපේ රට, අපේ දේශ සීමාව ලෙස සීතා ජාති මමත්වයෙන් යුතුව රැකගත් අපේ රට, පසු ගිය මාස කීපය තුල ආපසු ටිකෙන් ටික බෙදාගෙන යන බව පෙනී යන බැවින් සිත් වේදනාව තුරන් කර ගැනීම සඳහාත් ඔබ සැමගේ අදහස් ප්‍රකාශ කරවා ගැනීම උදෙසාත් මගේ ඉහත වැකිය ප්‍රකාශ කල බව සියලුම මිතුරන් අවබෝධ කර ගනිත්වා. මගේ වැකියට ද්වේශයෙන් කතා කිරීම මා සතුටට පත් කරවන්නකි. (ස)
සිරිමා මැතිනියගේ කාලේ කච්චතිවූ ලංකාවට ගත්ත වගේ තමිල්නාඩුවත් උතුරු පළාත් සබාවට ගැනීමට මෛත්‍රී පාලනය කටයුතු කල යුතුය (ස)
වාන්ග අයියා වාන්ග! (නි)
රසික, ඔයා ලියූ ටික නම් නියමයි. (නි)
නිවටය දැක්කහම එලුවත් රැවුල දික්කරනවා කපන්න කියල. අපේ පාලකයෝ නිවට දුර්වල අය. (බ)
යුද අපරාධ ප්‍රශ්නෙදි ඉන්දියාව ගත්තේ හරි පැත්ත. හමුදාවේ යුද අපරාධ කරපු කිහිපදෙනෙක් ඉන්නවා. නැත්තෙ නෑ.. සාක්ෂි හමුවෙලා තියෙනවනේ. ඒ අයව අත් අඩංගුවට අරගෙන හමුදාවේ ගෞරවය රකින්න ඕනෑ (බ)
මුන් හිතාගන ඉන්නව ඇත්තේ ලංකාව කියන්නේ මුන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ කියල වෙන්න ඇති හිගන නඩේ (බ)
එක දවසක්වත් දෙන්න ඕනෑ නැහැ. මේ වගේ සුළු දෙයක් හින්දා ඉන්දියාව තරහා වෙනවා නම් එහෙම අයගෙන් ඇති වැඩේ මොකද්ද? තරහාවෙන එකමයි හොඳ. ණය දෙන්නෙ ගිනිපොළියට. අනික යුධ අපරාධ ප්රශ්නෙදිවත් අපේ පැත්තට කතා කළේ නැහැනෙ. තව ටික කලකින් ලංකාවට තිබෙන දූපත් එකින් එක ඉල්ලන්න ගනී අපිට ඉඩ මදි කියලා. (නි)
සෙනරත් ඔබ කිවුව හරි අල්ලපු ගෙදර අය තරහ කර ගන්න හොද නෑ. ඒ නිසා මමත් ඉන්නේ අල්ලපු ගෙදර මට පුළුවන් නම් ඔයාගේ බිරිය, හරි නංගි, අක්කා හරි එවනවද මගේ කාමරේට නැත්නම් මම තරහ වෙයි (බ)
මේ නාමල් නමින් ලියලා තියෙන කෙනා ඕනෑවට වැඩිය හින්දි චිත්‍රපටි බලන කෙනෙක වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔලුව ගලක වැදිලා... (නි)
සෙනරත් මෙහෙම කියන්නේ එයා අල්ලපු ගෙදර අයට ඕනේ උනාම ගෙදර ඉන්න අයවත් දීල බලා ඉඑන්නවද දන්නෑ අල්ලපු ගෙදර අය තරහ කරගෙන හොඳ නැහැනේ. ඔන්න ඔහේ දීලා දාමු. කියල අනේ මෙහෙමත් (බ)
මේවා සාකච්ජා මාර්ගයෙන් විසඳා ගතයුතු ප්‍රශ්න.. අපිට ඉන්දියාව වගේ ප්රජාතන්ත්රවාදී රටවල් නැතිව බෑ.. මතකනේ චීනා පහුගිය කාලේ අපිව හිරකරපු අය උගුල.. ඒ දූෂිත පාලනය නිමා කරන්න ඉන්දියාව අපිට උදව් කළ එක අමතක කරන්න බෑ (බ)
මේක හරියට තමන් ගෙදර ඉන්න වෙලාවට තමන්ගේ ගෑනිගේ රහ බලන්න දෙනවා වගේනේ!!!! මේ වගේ දේවල් මෙයාල ඉල්ලන්නේ අපේ මිනිස්සු මෙයාල කියන හැම දේම අහන නිසා. (ස)
සම්ප්‍රදායික අයිතියක් තියනවා කියල ලංකාව් කෑල්ලකුත් ඉල්ලන්න උඩගෙඩි දුන්නේ කාලයක්... මේ ඉල්ලන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන තුනක මත්ස්‍ය සම්පතක්. මේ බෝට්ටු වලින් තමයි ලංකාවට හොර බඩු එන්නෙත්. බෝට්ටු අයිති තමිල්නාඩුවේ දේශපාලකයන්ට. බය නැතුව එන්නේ ඊළගට නිදහස් කරනවා කියල දන්නා නිසා. (බ)
අල්ලපු ගෙදර අය තරහ කරගෙන හොඳ නැහැනේ. ඔන්න ඔහේ දීලා දාමු. (නි)