රුසියානු එම්-28 හෙලිකොප්ටර් යානයක් සිරියාවේ හෝම්ස් නගරයේදී අනතුරකට ලක්වව ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුරෙන් යානයේ ගමන්ගත් දෙදෙනාම මිය ගොස් තිබේ.
මෙය සතුරු ප්‍රහාරයක් නිසා සිදු වුවක් නොවන බව මොස්කව් ආරංචි මාර්ග සදහන් කරයි.
එමෙන්ම අනතුරට හේතුව සොයා මේ වන විට පරීක්ෂණ සිදු කරන බවට සදහන් වේ.
පසු ගිය සතියේදී අලෙප්පෝ නගරය අසල දී සිරියා ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබූ අතර අතර එහි ගුවන් නියමුවා අතුරුදහන් විය .කෙසේ වෙතත් මෙම අනතුර එවන් වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වී නොමැති බවත් මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුවන් දෙදෙනාම මෙයිමිම් වල පිහිටි රුසියා ගුවන් කදවුරට භාර දී ඇති බවත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු වාහන, පාලම්, රේඩාර් සහ යුද ගුවන්යානා වල ඇත්තේ බාල තත්ත්ව සහ තාක්ෂණයයි. ඒ නිසා රුසියානු තාක්ෂණය උපයෝගී කරගැනීම අවම කළයුතුය. (නි)
රුසියානු යානා අවතක්සේරු කරන්න එපා. ලස්සන නැතිවුණත් කල්පවතින තාක්ෂණය තිබෙනවා (නි)
චීන ඒවා හොඳ ඇති (නි)
අචිර රුසියානු නිෂ්පාදන පාවිච්චි කරපු කෙනෙක් වාගේ. එහෙත් ඔහු දන්නේ නැහැ රුසියානු නිෂ්පාදන වල සහය නිෂ්පාදන ඇමරිකාවත් යුරෝපයත් දෙකම පාවිච්චි කරන බව. විශේෂයෙන් උඩු ගුවන් රොකට් සහ උඩු ගුවනේ තනා තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ නැවතුම පොළත්, තවමත් ඇමරිකානුවන් සහ යුරෝපියන් උඩු ගුවනට යන්නෙත් එන්නෙත් රුසියානු සෝයුස් කියන රොකට් වලින් බව. රුසියානු විරෝධය නිසා ඔබට රුසියානුවන්ගේ හපන්කම පෙනෙන්නේ නැහැ වගේ (නි)
රුසියානු තාක්ෂණය බාලයි කියනවා නම් ඇමෙරිකාවට තාක්ෂණයක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. (නි)