මේ සියවස අවසන්වන විට ලෝකයේ ජනගහණය බිලියන 12.3ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු දත්ත විශ්ලේෂණයෙන් පෙන්වාදෙයි. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් මේ සම්බන්ධ අදසහස් දක්වා ඇත. ඔවුන් පවසන්නේ වසර 2050 දී බිලියන 9.6ක් වන ලෝක ජනගහනය 2100 දී බිලියන 12.3 දක්වා ඉහළ යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝකයේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරනයත් සමග ජනගහන වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ (නදී)
මේ පෘථිවිය මත ඇති ජලය වාතය භූ වපසරිය වැනි ස්වාභාවික සම්පත් ප්‍රමාණය අනුව ජීවත් විය හැකි මිනිසුන්ගේ සංඛ්‍යාව වන්නේ 1900 පමණ මිහිපිට සිටි ජනගහණයයි. එකල සවාභාවික සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය යලි එම සම්පත් ස්වභාවිකව ගොඩනැගෙන වේගයට ආසන්න වශයෙන් සමානව තිබුනා. 1950 පමණ වනවිට මේ සමතුලනය බිඳෙන ලකුණු පහල වුනා. එතැන්සිට පරිසර වෙනස්වීමේ පැහැදිලි ලක්ෂණ පෙන්නුම් කරන බව විද්‍යාඥ මතයයි. මිහිමත ඕනෑම ජීවීන් වර්ගයක් එම පරිසරයේ උපරිම ධාරිතාව ඉක්මවා වර්ධනය වූ විට ස්වාභාවිකවම විනාශ කිරීමේ හැකියාවක් ස්වභාව ධර්මයට තියෙනවා. එබැවින් අප මේ ගමන් කරන්නේ විනාශයේ දිසාවට බව පැහැදිලියි. (දී)
ලෝක ජනගහනය වැඩි වෙනවා භුමිය අඩු වෙනවා (දී)
එන්න එන්නම මේ ප්රශ්නය උග්‍ර වෙනවා (දී)
අපි මුහුදට යා යුතු කාලය එළඹෙමින් ඇත. සාගර ජීවිතයක් සඳහා "ඇක්වා අර්කිටෙක්චේර්" නමින් ජලය පදනම් කරගත් වාස්තු විද්‍යාවක් පර්යේෂණ මට්ටමින් ආරම්භ වී ඇත. වඩදිය බාදිය , රළපහර හමුවේ තම උස වෙනස්කරගන්න සමත් නවීන තාක්ෂණික ගොඩනැගිලි සාගරයේ ඉදිකිරීම ගැන පරීක්ෂණ අත්හදා බැලීම් සහ උපකල්පන නිර්මාණය වෙමින් පවතී. අපේ රටේ ගෙයක් සදගන්න ගිය්විට සුදුසුකම් ලත් වාස්තුවේදියෙකුගේ සේවය ලබාගෙන තම අතේ ඇති මුදලට නිමකළ හැකි ඉහළම නිර්මාණය කරගැනීමට සිතන්නේ 1% කටත් වඩා අඩු පිරිසකි. නමුත් 98% ක් ම ජෝතිර්වේදය පසුපස දුවමින් ගොඩනැගිල්ලේ දෝෂ හොයනවා පමණි (නි)
විනාඩියකදි කීදෙනෙක් ඉපදෙනවාද