රුසියාවේ ඒ 321 ගුවන් යානය සෙනසුරාදා කඩා වැටීමෙන් මියගිය මගීන් 224 දෙනා සිහිපත් කරමින් අද (1) ශෝක දිනයක් ලෙස ප්රකාශ කර ඇතැයි රුසියා රජය කියයි.
ඊජිප්තුවේ ෂාම් අල් ෂෙයික් සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට ගමන් ගත් යානය නැගෙනහිර සිනායි ප්රදේශයේදී කඩා වැටීමෙන් කුඩා දරුවන් 17 දෙනකු ඇතුළුව එහි ගමන් කළ සියලු මගීහු මරණයට පත්වූහ.
යානය කඩා වැටීමට හේතුව කාර්මික දෝෂයක් බව රුසියාව ප්රකාශ කරන අතර අයිඑස්අයිඑස් සටන්කාමීන් ප්රකාශ කර ඇත්තේ තමන් එම යානය බිම දැමීමට ප්රහාරයක් එල්ල කළ බවයි. නමුත් රුසියාව එය ප්රතික්ෂේප කරයි.
යානයේ කළු පෙට්ටි දෙකම සොයාගත් බව ඊජිප්තුව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙහෙමත් විනාශයක්! (නි)
කෑවා මදිද දන්නෑ අයිඑස්අයිඑස් ලාට මුන්ගේ කටේ සැර තාම අඩුවෙලා නැහැ (බ)
මගේ දැනීමේ හැටියට නම් මෙය ත්රස්තවාදී ප්රහාරයක් නොවේ. මෙම ගුවන් යානය පොළොවට පතිත වී ඇත්තේ සිරස්වය. ත්රස්ත ප්රහාරයකදී යානය උඩුගුවනේදී කැබලිවී කොටස් විශාල භූමි ප්රමාණයක පතිත වනවා. ගුවන්යානයක් නාසය ඉහල පහල දමන්නේ 'එලිවේටර්ස්' හෙවත් පිටුපසම ඇති කුඩා තිරස් තටු දෙක මගිනි. යම් කාර්මික දෝෂයකදී මෙම තටු පාලනයෙන් තොර වූ විට නාසය අප්රමාණව පහත්වී යානය පාලනයකින් තොරව පොලවට පතිත වනවා (බ)
මෙම අනතුරින් මිය ගිය අයගේ පවුල්වල සෑම දෙනාටම මාගේ හදවතින් එන ශෝකය ප්රකාශ කරමි , මිය ගිය අයට නිවන් සුව ලේබෙවා , දෙව් මව් තුරුලේ සැතපේවා කියා ප්රාර්ථනා කරමි ....(රේ)
ගුවන් අනතුරෙන් මියගිය පවුල් වල සියළුම දෙනාට බලවත් ශෝකය ප්රකාශ කරන ගමන් මතුවට මෙවන් විපත් අසන්නට, දකින්නට නොලැබේවායි පතමි.....! (අ)
අපිටත් හරිම දුකයි (නි)
මොනවා වුණත් අහිංසක ජීවිතයි අන්තිමේදී බිලිවුණේ (නි)
මතු සසරේ මෙවන් දුකක් නොවේවා! (නි)
ජිවතය අනිත්යයි, මරණය නියතය, එය කෙසේ හෝ කොහේ හෝ කිසියම් විදියට වෙනවා, අනතුරින් මිය ගිය සියලුම දෙනාට නිවන් මෝක්ෂ සුව ලැබේවා පතමි.! (ර)
මෙය රුසියාවට අනතුරු ඇඟවීමක් විය හැක. (නි)
අවාසනාවන්ත සිදුවීමක පෙරනිමිති විය හැක (නි)